ලෝක ප්‍රසිද්ධ Google ආයතනය Huawei ජංගම දුරකථන වෙනුවෙන් ලබාදෙන තම සේවා යාවත්කාලීන කිරීම නතරකරන බව දැනුම් දී තිබෙනවා .
මේ සම්බන්ධයෙන් Huawei ආයතනය ප්‍රතිචාර දක්වා ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.
“Hongmeng” නමින් ඔවුන්ගේ නවතම මෙහෙයුම් පද්ධතිය වෙළඳපොළට නිකුත් කිරීමට ඔවුන් සූදානම් බව සිය වෙබ් අඩවිය හරහා huawei සමාගම ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එහිදී ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ, 2012 වසරේ සිට මේ සම්බන්දයෙන් සිදුකල පරීක්ෂණයන් සාර්ථක වීම හේතුවෙන් එම නවතම මෙහෙයුම් පද්ධතිය නුදුරේදීම වෙළඳ පලට නිකුත් කිරීමට සුදනම් බවයි .