පුංචි ගොළුබෙල්ලා ඉබ්බට කරනදේ බලන්න
ඉන්දුනීසියාවේ ජකර්ථා වල ඉන්න ආධුනික ඡායාරූප ශිල්පියෙක් විසින් ඉබ්බෙකුගේ සහ ගොළුබෙල්ලෙකුගේ ඇදහිය නොහැකි අපූරු දසුනක් ඡායාරූපයකට ලක්කරගෙන තියනවා.
විවේක සුවයෙන් ඉන්න ඉබ්බා වෙතට පිටුපසින් නැගී
මේ ගොළුබෙල්ලා ක්‍රමයෙන් පිටකට්ට උඩට ඇවිල්ල තියනවා.
පුදුමය කියන්නේ,
සරල රේඛාවක් ඔස්සේ
ඉබ්බාපිට නැඟි මේ ගොළුබෙල්ලා
අවසානයේ මේ ඉබ්බාගේ හිසමත ඉන්නා ආකාරය ඡායාරූපයට ගතහැකි වීමයි.
විදෙස් මාධ්‍ය තවදුරටත් සඳහන් කරන්නේ ආධුනික ඡායාරූප ශිල්පියෙක් විසින් මෙවැනි ඡායාරූපයක් ගැනීම පුදුමයට කරුණක් බවයි.