අනුෂ්කා ෂර්මා ෆිල්ම් ෆෙයාර් හි දැඩි අවධානයට
Thursday, 21 March 2019 - 11:38 | Views - 1,218
පසුගිය වසරේ තිරගත වූ ‘සුයි දාගා’, ‘සීරෝ’, ‘පාරි’ හා ‘සංජූ’ චිත්‍රපටවල අති විශිෂ්ට රංගනයක නියැලුණ සුපිරි බොලිවුඩ් සිනමා නිළි අනුෂ්කා ෂර්මා මේ වසරේ ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මාන උළලේදී හොඳම නිළිය සඳහා පිරිනැමෙන සම්මානයට නිර්දේශ නොවීම කාගෙත් අවධානය යොමු වු කාරණයක් වී ඇත.
ආලියා භාට් (රාශි), දිපීකා පදුකෝ (පද්මාවත්), නීනා ගුප්තා (බදායි හෝ), රාණි මුඛර්ජි (හිචිකි), තාබු (අන්දාදුන්) හොඳම නිළියන් අතරට තේරිපත්ව ඇති අතර, අනුෂ්කාට එහි ඉඩක් නොලැබී ඇත. කෙසේ වෙතත්, ඇය වසරේ හොඳම නිළිය ලෙස ජනතා සම්මානයට නිර්දේශ වී ඇති අතර, බොහෝ දෙනා පවසන්නේ තරගයකින් තොරව ඇයට එම සම්මානය හිමිවෙනු ඇති බවය.
Share This Article