පාසැල් නිවාඩුවට එන හුර­තල් දම්බෝ
Friday, 05 April 2019 - 16:06 | Views - 1,542
පාසල් නිවාඩුව බක් මාසේ මංගල සිරියත් රැගෙන අද හෙටම පැමිණෙයි. වසරේ ප්‍රීතිමත්ම සැනකෙළි සමයේ පොඩිත්තන්ගේ පමණක් නොව වැඩිහිටියන්ගේ ද ආදරණීය ‘දම්බෝ‘ යළි රිදී තිරයේ ජීවමාන වෙයි. හෙලන් ඇබර්සන් සහ හැරල්ඩ් පර්ල් යුවළගේ පන්හිඳෙන් උපන් දම්බෝ චරිතය මුලින්ම තිරයෙන් දක්නට ලැබෙන්නේ 1941 දී තිරගත කරන ලද වෝල්ට් ඩිස්නි නිෂ්පාදනයක් වන දම්බෝ සජීවීකරණ අමෙරිකානු සිනමාපටය සමඟිනි. ඒ සිනමා නිර්මාණය විචාරකයන්ගේ ඉහළම ඇගැයුමත් ප්‍රේක්ෂකයන්ගේ මනාපයත් නොඅඩුව ලැබූ සංරක්ෂණය කිරීමට තරම් කලාත්මක වටිනාකමකින් යුතු වූවක් විය.

සිනමා පටයේ ජනප්‍රියකම නිසාම විසි එක් වැනි සියවසේ නැවත වරක් දම්බෝ නම් පියඹන අලි පැටවාගේ කතාව මන:කල්පිත වීර වෘතාන්තයක් ලෙස නිර්මාණය වී ඇත. පසුගිය 29 වැනිදා සිට සිනමා පටය ලොවපුරා තිරගත වීම ඇරැඹිණි. මීට සමගාමීව මෙම චිත්‍රපටය EAP Films විසින් අපේ රටේ ප්‍රදර්ශනය කිරීම අරඹන අතර එය රාජගිරියේ ජනජය සිටි හි Savoy Premiere Cinema ශාලාවේ සහ Colombo City Center හි SCOPE සිනමා ශාලාවල තිරගත කෙරේ.

ඒ මුල් සිනමා පටය තිරගතවීමේ 78 වැනි සංවත්සරය ඔක්තෝබරයේදී සැමරීමට නියමිතව තිබියදීය. එහෙත් නව දම්බෝ සිනමා පටයේ කාටුන් දම්බෝ නිර්මාණයට වඩා වෙනස් කම් තිබේ. පළමු නිර්මාණයේ සිටියේ එක් ප්‍රධාන මිනිස් චරිතයක් පමණි. ඒ කුරිරු රිංග්මාස්ටර්ගේ චරිතයයි. නව සිනමා නිර්මාණයේ ප්‍රධාන චරිත ගණනාවක්ම දැකිය හැකිය. මෙහි කතා කරන සත්ව චරිත නොතිබීමත් සුවිශේෂීතාවකි. මුල් සිනමා පටය මිනිත්තු 64 කට සීමා වුවද නව සිනමා පටය මිනිත්තු 115ක් පුරා රස විඳීමේ අවස්ථාව උදාකර දී ඇත.

දම්බෝ කතාව සතුන්ට කරුණාව දැක්වීම ගැන පාඩම් රැසක් ලොවට ගෙන එන්නේ එය කාලීන අවශ්‍යතාවක්ව තිබියදීය. සර්කස් හිමිකරු මැක්ස් මෙඩිසි විසින් පශු වෛද්‍ය සහ සර්කස් තරුවක්වූ හෝල්ට් ෆැරියර්ට අලුත උපන් අලි පැංචා බාර දුන්නේය. එහෙත් උගේ පෙනුමට ඔවුන් කිසිසේත්ම මනාපයක් දැක්වූයේ නැත.

අති විශාල කන් නිසා ඌ සැවොම සිනා ගන්වන කාටුනයක් හා සමාන විය. උගෙන් සර්කස් කණ්ඩායමට ආදායමක් ලැබීමට නොහැකිවේයැයි සැවොම සිතුවද හෝල්ට්ගේ දරුවන් දම්බෝට පියාඹන්න‍ට හැකි බව සොයා ගත් පසු උගේ ඉරණම වෙනස් විය. දම්බෝ යනු තව දුරටත් පළල් විශාල කන් ඇති අලි පැංචකු නොව ජනප්‍රිය අලි තරුවක් විය.

නව දම්බෝ ටිම් බර්ටන්ගේ අධ්‍යක්ෂණයකි. ටිම්, බැට්මෑන්, ප්ලැනට් ඔෆ් ද ඒප්ස්, චාලි ඇන්ඩ් ද චොකලට් ෆැක්ටරි, ඇලිස් ඉන් වොන්ඩර්ලන්ඩ් වැනි හොලිවුඩයේ ජනප්‍රිය සිනමා පට ගණනාවකම අධ්‍යක්ෂවරයාය. ඔහුගේ කෝප්ස් බ්‍රයිඩ්, ෆ්‍රෑන්කන්වීනී සජීවීකරණ සිනමා පට දෙක ඇකඩමි සම්මාන උලෙළේ හොඳම සජීවීකරණ වෘතාන්ත ලෙස නිර්දේශිත විය.

සිනමා පටයේ සංගීතය අමෙරිකානු තනු නිර්මාපකයකුවූ ඔස්කාර් සම්මාන හතරකට නිර්දේශ වූ ඩැනී එල්ෆ්මන් ගෙනි. කොලින් ෆැරල්, හෝල්ට් ෆැරියර් ලෙස රඟන්නේය. ජනප්‍රිය අලියකු සොයන ව්‍යවසායකයාගේ චරිතයට පණ දෙන්නේ මයිකල් කීටන්ය. කුඩා සර්කස් කණ්ඩයාමක් ගොඩ නඟා ගැනීමට වෙර දරන මැක්ස් මෙඩිසි බවට පත් වන්නේ ඩැනී ඩිවියෝය. කොලට් මාචන්ට් ලෙස රඟන එවා ග්‍රීන් සිනමා පටයේ සර්කස් ශිල්පිනියකි. සිනමා පටයේ සෙසු ප්‍රධාන චරිත ඇලන් ආකින්, නිකෝ පාකර්, රෝෂන් සෙත් ආදී ප්‍රමුඛ පෙළේ තරු රඟති.
Share This Article
Hiru Tv Blog
රට වටේම මුහුදක් තිබුණත් අපේ රටේ මත්ස්‍ය...
Hiru Tv Blog
අපේ සිරුරේ නිසි ක්‍රියාකාරීත්වය සඳහා...
Hiru Tv Blog
ඕනෑම ආකාරයක ව්‍යායාම ක්‍රමයක් සෞඛ්‍යයට...
Hiru Tv Blog
Wednesday, 20 May 2020 - 15:27
Hiru Tv Blog 1,296 Views
පහසුවෙන්ම හොඳ ප්‍රෝටීන් සැපයුමක් ලබාගත...
Hiru Tv Blog
අමතකවීම් වළක්වා, බෝ නොවන රෝග නසා වියපත්...
Hiru Tv Blog
කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් සිය විවාහ මංගල උත්සවය අවලංගු කිරීමට සිදුවූ වෛද්‍යවරයෙකු...
Hiru Tv Blog
ජැක්සන් ඇන්තනීගේ පුත් අකිල ධනුද්දර කියන්නේ කවුරුත් දන්න කවුරුත් ආදරේ කරන දක්ෂ...
Hiru Tv Blog
රංගන ශිල්පි රිතු ආකර්ෂා මනාලියක් ලෙසින් හැඩගැන්වුණු ඡායාරූප පෙලක් අන්තර්ජාලයේ...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top