ලොව පුරා සංචාරකයන් බොහෝ දෙනාගේ ආකර්ෂණය දිනාගත්ත සිංගපූරුවේ Madame Tussauds කෞතුකාගාරය ඔන්න මේ පාර තවත් විශේෂ කෙනෙක්ගේ ඉටි රුවක් නිර්මාණය කරලා තිබෙනවා.
මේ වෙන කාගෙවත් නෙමෙයි ජනප්රිය බොලිවුඩ් නළු ෂහිඩ් කපූර්ගේ. බැලූ බැල්මට ෂහිඩ් ගේ කඩවසම් පෙනුමට අතිශයින්ම සමාන මේ අපූරු ඉටි රුව විවෘත කරන්න ෂහිඩ් තමන්ගේ ආදරණිය බිරිඳ මීරා රාජ්පුත් එක්ක ඔන්න පහුගිය දවසක සිංගප්පූරුවට ගොස් තිබුණා.
කොහොමහරි තමන්ගේ රූපේ තියන මේ ඉටි රුව එක්ක ගත්ත ඡායාරූප කිහිපයක් තමන්ගේ ඉන්ස්ටර්ග්රෑම් ගිණුමට එකතු කරන්නත් ෂහිඩ් අමතක කරලා තිබුනේ නෑ.