අන්ධ සීයාගේ බැංකු කාඞ්පතෙන් අසූපන්දහසකට විද්ද මිණිබිරිය හා පෙම්වතා
Monday, 20 May 2019 - 8:09 | Views - 547
හැත්තෑ හැවිරිදි අන්ධ සීයාගේ බැංකු ඒ. ටී. එම්. කාඞ්පත සොරකම් කර බැංකුවේ තිබූ රුපියල් 85,000 ක් සොරකම් කළ 14 හැවිරිදි මිනිබිරියක් හා ඇයගේ 19 හැවිරිදි පෙම්වතා ඉකුත් 15 දා අත්අඩංගුවට ගන්නා ලදැයි හි`ගුරක්ගොඩ පොලිසිය පවසයි.
හැත්තෑ හැවිරිදි පුද්ගලයාගේ පුතෙකු යුද හමුදාවේ සේවය කරමින් සිටියදී මියගොස් ඇති අතර ඔහුගේ වැටුප තම පියාගේ බැංකු ගිණුම වෙත එවා ඇත.
ඉකුත් අපේ‍්‍රල් 28, 29 දෙදින සොරකම් කළ බැංකු ඒ. ටී. එම්. කාඞ්පතින් දැරියගේ පෙම්වතා මුදල් ලබාගෙන ඇති අතර ලබාගත් මුදලින් රුපියල් 35,000 ක් දැරියට ලබාදී ඉතිරිය පෙම්වතා ළ`ග තබාගෙන ඇත. සිද්ධිය පිළිබඳව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ බී.බී.පී. 317 කල්පත පදිංචි දැරියක හා තරුණයෙකි.
හි`ගුරක්ගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිහාල් බණ්ඩාර, උප පොලිස් පරීක්ෂක ෂෙහාන්, උප පොලිස් පරීක්ෂක යහලේවත්ත, සැරයන් ජයසිංහ (26118) යන නිලධාරීන් විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.
Share This Article