ගුවන් තොටුපළේ ආරක්ෂාව දැඩි කරයි
Sunday, 21 April 2019 - 11:03 | Views - 3,587
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ආරක්ෂාව පිළිබඳ විශේෂ අවදානය යොමු කර ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය .
ඒ අනුව අද දින උදෑසන 10.00 සිට ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
උදෑසන ගුවන් තොටුපළ අවට පල්ලි කීපයකට බෝම්බ ප්‍රහාර එල්ල වීමත් සමඟ මෙම පියවර ගෙන ඇති අතර , ඒ අනුව ගුවන් තොටුපළ වෙත පිවිසෙන මගීන් හැර වෙනත් කිසිවෙකු ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිලි තුළට ඇතුළු කර නොගන්නා අතර , එසේ පැමිණෙන මගීන් සහ ඔවුන් රැගෙන එන ගමන් මලු ද දැඩි පරීක්ෂාවකට ලක් කරන බවද ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය .
එමෙන්ම ගුවන් තොටුපළ තුළ සහ ඒ අවට ආරක්ෂාව සදහා වැඩිපුර ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් , පොලිස් , ගුවන් , යුධ හමුදා නිලධාරීන් ද යොදවා ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
Share This Article