මේ ලෝකේ ඉන්න හොඳම පුද්ගලයෝ දෙන්නා ඉන්නේ මට
Sunday, 19 May 2019 - 13:16 | Views - 934
තව මාසයක් විතර යද්දි එයා හුඟක් වෙනස් වෙයි...
 
කවුද දන්නේ කවුරු වගේ වෙයිද කියලා...?
 
දැනටමත් එයාගේ මුහුණේ පුංචි පුංචි කෙස් ගස් වැවිලා...
 
බ්‍රිතාන්‍ය රජ පෙළපතට තවත් අලුත් සාමාජිකයෙක් එක්වූයේ ඉකුත් මැයි 06 වැනිදාය. බි්‍රතාන්‍ය රජ කිරුළේ හත්වැනි උරුමකරු ලෙස සැලකෙන "ආචි හැරිසන් මවුන්ට් බැටන් - වින්ඩ්සර්" කුලුඳුලේම හැරී හා මේගන් යුවළට මවුපිය පදවි දායාද කළේ බ්‍රිතාන්‍ය වැසියන්ට මෙන්ම ඇමෙරිකානු වැසියන්ටද සතුට රැගෙන එමිනි.
 
බ්‍රිතාන්‍ය රජ පවුලට අලුතින් එක්වුණු සාමාජිකයා මුල්වරට ලොවට නිරාවරණය කෙරුණේ වින්ඩ්සර් මන්දිරයේය. එක් වාර්තාකරුවකු එක් ඡායාරූප ශිල්පියකු, කැමරාකරුවන් තිදෙනකු පෞද්ගලික ඡායාරූප ශිල්පියකු හා මන්දිරයේ නිල මාධ්‍ය ඡායාරූප ශිල්පියකු ඇතුළු කිහිපදෙනකුට මේ අවස්ථාව සීමා වී තිබිණි.

තිස්හත් වියැති මේගන් Grace Wales bonner නිම කළ ක්‍රීම් පැහැති කෙටි ගවුමකින් හා manolo Blahnik නිර්මාණය කළ අඩි උස පාවහන් යුගලකින් සැරසී සිටියාය. GH Hort & Son සමාගම නිර්මාණය කළ බැටළු ලොම්වලින් සැකසූ සුදු පැහැති බ්ලැන්කටයකින් සුව පහසු ලෙස ඔතාගත් අලුත උපන් බිළිඳා අතදරාගත් හැරී හැඳ සිටියේ ළා අළු පැහැති ඇඳුමකි.
 
හැරී සහ මේගන් යුවළ තම පුතුට යෙදූ නම කිසිවකුත් බලාපොරොත්තු නොවූ ආකාරයේ නමක් බවයි කියැවෙන්නේ. “ආවි” යන නාමය බ්‍රිතාන්‍ය රජ පවුල හා එතරම් රාජකීය අදහසක් නොපෙන්වන බව සමහරුන්ගේ අදහසයි. “හැරිසන්” යන්න රාජකීය පවුල සඳහා එක්වන අලුත්ම නාමයක් බව කියැවේ. හැරිසන් යන්න ඇමෙරිකානු හුරුවට කියැවෙන නාමයක් ලෙස සැලකුනත් “ආවි” යන නම බ්‍රිතාන්‍යයටත් වඩා ඇමෙරිකාවේ ජනප්‍රිය නාමයක් සේ ගැනේ. අව්‍යාජ, නිර්භීත යන්න ඉන් අරුත් ගැන්වේ.
 
රජ පවුලේ අන් අයගේ නම්වලට වඩා “ආචි” යන නම ජනප්‍රිය වෙතැයි බොහෝ දෙනා මත පළ කරති. හැරී සහ මේගන්ගේ ආදරයේ ජීවමාන සංකේතය වූ “ආචි” මෙලොව උපත ලැබුවේ ඉකුත් 6 වැනිදා එරට වේලාවෙන් උදෑසන 5.26ට පමණය. මේගන් සිය මන්දිරයේදී දරු ප්‍රසූතිය සිදුකළ බව පැවසුණද ඇය ලන්ඩනයේ පෝට්ලන්ඩ් රෝහලේදී දරු ප්‍රසූතිය සිදුකළ බව කියැවේ. රාජකීය පවුලට එක්වුණු අලුත් බිළිඳාගේ සුවිශේෂීත්වය වනුයේ ජාතීන් දෙක සම්මිශ්‍රණයෙන් බිහිවුණු පළමු රාජකීයයා ආචි වන නිසාය.
 
රජ පවුලට අලුතින් එක්වුණු ආචි රජ කිරුළේ හත් වැනි උරුමකරු වුවත් 'කුමරා' යන්න භාවිත කිරීමේ අයිතිය ඔහු වෙතින් ගිලිහී ගොස් ඇත්තේ එයට රජ පවුලේ එක්තරා සම්ප්‍රදායක් හරස් වීම නිසාය. ආචිට හැරී කුමරුගේ දෙවැනි නම්බු නාමයක් වන 'Earl of Dumbarton' යන්න භාවිත කළ හැකි වුවත් එය තම පුත් කුමරුට භාවිත නොකිරීමට හැරී - මේගන් යුවළ තීරණය කොට තිබේ.
 
“ඒක මැජික් එකක්. හරිම ආස්වාදනීයයි. මේ ලෝකේ ඉන්න හොඳම පුද්ගලයෝ දෙන්නා ඉන්නේ මට. ඉතින් මම ඇත්තටම සතුටින්.”
 
වින්ඩ්සර් මන්දිරයේදී පුංචි ආචි එක්ක ප්‍රසිද්ධියේ පෙනී සිටීමේ මොහොතෙදී මේගන් එහෙම කියලා තිබුණේ හිනහා වෙවී. “ඔහු ඇත්තටම හරිම සන්සුන්” මේගන් හැරී දිහා බලද්දි “මම දන්නේ නැහැ එයා කාගෙන් ඒ දේ ගත්තද කියා පවසමින්” මහ හයියෙන් දෙන්නත් එක්ක හිනා වෙලා තිබුණා.
 
හරිම සැහැල්ලුවෙන් මේ දෙන්නා මාධ්‍ය ඉදිරියේ පෙනී සිටියදී පුංචි ආචි හිටියේ සුව නින්දක. සුදු පාට බ්ලැන්කට් එකක් ඇතුළට වෙලා ආචි නිදාගනිද්දි එතැන හිටිය මාධ්‍යවේදීන් විමසලා තිබුණේ පුංචි ආචි කවුරු වගේද කියලයි.
 
“හැමෝම කියනවා ඉපදිලා සති දෙකක් යද්දි පුංචි බබාලා හුඟක් වෙනස් වෙනවා කියලා. තව මාසයක් විතර යද්දි එයා හුඟක් වෙනස් වෙයි. දවස ගාණෙම එයා වෙනස් වෙනවා. කවුද දන්නේ කවුරු වගේ වෙයිද කියලා.”
 
හැරී එහෙම කියලා පුංචි ආචිගේ මුහුණ කැමරාවලට තවත් නිරාවරණය කරමින් හිනාවෙලා තිබුණා.“දැනටමත් එයාගේ මුහුණේ පුංචි පුංචි කෙස් ගස් වැවිලා.” හැරී ඒ අතරේ ඔය වගේ පුංචි විහිළුවකුත් කරලා.
 
ආචිගේ නම හරිම අහම්බයක්. රජ පවුලේ ඉපදෙන අලුත් කුමාරයට ඇලෙක්සැන්ඩර්, ආතර්, ඇල්බර්ට්, එඩ්වර්ඩ්, පිලිප් වගේ නමක් තෝර ගනී කියලා හිතුවත් ඒ නම් සියල්ල අලුත මවුපිය පදවි ලැබූ රාජකීය යුවළ කපා හැරලා තිබුණා. “සාම්ප්‍රදායික නමකටත් වඩා එයාලා ආදරේ කරන නමක් තෝරාගෙන තිබුණා.”
 
CNN සේවයේ රාජකීය පවුලේ වාර්තාකරු කියලා තිබුණේ ඒ විදියට.
 
රජ පවුලේ අලුත් බිළිදා මාධ්‍යයට නිරාවරණය කරලා පැය කිහිපයක් ගත වෙද්දි ඔහුගේ නම ප්‍රකාශයට පත්කෙරුණේ නිල ඉන්ස්ටර්ග්‍රෑම් අඩවිය හරහා. ඒ ආචි හැරිසන් මවුන්ට්බැටන් වින්ඩ්සර් යන්නය. හැරීට පිරිනැමුණු නම්බු නාමවලින් එකක් පුංචි ආචිට නිතැතින්ම හිමි වුණත් මේ යුවළ ඒ කිසිවක් අලුත උපන් බිළිදාට නොදෙන්න තීරණය කර තිබුණත් කවදාහරි චාල්ස් කුමරුට සිංහාසනය හිමි වූ දිනෙක පුංචි ආචිට රජකුමරකුගේ ගෞරව නාමය නිතැතින්ම හිමිවෙනවා.
 
පුංචි ආචිව බලන්න මුලින් ඇවිත් තිබුණේ අනුතුන් වියැති මිත්තණිය සහ මුත්තණුවන්. එළිසබෙත් මහ රැජන හා එඩින්බරෝ ආදිපාදවරයා එයාලගේ අටවැනි මී මුනුපුරා මුලින්ම මුණගැහිලා තිබුණේ වින්ඩ්සර් මන්දිරයේදී. මේ අවස්ථාවට මේගන්ගේ අම්මා ඩෝරියාත් එක්වෙලා තිබුණා.
 
ආචිගේ අනිත් සහෝදරයන්ට වඩා ආචිගේ උපත් බර අඩු අගයක් පැවැතුණ බව හෙළිවෙනවා. 2018 ජුලි මාසයේදී ඉපදුණු ජෝර්ජ් කුමාරයාගේ උපත් බර සටහන් වුණේ කිලෝ ග්‍රෑම් 3.8ක් ලෙස. 2015 මැයි මාසයේදී වයලට් කුමරිය ඉපදුණේ කිලෝග්‍රෑම් 3.7ක බරක් සහිතව. ගිය අවුරුද්දේ අප්‍රේල් මාසයේදී ඉපදුණු ලුවිස් කුමාරයා කිලෝ ග්‍රෑම් 3.8ක බරකින් ඉපදිලා. නමුත් ආචිගේ උපත් බර සටහන් වෙලා තියෙන්නේ කිලෝග්‍රෑම් 3.2ක් ලෙස.
 
මේගන් කියන්නේ රාජකීය පවුලට එක්වුණු ඇමෙරිකානු - අප්‍රිකානු සම්භවයක් සහිත අයෙක්.
 
අලුත උපන් බිළිඳා මිශ්‍ර සම්භවයකට උරුමකම් කියන අමෙරිකානු මවකටත් - බ්‍රිතාන්‍ය පියකුටත් දාව උපන් නිසා ද්විත්ව පුරවැසිභාවයක් වුවත් දැරිය හැකියි කියලා වාර්තා පළ වෙනවා.
 
එළිසබෙත් මහ රැජනගේ අටවැනි මී මුනුපුරා ලෙස ආචි හැඳින්වුවත් ඩෝරියාගේ (මේගන්ගේ මව) පළමු වැනි මුනුපුරා පුංචි ආචි නිසා ඇය බොහෝම සතුටින් සහ ආඩම්බරයෙන් මේ දිනවල කල් ගෙවනවා කියලා වාර්තා පළ වෙනවා.
 
- සවනි ශේශාධි
'මව්බිම'
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව ඝර්ම කලාපයට අයත් රටකි. මේ ඝර්ම...
Hiru Tv Blog
ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (STIs) සහ HIV සම්ප්‍රේෂණය...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ, පැණි රස කෑම ගැන, ඔබත් පැණිරස...
Hiru Tv Blog
කරවිල කිව්ව ගමන් ඉතින් අපිට මතක් වෙන්නේ...
Hiru Tv Blog
උදේ ඉදලා රෑ වෙනතෙක් මහන්සි වෙලා කවුරු කවුරුත්...
Hiru Tv Blog
යුරේනි අපි හැමෝම ආදරය කරන ජනප්‍රියම නිළියක්.ඇයට ප්‍රේක්ෂකයන්ගේ ආදරේ අඩුවක්...
Hiru Tv Blog
පාලිත තෙවරප්පෙරුම හැමෝම ආදරය කරපු චරිතයක්.ඒත් අවාසනාවන්ත විදියට විදුලි සැර...
Hiru Tv Blog
බලන්නකෝ මේ පුංචි පවුල අලුත් අවුරුද්ද පිළිගෙන තිබුණ හැටි..  එයාලා ඇත්තටම ගොඩක්...
Hiru Tv Blog
මේ වසරේ පළමු සූර්යග්‍රහණය ඊයේ(08) දිස්වුණ අයුරු මේ ආකාරයෙන් සටහන් වෙලා තිබුණා.....
Hiru Tv Blog
"යක්ෂයාගේ වල්ගා තරුව" හෙවත් 12P/පොන්ස්-බෲක්ස් යනුවෙන් හඳුන්වන වල්ගා තරුව වසර 71කට...
Hiru Tv Blog
විශ්වයේ උපත සිදුවූ ආකාරය පිළිබඳව විද්‍යාඥයන් අතර විවිධ වූ මතවාද පවතින බව ඔබ...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Hiru Tv Blog
Friday, 19 January 2024
Hiru Tv Blog 640 Views
Top