තණ බිස්සක ඇවිදීම රෝග රැසකට සහනයක්
Thursday, 18 April 2019 - 11:25 | Views - 2,470
අද බොහෝ නිවෙස් වටා ඇති ගෙමිදුල් කොන්ක්‍රීට් පදාසයකින්  වැසී ගොස්ය. මිනිසාට තණබිස්සක පහස ලබන්නට දෙපතුලකට ඇති ඉඩකඩ බොහෝ අඩුය. එහෙත් හිමිදිරි උදෑසනක තණ බිස්සක සක්මන් කරන්නට ඇත්නම් එය ලෙඩ රෝග ගණනාවකින් දුරස්ව ජීවත් වන්නට හොඳම මාර්ගයකැයි දේශීය වෛද්‍ය විද්‍යාවෙන් පැවැසේ.

කොන්ක්‍රීට් වලින් වසා දමන්නට සිතන ඔබේ ගෙමිදුලෙ සිහින් තීරයක් තණ බිස්සක් සේ සකස් කර ගත හැකි නම් මෙම ප්‍රතිලාභය ඔබට නොමිලයේම අත්පත් කර ගත  හැකිය. තණකොළ වෙනුවට ඔබට හීන් උඳුපියලිය නමින් හැඳින්වෙන ඖෂධීය පැළෑටිය සිටුවා ගත හැකි නම් ඒ මත ඇවිදීමෙන් අත්වෙන යහපත ඊටත් වඩා බොහෝ වැඩිය. හීන් උඳුපියලියද තණ කොළ මෙන්ම පහසුවෙන් බෝවන පැළෑටියකි. හීන් උඳුපියලි මත ඇවිදීම දේශීය වෙදකමේ අනඟි ඔසුවකි.

මේ ආකාරයට සකසා ගත් තණ පලසක් හෝ උඳුපියලි පලසක් මත උදෑසන ඇවිදීමේදී රුධිර සංසරණය ක්‍රමානුකූල වී බොහෝ ලෙඩ රෝග වැලඳීමට ඇති හැකියාව අවම කරයි. විශේෂයෙන් කාන්තාවන්ගේ ආර්තවය හා සම්බන්ධ ගැටලුවලටත්  ගර්භාෂය සම්බන්ධ රෝග සහ හෝමෝන ආශ්‍රිත ගැටලුකාරී තත්ත්වයන්ටත් මෙය විශාල සහනයක් බව සඳහන් වේ. එබඳු රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන කාන්තාවන් තණ පලසක් මත ව්‍යායාම වල යෙදීමන් ඉන් ලැබෙන යහපත තවත් වැඩිය.

යටිපතු‍ලේ ප්‍රණීත ක්‍රියා හා සම්බන්ධ කලාප වැඩි ගණනක් පිහිටා ඇති අතර තණ පලසක් මත ඇවිදීමේදී එම කලාප ඉතා යහපත් ආකාරයෙන් උත්තේජනය වීම සිදුවේ. ඇස්, කන්, පෙණහලු, මොළය, වකුගඩු හා සම්බන්ධ ස්නායු සම කලාප හා සම්බන්ධව පවතින නිසා එම අවයවයන්හි ක්‍රියාකාරිත්වය ඉතා යහපත් ආකාරයෙන් පවත්වාගෙන යාමට තණ බිස්සක ඇවිදීම හේතුවේ.

‍පොළොවේ ඇවිදින විට පළමු වන දෙවන හා තුන්වන ඇඟිලි වලට වැඩි බරක් වැටීම සාමාන්‍යයෙන් සිදුවන දෙයකි. එම ඇඟිලි තුනට ඇස් හා සම්බන්ධ ස්නායු වැඩි ප්‍රමාණයක සෘජු සම්බන්ධතාවයන් පවතින අතර උදෑසන  තණ බිස්සක හෝ උදුපියලිය බිස්සක ඇවදීමේදී එම ඇඟිලි ආශ්‍රිත ප්‍රදේශය ඒ හා සමග හොඳින් ගැටී උත්තේජනය වීමෙන් ඇස්වල නිරෝගී භාවයට විශාල පිටිවහලක් ලැබේ. යටිපතුල්වල ඇති ස්නායු උත්තේජනය වීම මගින් රුධිර පීඩනය අඩු කරන නිසා අධිරුධිර පීඩනයෙන් පෙළෙන බොහෝ අයට තණ මත ඇවිදීමට ඖෂධයක් බවට පත් කර ගත හැකිය.
Share This Article
Hiru Tv Blog
මුත්‍රා වල වර්ණය, ඔබ දන්නවා සාමාන්‍ය...
Hiru Tv Blog
නිය ආලේපන භාවිත කරන්නේ නියපොතුවල ආරක්ෂාවට...
Hiru Tv Blog
Thursday, 18 July 2019 - 10:35
Hiru Tv Blog 1,431 Views
ජලය අපේ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. රෝග...
Hiru Tv Blog
Thursday, 18 July 2019 - 10:15
Hiru Tv Blog 314 Views
අතීතයේ සිටම යුවතියන් සමේ පැහැය රැකගැනීමට...
Hiru Tv Blog
මවක් වන්නට සිටින අයකු කෑමට ගතයුතු ආහාර...
Hiru Tv Blog
"සමහර වෙලාවට හිතිලා තියෙනවා විවාහ වෙන්න හදිස්සි වුණාද කියලත්..""එයා එනකල් අපි...
Hiru Tv Blog
ලන්ඩනයේ පැවැති "ලයන් කිං"  සිනමා පටයේ මංගල දර්ශනය නැරඹීම සඳහා හැරී- මේගන් යුවල...
Hiru Tv Blog
ඇය තෙවැනි වතාවටත් අන්තර්ජාතික සම්මානයට පාත්‍රවූයේ ශ්‍රී ලාංකීය සිනමාවට ගෞරවයක්...
Hiru Tv Blog
Saturday, 06 July 2019
Hiru Tv Blog 1,263 Views
Hiru Tv Blog
පසුගියදා Facebook, Instagram, WhatsApp යන සමාජ මාධ්‍ය ජාලා හදිසියේම කඩාවැටීමකට ලක්වුණා. WhatsApp සහ...
Hiru Tv Blog
Android 4.0.3, IOS 8 හෝ KaiOS 2.5.1 මෙහෙයුම් පද්ධති වලින් ක්‍රියාත්මක වන ජංගම දුරකථන WhatsApp භාවිතය...
Hiru Tv Blog
මෝටර් රථ තාක්ෂනය ගැන කතා කරනකොට ලෝකයේ ප්‍රසිද්ධ මෝටර් රථ සමාගමක් වන Peugeot මෝටර්...
Top