ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක ලසිත් මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමේ තීරණයකට පැමිණ තිබේ.
ඊයේ (22) දකුණු අප්‍රිකාව පැවැති දෙවන පන්දුවාර විස්ස තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මාලිංග කියා සිටියේ එළඹෙන පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන බවයි.
තවත් ටික දිනෙකින් එංගලන්තයේදී ආරම්භවන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සිය එක්දින ක්‍රිකට් දිවියේ අවසන් එක්දින ක්‍රිකට් තරගාවලිය බව ද මාලිංග පැවසුවේය.
ඒ අනුව මේ වන විට 35 වන වියේ පසුවන ලසිත් මාලිංග 2020 වසරේදී ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට නියමිතය.
මෙහිදී ඉංග්‍රීසි භාෂාවෙන් මාලිංග පළ කළ අදහස්….,
“After the World Cup, my cricketing career is ending,”
“I want to play in the T20 World Cup and then end my career.”