අධික තරබාරුව මැඩලන සැත්කම් දැන් නොමිලේ
Thursday, 21 February 2019 - 13:08 | Views - 5,447
තරබාරු බවෙන් ගොඩ ඒමක් නැතැයි යන්න අධික තරබාරු බවට පත් වැඩි පිරිසකගේ අදහසයි. ඒ අනුව 'ඇඟට ඇති වෙන තුරු ඔහේ මහත් වුණා වේ' යයි සිතා කෙට්ටු වන අදහස අතහැර ආහාර රටාවේ හෝ දිනචර්යාවේ කිසිදු වෙනසක් සිදු නොකරමින් තරබාරු බව තුළම ඔවුහු ජීවත් වෙති.

එහි අවසන් ප්‍රතිඵලය දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘදයාබාධ, කොලෙස්ටරෝල් හෝ පිළිකා වැලඳී ජීවන ගමන අතරමග නතර කර දමන්නට සිදු වීමය. තවත් පැත්තකින් තරබාරුබව කෙනෙකුගේ පෞරුෂත්වයට හා සුන්දරත්වයට කරන හානියද සුළුපටු නොවන්නකි.

තරබාරු බවට හේතුව ශරීරයේ මේද තැන්පතුව ඉහළ යෑමයි. පෙර කී සියලු ගැටලු පැනනගින්නේ එතැන් සිටයි. සිරුරේ බර උසට සරිලන්නේ නැති තරමට වැඩි නම් එය ස්ථුලතාවය දෙසට ගමන් කිරීමකි. සිරුරේ බර උසට සරිලනවාද නැතිද යන්න ගණනය කරන්නේ ශරීර ස්කන්ධ දර්ශනය අනුසාරයෙනි. බර කිලෝග්‍රෑම් වලින් ලබාගත් අගය මීටර් වලින් ලබාගත් උසේ වර්ගයෙන් බෙදූ විට ශරීර ස්කන්ධ දර්ශකය නැතිනම් BMI අගය කොතෙක්දැයි සොයාගත හැකිය.

ආසියාතිකයන් වන අපේ BMI  අගය 18.5 - 23 අතර පැවැතීම හිතකරය. යුරෝපියයන්ගේ එය 25 දක්වා වැඩි වුවද ගැටලුවක් නැත. ආසියාතිකයන් අතර ඉහළ අගය 24 හෝ 25 තුළදීද අතුරු ආබාධ හට ගැනීමේ ප්‍රවණතාවයක් හඳුනා ගෙන තිබේ. එනිසා ආසියාතිකයන්ගේ තිබිය යුතු BMI ඉහළ අගය 23 ලෙස සැලකේ. දැන් දැන් පාසල් ළමුන් අතර පවා සුලබ වී ඇති තරබාරු බවට ප්‍රධානම හේතුව වැරදි ආහාර රටාවයි. කාබොහයිඩේ්‍රට් අධික තෙල් සහිත ආහාර මෙන්ම ක්ෂණික ආහාරවලට ගිජු වීමද තරබාරු බවට හේතු වී තිබේ.

අතීතයේ අපේ මුතුන් මිත්තන් බඩකට පුරා තුන් වේලට ආහාර ගත්තද හොඳින් කය වෙහෙසවා වැඩපල කිරීම නිසා ඉන් අහිතකර බලපෑමක් ඇති නොවීය. එහෙත් අද ව්‍යායාම අඩුබව, කුඩා දරුවන් පවා එක තැන වාඩි වී ඩිජිටල් තිරයක් තුළට කොටු වී කාලය ගත කිරීම, ඔවුන්ගේ අධික තරබාරු බවට හේතු වී තිබේ. ඊට අමතරව මානසික ආතතිය, නිදිවැරීම සහ කාන්තාවන් අතර දැක ගත හැකි Polycystic ovary syndrome  රෝගී තත්ත්වයද තරබාරු බවට හේතු වන අවස්ථා තිබේ.

එබඳු කවර හේතුවක් නිසා තරබාරු බවට පත් වුවද ආහාර රටාවේ වෙනසක් ඇති කමින් බර අඩු කර ගන්නට ඕනෑම කෙනෙකුට හැකිය. බර අඩුකර ගන්නට නම් සෑම විටම ශරීරයට ලබාගත යුතු ශක්ති ප්‍රමාණය, ශරීරය පවත්වාගෙන යන්නට අවශ්‍ය ශක්ති ප්‍රමාණයට වඩා බොහෝ අඩු වීම අත්‍යාවශ්‍යය. සිරුරේ බර අඩුවනවා නම් අඩු වන්නේ එවිටය.

බොහෝ අය ඇති තරම් ආහාර ගෙන ව්‍යායාම තුළින් කෙසේ හෝ බර අඩුකර ගත හැකි යැයි සිතති. එලෙස බර අඩුකර ගන්නට නම් අඩුම තරමේ පැය දෙකක්වත් ව්‍යායාම්වල නිරතවීම අවශ්‍යය. එහෙත් එය ප්‍රායෝගික නොවන නිසා අපට කරන්නට ඇති එකම දෙය නම් ආහාර රටාව වෙනස් කිරීමයි. ව්‍යායාම මගින් සිදු වන්නේ බර අඩු කර ගන්නට යම් පමණක උදව්වක් ලබා දීම පමණය.

එහෙත් තරබාරු බවත් සමග ජීවත් වෙමින් මානසිකවත්, කායිකවත් පීඩාවෙන් පිරි ජීවිතයක් ගත කිරීමේ අවශ්‍යතාවයක් දැන් නැත. මේ වන විට ක්‍රියාත්මකව පවතින නවීන විද්‍යානුකූල ප්‍රතිකාර ක්‍රම මගින් අධික ස්ථුලතාවයෙන් පෙළෙන අයට තමන්ගේ බරෙන් හරි අඩක්ම වුවද අඩුකර ගන්නට හැකියාව තිබේ.

දැන් ඔබ සිතන්නේ අපිට කොයින්ද ඕවට සල්ලි කියා විය හැකිය. එහෙත් Bariatric Surgery නමින් හැඳින්වෙන තරබාරු බවෙන් අත්මිඳීමේ මෙම ශල්‍යකර්මය කලක පටන් කලුබෝවිල සහ කොළඹ ජාතික රෝහ‍ලේදී නොමිලයේ සිදු කෙරිණි. මේ වන විට ගාල්ල කරාපිටිය රෝහ‍ලේදීද Bariatric ශල්‍යකර්මය ඇතුළු තරබාරු බව අඩු කිරීමේ ප්‍රතිකාර ක්‍රම ආරම්භ කිරීමත් සමග දකුණු පළාතේ අධික තරබාරු බවෙන් පෙළෙන අයටද ඉන් සහනයක් සලසා ගන්නට හැකිවී තිබේ.

පෙර කී බර අඩු කිරීමේ ප්‍රතිකාර ක්‍රමවේදය තුළදී මුලින්ම ආහාර රටාවේ වෙනස්කම් ඇති කරමින් උසට සරිලන බර තෙක් ශරීර  ස්කන්ධය අඩු කරන්නට වෛද්‍යවරු උත්සාහ දරති. එහෙත් ආහාර මගින් බලා‍පොරොත්තු වන ඉලක්කයට ළඟා විය නොහැකි වූ විටදී ඖෂධ ප්‍රතිකාර ලබා දෙන්නට සිදුවේ. එම  ඖෂධ ප්‍රතිකාර වලින් පවා වෙනසක් සිදු නොවෙමින් BMI අගය 35ට වඩා වැඩි අගයක පවතී නම් පමණක් පෙර කී Bariatric ශල්‍යකර්මය නිර්දේශ කරනු ලබයි.

ගාල්ල කරාපිටිය රෝහ‍ලේදී සාර්ථකව ක්‍රියාත්මකව පවතින Bariatric ශල්‍යකර්මය ඇතුළු අධික තරබාරු බවෙන් අත්මිදීමේ ප්‍රතිකාර දාමය වෛද්‍ය කණ්ඩායම් කිහිපයකින් සහභාගිත්වයෙන් සිදුවන්නකි. එය දියවැඩියාව  හා හෝමෝන පිළිබඳ වෛද්‍ය කණ්ඩායමත්, ආමාශ  හා අන්ත්‍ර පිළිබඳ ශල්‍ය වෛද්‍ය කණ්ඩායමත්, ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය කණ්ඩායමත් එකට එක්ව සිදු කරන ප්‍රතිකාර දාමයකි. තරබාරු බවෙන් අත්මිදීමේ මෙම ප්‍රතිකාර ක්‍රමවේදය පිළිබඳව ලිපි පෙළකින් ඉදිරි සතියේ සිට අපි ඔබව දැනුවත් කිරීමට අපේක්ෂා කරයි.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ දියවැඩියාව සහ හෝමෝන විශේෂඥ වෛද්‍ය  මුදිතා වීරක්කොඩි
(MBBS (Col) MDC (Col), MRCP (UK),MRCP - Diabetes and Endocrinoloss (UK)

සාකච්ඡාව- උත්පලා සුභාෂිනී ජයසේකර

Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව ඝර්ම කලාපයට අයත් රටකි. මේ ඝර්ම...
Hiru Tv Blog
ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (STIs) සහ HIV සම්ප්‍රේෂණය...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ, පැණි රස කෑම ගැන, ඔබත් පැණිරස...
Hiru Tv Blog
කරවිල කිව්ව ගමන් ඉතින් අපිට මතක් වෙන්නේ...
Hiru Tv Blog
උදේ ඉදලා රෑ වෙනතෙක් මහන්සි වෙලා කවුරු කවුරුත්...
Hiru Tv Blog
බලන්නකෝ මේ පුංචි පවුල අලුත් අවුරුද්ද පිළිගෙන තිබුණ හැටි..  එයාලා ඇත්තටම ගොඩක්...
Hiru Tv Blog
සාරංග - දිනක්ෂි කියන්නේ කොයි කවුරුත් ආදරය කරන කලා ක්ශේත්‍රයේ ඉන්න දක්ෂ යුවලක්.ඉතින්...
Hiru Tv Blog
මේ අපි කාගේත් ජීවිතවලට වසන්තය උදා වුණු වසන්ත කාලේ..මාධවී - කසුන් කැදැල්ලටත් ඒ...
Hiru Tv Blog
මේ වසරේ පළමු සූර්යග්‍රහණය ඊයේ(08) දිස්වුණ අයුරු මේ ආකාරයෙන් සටහන් වෙලා තිබුණා.....
Hiru Tv Blog
"යක්ෂයාගේ වල්ගා තරුව" හෙවත් 12P/පොන්ස්-බෲක්ස් යනුවෙන් හඳුන්වන වල්ගා තරුව වසර 71කට...
Hiru Tv Blog
විශ්වයේ උපත සිදුවූ ආකාරය පිළිබඳව විද්‍යාඥයන් අතර විවිධ වූ මතවාද පවතින බව ඔබ...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Hiru Tv Blog
Friday, 19 January 2024
Hiru Tv Blog 640 Views
Top