ආර්ථවහරණයෙන් පසු මතුවන ඇඟ උණුසුම් වීමේ රෝගය
Thursday, 02 May 2019 - 8:01 | Views - 1,855
මෙම රෝගයේදී මතුවන ප්‍රධාන අපහසුතාව ලෙස සැලකිය හැක්කේ ශරීරයේ උඩ කොටසේ පපු පෙදෙසේ සිට හිස පෙදසට එකපාරට අධික රස්නයක් ඇතිවී දහදිය දැමීමක් හටගැනීමයි.මෙය අපි Hot Flashes හෙවත් ශරීරය උණුසුම්වීම ලෙස හඳුන්වනවා.ඒ සඳහා බලපාන්නේ ආර්ථව හරණයෙන් පසු ඔවුන්ගේ ශරීරයෙන් ඊස්ට්‍රජන් හෝමෝනය නිපදවීම අඩුවීමය.මෙය සෑම කාන්තාවකටම බලපාන්නේ නැහැ.සීමිත පිරිසකට පමණක් බලපාන රෝග තත්ත්වයකි
ඊට අමතරව උණ ගැනීමත්, නොසන්සුන් තත්ත්වයක් වැනි අපහසුතාද මතුවෙනවා.ඇතැම් කාන්තාවන්ට මෙම තත්ත්වය රාත්‍රි කාලයට ඇති විය හැකිය.එවිට ඔවුනගේ නින්දට බාධා ඇති වී නින්ද නොයැම වැනි අපහසුතා මතුවෙනවා.රෝග ලක්ෂණ දරුණු ලෙස ඇතිවූ විට මානසික අවපීඩනය, විශාදය, නොසන්සුන්තාව නොරුස්නා බව වැනි මානසික පීඩාවනට ද ලක්විය හැකිය
එවිට ඔවුනගේ පවුල් අතර ද ප්‍රශ්න මතුවිය හැකිය.එනිසා මෙය ඉතා නිවැරැදිව හඳුනාගෙන ප්‍රතිකාර ලබාදිය යුතු රෝගයකි.
මෙවැනි අපහසුතාවලින් පෙළෙණ එම කාන්තාවන්ට ඒ සඳහා බලපා ඇති රෝග තත්ත්වය කුමක් දැයි කියා හඳුනා ගැනීම වැදගත්ය.
වෛද්‍යතුමනි, ආර්ථව හරණයට ලක්වූ ඇතැම් කාන්තාවන් මුහුණ දෙන මෙම රෝග තත්ත්වය කුමක්ද?
මෙය අපි Hot Flashes හෙවත් ශරීරය උණුසුම්වීම ලෙස හඳුන්වනවා.
ඒ සඳහා බලපාන්නේ ආර්ථව හරණයෙන් පසු ඔවුන්ගේ ශරීරයෙන් ඊස්ට්‍රජන් හෝමෝනය නිපදවීම අඩුවීමයි. මෙය සෑම කාන්තාවකටම බලපාන්නේ නැහැ. සීමිත පිරිසකට පමණක් බලපාන රෝග තත්ත්වයකි.
මෙම රෝගයේදී මතුවන ප්‍රධාන අපහසුතාව ලෙස සැලකිය හැක්කේ ශරීරයේ උඩ කොටසේ පපු පෙදෙසේ සිට හිස පෙදසට එකපාරට අධික රස්නයක් ඇතිවී දහදිය දැමීමක් හටගැනීමයි. ඊට අමතරව උණ ගැනීමත්, නොසන්සුන් තත්ත්වයක් වැනි අපහසුතාද මතුවෙනවා.
ඇතැම් කාන්තාවන්ට මෙම තත්ත්වය රාත්‍රි කාලයට ඇති විය හැකියි.
එවිට ඔවුනගේ නින්දට බාධා ඇති වී නින්ද නොයැම වැනි අපහසුතා මතුවෙනවා.
රෝග ලක්ෂණ දරුණු ලෙස ඇතිවූ විට මානසික අවපීඩනය, විශාදය, නොසන්සුන්තාව නොරුස්නා බව වැනි මානසික පීඩාවනට ද ලක්විය හැකියි. එවිට ඔවුනගේ පවුල් අතර ද ප්‍රශ්න මතුවිය හැකියි. එනිසා මෙය ඉතා නිවැරැදිව හඳුනාගෙන ප්‍රතිකාර ලබාදිය යුතු රෝගයකි.
ඇතැම් අය මෙය තයිරොයිඩ් හෝමෝන අධිකතාවයක් ලෙස සිතා ප්‍රතිකාර ලබාගන්නවා.
ඉන් මෙම රෝගය සුවවන්නේ නැහැ. එබැවින් මෙවැනි රෝග ලක්ෂණ ඇති කාන්තාවන්ගේ ආර්ථව හරණය සැබෑවටම සිදුව ඇති දැයි කියා රුධිර පරීක්ෂණයක් සිදුකර මතුව ඇත්තේ Hදඑ කේsයෑs රෝගය දැයි කියා නිවැරැදිව හඳුනාගත යුතුයි.
වෛද්‍යතුමනි, මෙම රෝග තත්ත්වයට ඇති ප්‍රතිකාර මොනවාද?
ශරීරය උණුසුම් වීම රෝග තත්ත්වය සඳහා ප්‍රතිකාර ක්‍රම කිහිපයක් තිබෙනවා. අඩු වයසින් ආර්ථවභාවයට පත්වූ කාන්තාවන්ට ඊස්ට්‍රජන් හෝමෝනය නැවත ලබාදී මෙම තත්ත්වය නැති කළ හැකියි. එවිට ඔවුනට යළි ආර්ථව බව ඇති වෙනවා. මෙය ඇතැම් කාන්තාවන් කරදරයක් ලෙස සිතන්නත් පිළිවන්.
නමුත් ශරීරය උණුසුම්වීමේ රෝගය නිසා මතුවන අපහසුතා ඊට වඩා කරදරකාරී බව වටහාගත යුතුයි. නමුත් පියයුරු පිළිකා මතුවූ කාන්තාවන්ට ඊස්ට්‍රජන් ප්‍රතිකාරය ලබාදෙන්නේ නැහැ. එසේම වයස අවුරුදු 60 ඉක්මවූ කාන්තාවන්ටත් ඊස්ට්‍රජන් ප්‍රතිකාරය ලබාදෙන්නේ නැහැ.
වයස අවුරුදු 60 ඉක්මවූ කාන්තාවන්ට ඊස්ට්‍රජන් හෝමෝනය ලබාදුන් විට ඔවුනගේ දෙපාවල රුධිර නාළ තුළ රුධිර කැටි හටගැනීම සිදුවිය හැකියි.
එවැනි කාන්තාවන්ට මේ සඳහා වෙනත් ප්‍රතිකාර ලබාදෙනවා.
එනිසා මෙම රෝගයේදී ප්‍රතිකාර ලබා දෙන්නේ මතුව ඇති රෝග තත්ත්වය සහ ඔවුනගේ වයස සලකා බලමිනි.
කොළඹ ජාතික රෝහලේ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සහ කොළඹ වෛද්‍යපීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රසාද් කටුලන්ද
Share This Article