දොර ඇරගෙන මම කළුවරේම කාමරේට ගියා- ලයිට් එක දානවත් එක්කම රංග පැනලා යන්න හැදුවා
Wednesday, 15 May 2019 - 14:25 | Views - 7,447
අනියම් සබඳතා සදාකාලික නැහැ. එහි කෙළවර ඇතැම් විට මහා ඛේදවාචකයක්. අනියම් පෙම් සබඳතා වල පැටලෙන අය ඒ ගැන සිතන්නේ ද නැහැ. ඇතැමුන් මේ සබඳතාවල ඇලී ගැලී සිටිමට ප්‍රිය කරන්නේ ලොවටම වසන් වෙමින් වුවත් ඒවා අවසානයේ රහසක් වන්නේත් නැහැ. මෙවැනි අසුන්දර පෙම් කතා නිමා වෙන්නේ බොහෝ විට ජිවිත වලිනුත් වන්දි ගෙවමින්.
 
බිරියක විසින් පවත්වාගෙන ගිය නොහොබිනා ඇසුරක් නිසා ඇගේ අනියම් සැමියාට ජිවිතයෙන් සමුගන්නට සිදුවූ එවන් පුවතක් පසුගියදා හොරණ ප්‍රදේශයෙන් වාර්තා වුණා.
 
පොලිස් පොතේ සටහන් වූ අන්දමට ඒ කතාව සම්පූර්ණයෙන් මෙසේ යි.

පසුගිය 5 වැනිදා රාත්‍රීයේ හොරණ නිලධාරින් කණ්ඩායමක් ජංගම මුර සේවයේ නිරතව සිටියේ සැකකටයුතු පුද්ගලයින් හා වාහන පිළිබඳ දැඩි අවධානයකිනුයි.
 
එසේ රාජකාරියේ යෙදුණු ඔවුන්ට හදිසි ඇමතුමක් ලැබුණා. ඒ හොරණ, ගුරුගොඩ, මල්බෙරිගම ප්‍රදේශයේ කිසියම් අපරාධයක් සිදුව ඇති බවටයි.
 
කරමින් සිටි රාජකාරිය අවසන් කළ ඔවුන් වහා මල්බෙරිගමට පැමිණියා.
 
නිලධාරින් එහි යන විටත් නිවසේ දොර ජනේල් වසා තිබූ අතර විදුලි පහන් දැල්වෙන නිසා පොලිසියට හැඟුණේ නිවැසියන් තවමත් අවදියෙන් සිටින බවයි.
 
එහි ඉදිරිපස දොරට තට්ටු කළත් දොර විවෘත නොකළ නිසා නිලධාරින් වහා නිවස වට කරනු ලැබුවා.
 
පිටුපස දොර විවර කර පලා යාමට තැත් කළ පුද්ගලයාට පොලීසියෙන් ගැලවීමක් ලැබුණේ නැහැ. අල්ලාගත් මේ පුද්ගලයා සමඟ පිටුපස දොරින් නිවෙසට ඇතුළු වූ නිලධාරින් දුටුවේ දොර අසළ කාන්තාවක් වැටී සිටින අයුරුයි. ඇය ඇඳ සිටි යට සාය පපුවතෙක් ඉස්සි තිබුණා.
 
ඇගේ දෙපා කහපාටට හුරු සාරි කෑල්ලකින් ගැට ගසා තිබුණා. විසිත්ත කාමරයේ රූපවාහිනිය අසළද පුද්ගලයෙකු වැටී සිටිනු දක්නට ලැබුණා. ඒ හා සමානම සාරියකින් ඔහුගේ දෑත් හා දෙපා ගැට ගසා තිබුණා.
 
ඔහු සිටියේ නිරුවතිනුයි. දෙදෙනාම සිහිය තිබූ බැවින් 1990 ගිලන්රථයට කතා කොට කඩිනමින් රෝහල් ගත කිරීමට පොලීසිය කටයුතු කළත් පිරිමි පුද්ගලයා රෝහලට රැගෙන යන විටත් මියගොස් සිටියා.
 
මේ සිද්ධිය පිළිබඳ පොලිස් විමර්ශන ඇරඹුණා. අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති අනිල් රණවීර අපරාධය සිදුවූ ස්ථානයට පැමිණ සිය ජ්‍යෙෂ්ඨ නිලධාරින් දැනුවත් කිරීමට කටයුතු කොට එම නිවස අපරාධ ස්ථානයක් ලෙස ආවරණය කළේ කිසිවෙකුටත් ඇතුළු විය නොහැකි පරිද්දෙන්.
 
සිද්ධියෙන් මිය ගොස් සිටියේ මීමනපලාන, දඹර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ රංග නැමැත්තෙක්. රංග අවුරුදු හතරක දියණියක් සිටින පියෙක්. වෘත්තියෙන් වඩු කාර්මිකයෙකු වූ රංග තම පාසැල් මිතුරෙක් වන යුරේෂ් සමඟ එකතුව ඔහුගේ වඩු වැඩවලට සහය වී කටයුතු කරන්නට වූයේ සෑහෙන කලක සිටයි.
 
දෙදෙනා ආසන්න ගම් දෙකක පදිංචිකරුවන් වීමත් පාසල් සමයේ පටන් දැන හඳුනා ගැනීමත් නිසා ඔවුන් දෙදෙනාගේ මිතුරුකම දළුලා වැඩුණා. අවුරු 4 අවු 11 යන වයස්වල පසුවෙන පුතුන් දෙදෙනෙකුගේ පියෙකු වන යුරේෂ්ගේ 33 හැවිරිදි බිරිය ඇගලුම් ආයතනයක රැකියාව කළා.
 
මුල් කාලයේ පුහුවල ප්‍රදේශයේ පදිංචිව සිටි යුරේෂ්ලා 'මල්බෙරිගම' නිවසට පැමිණ මාස 8කට වඩා ගත වී නැහැ.
 
යුරේෂ් හා රංග කෑවේ බීවෙත් ගමන් බිමන් ගියෙත් එකටයි. දුකේදී සැපේදී එකිනෙකාට උදව් උපකාර කර ගනිමින් ඔවුන් දෙදෙනා කටයුතු කළේ එක බඩවැල කඩා ආ සහෝදරයින් ලෙසයි. එහෙත් මේ මිතුරුකමට කණ කොකා හැඬුවේ කිසිවෙකුත් නොසිතූ පරිදියි. ඒ...... යුරේෂ්ගේ බිරිය, රංග සමඟ වැඩිපුර 'ඇයි' හොඳයියක්, ඇති කර ගැනීම නිසායි. බිරිය තමන්ට වඩා තම මිතුරා ගැන උනන්දු වීම පිළිබඳව යුරේෂ්ගේ සිතේ ඇති වූයේ ඉරිසියාවක්. එය වෛරයක් බවට පත් වීමට වැඩි කාලයක් ගත වූයේ නැහැ.
 
මේ පිළිබඳ දෙමිතුරන් අතර ඇති වූ නොහොඳ නෝක්කාඩු පොලිස් පොතේ සටහන් වෙන තැනට ද කරුණු කාරණාද යෙදුණා. ඒවා සමාදාන කොට ඔවුන්ට අවවාද කර පොලීසිය ප්‍රශ්න නිරාකරණ කළත් 'අළුයටගිනි' මෙන් නැවත නැවත එම ආරවුල් ඇවිලී ගියේ තිදෙනාටම නොයෙකුත් ප්‍රශ්න ඇති කරමිනුයි.
 
එතැන් සිට මේ කතාව යුරේෂ් කියන්නේ මෙසේ යි.
 
"මගේ හොඳම යාළුවා තමයි රංග. මගේ ගෑනිත් එක්ක රංගගේ සම්බන්ධයක් තියෙනවා කියලා මට තේරුණා. මම මේ ගැන දෙන්නගෙන්ම ඇහුවා. මේක නතර කරන්න කියලා මම දෙන්නටම ගහලත් තියෙනවා. පොලීසියේ පැමිණිලිත් දැම්මා. පොලීසිය අවවාද කළාට පස්සෙ ගෑණි කිව්වා ඒ සම්බන්ධය නතර කළා කියලා. ඒ වුණාට මට මේ ගැන සැක හිතුණා.."
 
"මම හොරෙන්ම දොරට යතුරක් හදාගෙන මගේ ළඟ තියාගත්තා. එදා පුහුවල 'මිතුරු සංසදයේ' රැස්වීමක් තිබුණා. ඊට කලින් හමුදාවේ වැඩ කරන මගේ මල්ලි නිවාඩු ආවා. මම මල්ලිට කිව්වා ගේ ළඟ හැංඟිලා බලා ඉන්න, රංග ආවොත් මට මිස් කෝල් එකක් ගහන්න කියලා. මම බයිසිකලෙන් 'පහුවෙලා' ගියා..."
 
යුරේෂ් මිතුරු සංසදයේ රැස්වීමට යන්නේ බිරියට තමන් එදින නිවසට නොපැමිණෙන බව පවසමිනුයි. තම මහ ගෙවල් තිබෙන්නේ පුහුවල බැවින් 'සංසදයේ පාටිය' ඉවරවීමට රෑ වුණොත් නිවසට නෑවිත් මහගෙදර නවතින බව ඔහු බිරියට පවසන්නේ 'යටි අරමුණක්' ඇතිව බව ඇය දැන සිටියේ නැහැ.
 
මිතුරු හවුලේ පිරිස මත්පැන් පානය කරමින් විනෝද වෙද්දි යුරේෂ්ට මල්ලිගෙන් 'මිස්කෝල්' එකක් ලැබුණා. ඒ සමඟම මෝටර් සයිකලයට නැගගත් යුරේෂ් නිවසට හැරෙන පාර ළඟදී යතුරු පැදියේ එන්ජිම නතර කර එය තල්ලු කරගෙන නිවසට එන්නේ හොර ගල් අහුලමින්.
 
"මං ළඟ තිබුණු යතුරෙන් දොර ඇරගෙන මම කළුවරේම කාමරේට ගියා. රංගත් එක්ක ගෑනි ඇඳුම් නැතුව ඇඳ උඩ ඉන්නවා දැක්කා. ලයිට් එක දානවත් එක්කම රංග පැනලා යන්න හැදුවා. මම පැනලා ඌව අල්ල ගත්තා. දෙන්නත් එක්ක පොර බැදුවා. ගහගත්තා. උලුඅස්ස ළඟ හේත්තු කරලා තිබ්බ පුතාගේ ක්‍රිකට් බැට් එක මම අතට ගත්තා. රංග ගුටිකාගෙන වැටුණා. ගෑනිටත් ගැහුවා. ගහලා සාලෙට අරගෙන ඇවිල්ලා රංගගේ අත් දෙක පිටිපස්සට කරලා ගැට ගැහුවා. එතකොට ගෑනි පැනලා යන්න හැදුවා. මිදුලෙදී ගෑනිවත් අල්ලගෙන ඇවිත් කකුල් දෙක ගැට ගැහුවා..."
 
මෙම පහර දීමෙන් ක්‍රිකට් පිත්ත කැබලි කීපයකට කැඩී තිබූ අතර තවත් කැබලි වූ පොලු මුගුරු කෑලිද එම ස්ථානයේ තිබුණා. සාලයේ තිබී 'ශක්තිජනක පෙති වර්ගයක්' අඩංගු දවටනයක් හා පිහියක් ද පොලීසිය විසින් සොයා ගනු ලැබුවා.
 
හොරණ වැඩ බලන මහේස්ත්‍රාත් චන්දන විජේසූරිය මහතා ස්ථානිය පරීක්ෂණය සිදු කළ අතර පානදුර අපරාධ පරීක්ෂණාගාර නිලධාරින් එම ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කළා.
 
හොරණ මූලික රෝහලේදී පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී අධිකරණ වෛද්‍ය නිලධාරි ඩබ්. එම්. කේ. බී. විජේතුංග මහතා විවෘත තීන්දුවක් ලබා දෙමින් රංගගේ ශරීර කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා.
 
පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි විජේසේන, හොරණ පොලිස් අධිකාරි විජිත රණබාහු කරුණාකලගේ යන මහත්වරුන්ගේ අධික්ෂණය මත මෙහි පරීක්ෂණ කටයුතු සිදු කෙරුණා.
 
'විනීතා මානෙල් ගමගේ'

Share This Article
Hiru Tv Blog
මුත්‍රා වල වර්ණය, ඔබ දන්නවා සාමාන්‍ය...
Hiru Tv Blog
නිය ආලේපන භාවිත කරන්නේ නියපොතුවල ආරක්ෂාවට...
Hiru Tv Blog
Thursday, 18 July 2019 - 10:35
Hiru Tv Blog 1,436 Views
ජලය අපේ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. රෝග...
Hiru Tv Blog
Thursday, 18 July 2019 - 10:15
Hiru Tv Blog 317 Views
අතීතයේ සිටම යුවතියන් සමේ පැහැය රැකගැනීමට...
Hiru Tv Blog
මවක් වන්නට සිටින අයකු කෑමට ගතයුතු ආහාර...
Hiru Tv Blog
"සමහර වෙලාවට හිතිලා තියෙනවා විවාහ වෙන්න හදිස්සි වුණාද කියලත්..""එයා එනකල් අපි...
Hiru Tv Blog
ලන්ඩනයේ පැවැති "ලයන් කිං"  සිනමා පටයේ මංගල දර්ශනය නැරඹීම සඳහා හැරී- මේගන් යුවල...
Hiru Tv Blog
ඇය තෙවැනි වතාවටත් අන්තර්ජාතික සම්මානයට පාත්‍රවූයේ ශ්‍රී ලාංකීය සිනමාවට ගෞරවයක්...
Hiru Tv Blog
Saturday, 06 July 2019
Hiru Tv Blog 1,264 Views
Hiru Tv Blog
පසුගියදා Facebook, Instagram, WhatsApp යන සමාජ මාධ්‍ය ජාලා හදිසියේම කඩාවැටීමකට ලක්වුණා. WhatsApp සහ...
Hiru Tv Blog
Android 4.0.3, IOS 8 හෝ KaiOS 2.5.1 මෙහෙයුම් පද්ධති වලින් ක්‍රියාත්මක වන ජංගම දුරකථන WhatsApp භාවිතය...
Hiru Tv Blog
මෝටර් රථ තාක්ෂනය ගැන කතා කරනකොට ලෝකයේ ප්‍රසිද්ධ මෝටර් රථ සමාගමක් වන Peugeot මෝටර්...
Top