සොනාලි බෙන්ද්රේ මරණය අබියස
Tuesday, 14 May 2019 - 12:32 | Views - 10,342
‘‘හින්දි සිනමාව විතරක් නෙමෙයි දෙමළ, මරාති, කන්නඩා, තෙලි`ගු චිත‍්‍රපටි ලෝකවලත් දැවැන්ත භූමිකාවක් වුණ සොනාලි බෙන්ද්රේ තව දුරටත් අප අතර නැත..’’

පසු ගිය වසරේ දිනෙක රාම් කදම් නම් දේශපාලනඥයා සිය ට්විටර් අඩවියේ එසේ ස`දහන් කර තිබිණි. එය කියැවූ ඇගේ රසිකයෝ බොහෝ සෙයින් කම්පාවට පත් වූහ. ඔවුහු වහවහා ඇය ගැන තොරතුරු සොයා බලන්නට උත්සුක වූහ. ඇය පිළිකාවක් වැළ`දීම හේතුවෙන් රෝගාතුර වී ප‍්‍රතිකාර ලබන්නට ඇමෙරිකා එක්සත් ජනපදයට ගිය බැව් ඔවුන්ට දැන ගන්නට ලැබුණේ එවිටය. පිළිකාව බොහෝ බරපතල තත්වයේ තිබුණ නමුත් රාම් කී ආකාරයට ඇය මරණාසන්නව නැති බව ද ඔවුන්ට දැන ගන්නට ලැබිණි. රාම් ඔවුන්ගේ නොම`ද දෝෂාරෝපණයට ලක් වූයේය. මාස පහක් තිස්සේ ප‍්‍රතිකාර ලැබීමෙන් පසුව නැවතත් ඉන්දියාවට පැමිණි සොනාලි කෙමෙන් කෙමෙන් ඇගේ සුපුරුදු ජීවන රටාවට අවතීර්ණ වෙන්නට පටන් ගත්තාය. ඇය ස`ගරා කවරවලට පෙනී සිටියාය. පුවත්පත්වලට සම්මුඛ සාකච්ඡුා ලබා දුන්නාය. ඒ හැම දේකින්ම පෙනී ගියේ මෙතරම් දැවැන්ත අභියෝගයකට මුහුණ දෙන්නට ඇය තුළ පැවති ආත්ම ශක්තියයි.2019-05-13-ent-24

‘‘බඬේ පුංචි පුංචි වේදනා තිබ්බට මම එච්චර ගණන් ගත්තෙ නෑ.. වේදනාව දරා ගන්නම බැරි වුණාට පස්සෙ තමයි වෛද්‍යවරයා හමු වෙන්න ගියෙ.. මට පිළිකාවක් වැළ`දිලා කියලා ඔහු කියනකොට මට ලොකු කම්පනයක් දැනුණා.. ඒ මුළු ?ම මම ඇ`ඩුවා.. ගෝල්ඩියි මමයි විවාහ වෙලා අවුරුදු 16 ක්.. මගෙ පුතා රන්වීර්ට මේ ආරංචිය දරා ගන්න පුළුවන් වෙයි ද කියලා මට හිතුණා.. ’’

විලාසිතා ස`ගරාවකට ලබා දුන් සම්මුඛ සාකච්ඡුාවක මේ 44 හැවිරිදි නිළිය එලෙසින් ස`දහන් කර තිබිණි.

‘‘ඒත් පස්සෙ මම කල්පනා කළා මම යථාර්ථයට මූණ දෙන්න ඕන කියලා.. මම ක`දුළු පිහදාගෙන නැගිට්ටා.. පින්තූරයක් අරගෙන ඒක අන්තර්ජාලයට මුදා හැරියා.. පුතාට පුළුවන් විදියට විස්තර කරලා කිව්වා ඇති වෙලා තියෙන තත්වය ගැන.. පුතා ඒක සන්සුන්ව දරා ගත්ත හැටි මතක් වෙනකොට අදත් මට පුදුමයි..’’ ඇය කියන්නීය.

‘‘අපි ඇමෙරිකාවේ ගිහින් බෙහෙත් ගනිමු..’’

ඇගේ සැමියා ගෝල්ඩි බෙහැල් යෝජනා කළේය. ඒ වන විට පිළිකාවේ සැබෑ ස්වරූපය ගැන සොනාලි දැන සිටියේ නැත. එම නිසා ඇය එම යෝජනාව පිළි ගන්නට අදිමදි කළාය.

‘‘සමහර විට පොඩි දේකට මම ඕනවට වඩා වියදම් කළා කියලා පස්සෙ මම පසුතැවිලි වෙන්න පුළුවන්.. එහෙම කළේ නෑ කියලා පසුතැවිලි වෙනවට වැඩිය අරක හො`දයි.. ඒ හින්දා ඔයා අනිවාර්යයෙන්ම ඇමෙරිකාවේ යනවා..’’

ඔහු තරයේම කී කල එයට එක`ග වෙනවා මිස වෙන විකල්පයක් ඇයට නොවිණි. ඉදින් ඇය ඔහු හා ඇමෙරිකාවට ගියාය.

‘‘ඇමෙරිකාවේ වෛද්‍යවරයා තමයි කිව්වෙ පිළිකාව දැන් තියෙන්නෙ හතරවෙනි අදියරේ.. බඬේ සෑහෙන දුරකට පැතිරිලා ගිහින් කියලා.. ඔහු ස්කෑන් කරලා මට පෙන්නුවා පැතිරිලා තියෙන ප‍්‍රමාණය.. ඒත් පුදුමෙ කියන්නෙ මට මරණ බයක් දැනුණෙ නෑ..

මුලින් මම හිතුවා මේක කාටවත් නොකියා හංගාගෙන ඉන්නවා කියලා.. මම ලෙඩෙක් කියලා ප‍්‍රසිද්ධ වුණාම ඒක මගෙ ප‍්‍රතිරූපයට හානියක්නෙ.. ඒත් ජීවත් වෙන්න මට තියෙන්නෙ සීයට තිහක අවස්ථාවක් විතරයි කියලා වෛද්‍යවරයා කිව්වම මට තව දුරටත් ප‍්‍රතිරූපය ගැන හිතන්න ඕනකමක් තිබුණේ නෑ.. මගේ අත්දැකීම් හැමෝම එක්ක බෙදාහදා ගන්න මට ඕන වුණා..’’ ඇය කියා තිබිණි.

ඇය මෙන්ම ඇගේ පවුලේ අය ද බලාපොරොත්තු අත් හැරියේ නැත. ඇය සුව වන බැව් ඔවුහු ඉ`දුරාම විශ්වාස කළහ. තමා ඇමෙරිකාවට කැටුව යාමට තීරණය කිරීම පිළිබ`දව ඇය ගෝල්ඩිට ස්තුති කළාය.

සොනාලි ගේ අලංකාර වරලස කවදත් ඇයට ආභරණයක් වූයේය. ඇය පමණක් නොව ඇගේ රසිකයන් ද එම වරලසට පි‍්‍රය කළහ. එක් යුගයක කොණ්ඩා වෙනුවෙන් කරනු ලබන හැම නිෂ්පාදනයකම පාහේ දැන්වීම්වලට පෙනී සිටියේ සොනාලිය. එහෙත් එම වටිනා වරලස මුළුමනින්ම බූ ගා දමා ප‍්‍රතිකාරවලට යොමු වෙන්නට ඇයට සිදු වූයේය. ඇය ආපසු පැමිණියේ යාන්තමින් වැවීගෙන එන කෙස් සහිත හිසක් සම`ගය. එහෙත් ඇය පසුතැවිලි වූයේ නැත. ඇය ස`ගරා කවරයකට පෙනී සිටියේ එම කොණ්ඩය එසේම ඇතිවය. එයට බොහෝ හො`ද ප‍්‍රතිචාර ලැබිණි.

‘‘මං පොඩි කාලේ සිද්ද වුණ දෙයක් මට අද වගේ මතකයි.. මගේ ආච්චි අම්මා දවසක් එයාගෙ සාරි පොටේ ගැටයක් ගහ ගත්තා.. මම ඇහැව්වා එහෙම කළේ ඇයි කියලා.. එතකොට එයා කිව්වා කරන්න තියෙන හැම දේම මතක තියා ගන්න අමාරුයි.. මේ ගැටේ දැක්කම ඊ ළ`ගට කරන්න තියෙන දේ මතක් වෙනවා කියලා.. ඇත්තටම ඒක අපි හැමෝටම හො`ද පාඩමක් කියලා දැන් මට හිතෙනවා.. අපිත් එහෙම ගැටයක් ගහගෙන අපේ අත්දැකීම් අනිත් අයත් එක්ක බෙදාහදා ගන්නවා කියලා පොරොන්දුවක් වෙන්න ඕන.. ඇත්තටම අපේ අත්දැකීම් අපේ ජීවිත වෙනස් කරනවා, හැඩ ගස්සනවා විතරක් නෙමෙයි අනිත් අයටත් පාඩමක්, දිරියක් වෙනවා කියලා මට හො`දටම විශ්වාසයි..’’ ඇය කියන්නීය.

නිළියක්, නිරූපිකාවක්, රූපවාහිනී වැඩ සටහන් ඉදිරිපත් කරන්නියක්, රියැලිටි තර`ග විනිශ්චයවරියක් පමණක් නොව සොනාලි ලේඛිකාවක ද වන්නීය. ඇය විසින් රචනා කරන ලද මොඩර්න් ගුරුකුල් මයි එක්ස්පෙරිමන්ට්ස් විත් පේරන්ටින් ග‍්‍රන්ථය බොහෝ සෙයින් ජනපි‍්‍රය වූයේය. මේ අත්දැකීම ද ඇය පොතකට ගොනු කරනවා නොඅනුමානය.

Share This Article
Hiru Tv Blog
මුත්‍රා වල වර්ණය, ඔබ දන්නවා සාමාන්‍ය...
Hiru Tv Blog
නිය ආලේපන භාවිත කරන්නේ නියපොතුවල ආරක්ෂාවට...
Hiru Tv Blog
Thursday, 18 July 2019 - 10:35
Hiru Tv Blog 1,428 Views
ජලය අපේ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. රෝග...
Hiru Tv Blog
Thursday, 18 July 2019 - 10:15
Hiru Tv Blog 314 Views
අතීතයේ සිටම යුවතියන් සමේ පැහැය රැකගැනීමට...
Hiru Tv Blog
මවක් වන්නට සිටින අයකු කෑමට ගතයුතු ආහාර...
Hiru Tv Blog
"සමහර වෙලාවට හිතිලා තියෙනවා විවාහ වෙන්න හදිස්සි වුණාද කියලත්..""එයා එනකල් අපි...
Hiru Tv Blog
ලන්ඩනයේ පැවැති "ලයන් කිං"  සිනමා පටයේ මංගල දර්ශනය නැරඹීම සඳහා හැරී- මේගන් යුවල...
Hiru Tv Blog
ඇය තෙවැනි වතාවටත් අන්තර්ජාතික සම්මානයට පාත්‍රවූයේ ශ්‍රී ලාංකීය සිනමාවට ගෞරවයක්...
Hiru Tv Blog
Saturday, 06 July 2019
Hiru Tv Blog 1,258 Views
Hiru Tv Blog
පසුගියදා Facebook, Instagram, WhatsApp යන සමාජ මාධ්‍ය ජාලා හදිසියේම කඩාවැටීමකට ලක්වුණා. WhatsApp සහ...
Hiru Tv Blog
Android 4.0.3, IOS 8 හෝ KaiOS 2.5.1 මෙහෙයුම් පද්ධති වලින් ක්‍රියාත්මක වන ජංගම දුරකථන WhatsApp භාවිතය...
Hiru Tv Blog
මෝටර් රථ තාක්ෂනය ගැන කතා කරනකොට ලෝකයේ ප්‍රසිද්ධ මෝටර් රථ සමාගමක් වන Peugeot මෝටර්...
Top