අධික වේගය නිසා අධිවේගයේ රිය අනතුරක්
Tuesday, 12 February 2019 - 11:16 | Views - 538
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සියවැනි කිලෝමිටරය ආසන්නයේ දි මාළු පැටවු ලොරි රථයක් පෙරලි යාමෙන් අනතුරට ලක්ව ඇති බැව් අධිවේගි මාර්ගයේ පින්නදුව පොලිස් මුරපොළ පවසයි.
මෙම ලොරි රථය මාතර සිට මාලු පටවාගෙන කොළඹ බලා ධාවනය කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.
ලොරි රථයේ රියැදුරුට එහි වේගය පාලනය කරගැනිමට නොහැකිවිමෙන් ලොරි රථය පෙරලිගොස් ඇති බව පරික්ෂණ වලදි අනාවරණය වි ඇත.
ඊයේ (11) රාත්රි 10.45ට පමණ මෙම අනතුර වි තිබුණි. ලොරි රථයේ රියදුරුට හෝ ලොරි සහායකයාට මෙම අනතුරෙන් කිසිදු තුවාලයක් වි නොතිබුණි.
මෙම අනතුර සම්බන්ධයෙන් පොලිසිය පරික්ෂණ පවත්වයි.