ත්‍රස්තවාදය ලොවින් තුරන් කිරිමට සියලු රාජ්‍යයන් අත්වැල් බැඳ ගත යුතුයි
Wednesday, 15 May 2019 - 16:03 | Views - 462
ආගමික අන්තවාදයෙන් බිහිවන අන්තවාදී ත‍්‍රස්තවාදය ඇතුළු ජාත්‍යන්තර ත‍්‍රස්තවාදය සම්පූර්ණයෙන් අතුගා දැමීමට සියලූ රාජ්‍යයන් මිත‍්‍රශීලීව අත්වැල් බැඳගත යුතු බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා  මේ බව ප‍්‍රකාශ කළේ අද (15)  පෙරවරුවේ චීනයේ බීජිං නුවර දී ආරම්භ කෙරුණු ,ආසියානු ශිෂ්ටාචාර පිළිබඳ  ජාත්‍යන්තර සමුළුව  අමතමිනි.

ප‍්‍රථම වරට සංවිධානය කෙරුණු මෙම සමුළුවට  චීන ජනාධිපති ෂි ජින් පින්  මහතාගේ  ප‍්‍රධානත්වයෙන් අද පෙරවරුවේ බීජිං නුවර දී ආරම්භ කෙරුණු අතර එහි විශේෂ ආරාධිතයෙකු ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා  ද එක් විය.

රටවල් 47ක රාජ්‍ය නායකයන් ඇතුළු  නියෝජිතයන් දෙදහසකට වැඩි පිරිසක් සමුළුවට එක් ව සිටින අතර ගෝලීය අභියෝග රැසකට  මුහුණ දෙන මානව සංහතියේ පැවැත්ම උදෙසා ලෝක ජනතාව අතර අන්‍යෝන්‍ය විශ්වාසය සහ ගෞරවය සුරැකිමේ  අරමුණ ඇතිව ආසියානු ශිෂ්ටාචාර පිළිබඳ  දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගැනීම සහ දැනුවත් කිරීම මෙම සමුළුවේ දී සිදු කෙරේ. සමුළුව අපේ‍්‍රල් 22 වනදා දක්වා බීජිං නුවර දී පැවැත්වේ.

සමුළුව ඇමතූ ජනාධිපතිතුමා යෝජනා කර සිටියේ ආසියාතික ශිෂ්ටාචාරය පිළිබඳ කතා කරන මෙම සමුළුවෙන් නැගෙන හඩ සහ චීන ජනාධිපති ෂි ජින්පින් මහතාගේ  නායකත්වයෙන් යුතුව මිත‍්‍රශීලී සංවිධානයක් ලෙස ඇතිවන එකමුතුව සහ එකඟතාව  ජාත්‍යන්තර ත‍්‍රස්තවාදයත්, ආගමික අන්තවාදී ත‍්‍රස්තවාදයත් පරාජය කිරීම සඳහා ශක්තියක් බවට පත්කරගත යුතු බවයි.

ශිෂ්ටාචාරයක් තවත් ශිෂ්ටාචාරයකින් යටපත් කළ නොහැකි අතර, ශිෂ්ටාචාරය සහ සංස්කෘතිය නීතියකින්, ව්‍යවස්ථාවක් හෝ ජාත්‍යන්තර නියෝගයකින් යටපත් කර තැබිය නොහැකි බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

කිසිදු රටකට, කිසිදු ජාතියකට හෝ කිසිදු ශිෂ්ටාචාරයකට මෙන්ම සංස්කෘතියකට තර්ජනයක් නොවන ලෙස නිදහසේ සහ සාමකාමීව කටයුතු කරන රටක් ලෙස ශ‍්‍රී ලංකාවේ ශිෂ්ටාචාරයට සහ සංස්කෘතියට නොපෙනෙන බලවේගවලින් එල්ලවන අභියෝගවල දි සෑමවිටම සියලූදෙනා එකාවන්ව අත්වැල් බැඳගැනීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.
Share This Article
Hiru Tv Blog
මුත්‍රා වල වර්ණය, ඔබ දන්නවා සාමාන්‍ය...
Hiru Tv Blog
නිය ආලේපන භාවිත කරන්නේ නියපොතුවල ආරක්ෂාවට...
Hiru Tv Blog
Thursday, 18 July 2019 - 10:35
Hiru Tv Blog 1,433 Views
ජලය අපේ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. රෝග...
Hiru Tv Blog
Thursday, 18 July 2019 - 10:15
Hiru Tv Blog 317 Views
අතීතයේ සිටම යුවතියන් සමේ පැහැය රැකගැනීමට...
Hiru Tv Blog
මවක් වන්නට සිටින අයකු කෑමට ගතයුතු ආහාර...
Hiru Tv Blog
"සමහර වෙලාවට හිතිලා තියෙනවා විවාහ වෙන්න හදිස්සි වුණාද කියලත්..""එයා එනකල් අපි...
Hiru Tv Blog
ලන්ඩනයේ පැවැති "ලයන් කිං"  සිනමා පටයේ මංගල දර්ශනය නැරඹීම සඳහා හැරී- මේගන් යුවල...
Hiru Tv Blog
ඇය තෙවැනි වතාවටත් අන්තර්ජාතික සම්මානයට පාත්‍රවූයේ ශ්‍රී ලාංකීය සිනමාවට ගෞරවයක්...
Hiru Tv Blog
Saturday, 06 July 2019
Hiru Tv Blog 1,264 Views
Hiru Tv Blog
පසුගියදා Facebook, Instagram, WhatsApp යන සමාජ මාධ්‍ය ජාලා හදිසියේම කඩාවැටීමකට ලක්වුණා. WhatsApp සහ...
Hiru Tv Blog
Android 4.0.3, IOS 8 හෝ KaiOS 2.5.1 මෙහෙයුම් පද්ධති වලින් ක්‍රියාත්මක වන ජංගම දුරකථන WhatsApp භාවිතය...
Hiru Tv Blog
මෝටර් රථ තාක්ෂනය ගැන කතා කරනකොට ලෝකයේ ප්‍රසිද්ධ මෝටර් රථ සමාගමක් වන Peugeot මෝටර්...
Top