කෘත්‍රිම රසකාරක භාවිත කරන්න එපා
Tuesday, 16 April 2019 - 9:03 | Views - 1,826
අවුරුදු සමයේ ආහාර රස ගැන්වීම සඳහා කෘත්‍රිම රසකාරක හා වර්ණක භාවිතයෙන් වැළකී සිටින ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩබලන නියෝජ්‍ය අධ්යක්ෂ අනෝමා සේනාරත්න මහත්මිය ප්‍රකාශ කරයි.
මේ සම්බන්ධයෙන් 'දිනමිණ' සිදුකළ විමසුමක දී වැඩිදුරටත් අදහස් දැක්වූ සේනාරත්න මහත්මිය මෙසේද කීය...
මෙය අවුරුදු සමය වගේම සෑමදිනටම පොදු දෙයක් වෙනවා. මන්ද වර්තමානයේ ඇතැම් ආහාර නිෂ්පාදනය සඳහා බහුලව කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය භාවිත කෙරෙනවා පමණක් නොව ඊට අපද්‍රව්‍ය ද එක් කරන බව සඳහන් කළ යුතුයි. ඇතැම් විට ආහාර රසකිරීම හා වර්ණ ගැන්වීම සඳහා අනුමත ප්‍රමාණයන්වලට වඩා කෘතිම රසකාරක එකතු කරනවා. එසේ එක්කළ ආහාර ශරීරයට අහිතකරයි. රසකාරක වගේම සීනි, තෙල් හා දියලුණු වැනි දේවල් ද භාවිතය අඩුකර ගන්න හැකි නම් ශරීරය නිරෝගිව පවත්වාගෙන යන්න හැකි වෙනවා. මේවා පිළිබඳ ජනතාව නිරන්තර අවධානයෙන් සිටිය යුතුයි. සෞඛ්‍ය අමත්‍යාංශය, කෘෂිකර්ම අමත්‍යාංශය ඇතුළු ආයතන කිහිපයක් එක්ව මේ වෙනුවෙන් පුළුල් වැඩසටහනක් ආරම්භ කර තිබෙන අතර ඒ උපදෙස් ප්‍රයෝජනයට ගන්නා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
Share This Article