තලපයක් නිසා මගේ මුළු හමම යන්න ගත්තා- මාස දෙකක් විතර මම ගෙදරින්වත් එළියට බැස්සෙ නැහැ
Monday, 11 February 2019 - 16:30 | Views - 1,701
දක්‍ෂ රංගන ශිල්පිනියක් සේම, නව පරපුරේ ප‍්‍රවීණ සංගීත ශිල්පිනියක් ලෙස ඇයව හඳුන්වා දීමට පුළුවන. ඇය නමින් මුතු තරංගාය. මේ ඇය පුවත්පතක් සමඟ කළ සාකච්ඡාවකි.......

ලස්සන වෙලා?

ම්... ඇත්තද? ඒ වචනය අහන්නනම් මම ගොඩක් ආසයි.

 ඔබ වගේම ‘‘ලස්සනයි’’ කියන වචනය අහන්න සෑම කාන්තාවක්ම කැමැතියි. ඇත්තටම ලස්සන කාන්තාවකට වැදගත්ද?

ඔව්. ලස්සන කියා මා දකින්නේ කාන්තාවකගේ පිරිසිදුකම. පිරිසිදුව පිළිවෙළට ඉන්න කාන්තාවක් ඇත්තටම ලස්සනයි නේද?

 ඔබ ලස්සනට ඉන්න මොනවාද කරන්නේ?

ලස්සන වෙන්න කියලාම නෙවෙයි. නිරෝගීව ඉන්න  ඕන නිසා මම කෑම බීම, ව්‍යායාම වාගේ දෛනිකව  කළ හැකි දේවල් ගැන ගොඩක් උනන්දුයි. එළවළු පළතුරු තෝරා ගැනීමේදී කෘත‍්‍රිම රසායනික නොයෙක් කාබනික පොහොර යොදා  සකස් කළ ඒවා තෝරා ගන්න මම උත්සාහ  ගන්නවා. ගමේ කෑමවලට මම හරිම කැමැතියි. කොස්, දෙල්, පොලොස්, කෙසෙල් මුව, වාගේ දේවල් දවස ගානේ දුන්නත් කන්න කැමතියි. ක්‍ෂණික කෑම, සකස් කළ කෑම කන්න මම කැමැති නැහැ. නෙල්ලි බ්ලෙන්ඞ් කරලා මම මාසයකට දෙතුන් සැරයක් බොනවා. එය තරුණ බව ආරක්‍ෂා වෙන්නත් හමටත් ඇඟ සිසිල්  වීමටත් ඉතාම වැදගත්. ඉඳලා හිටලා පිපිඤ්ඤා ජූස් එකක්, අලිගැටපේර, ගස්ලබු වගේ ජූස් බොන්න පුරුදුවෙලා ඉන්නවා. ඒවා ඇඟට සිසිලසයි මෙන්ම හමේ නිරෝගිකමටත් ඉතාම ගුණදායකයි. ශරීරයේ හැඩය පවත්වා ගැනීම වෙනුවෙන් ව්‍යායාමවල නිරතවෙන එක මගේ ජීවිතයේම කොටසක් වෙලා තියෙන්නේ. දවසක් හැර දවසක් ජිම් එකට ගිහිල්ලා පැය දෙකහමාරක පමණ කාලයක් මම ව්‍යායාමවල නිරත වෙනවා. මේ දේවල්වලට අමතරව මම උදෑසන අවදි වුන ගමන්ම වතුර වීදුරුවක් බොනවා. ඊට පැය බාගයකට පසුවයි  කිරි තේ එකක් බොන්නේ. උදේ කෑම කන්න මම එච්චර උනන්දු වෙන්නෑ. ඒ නිසා මා අතින්ම පිළියෙලවන දවල් කෑම එක මම දවල් 12.30 කලින් ගන්නවා. මේ හැම දේටම වඩා මා විස්වාස කරනවා මාගේ නිරෝගිකම ආරක්‍ෂා වීමටයි. මනස නිදහස්ව තියා ගන්නයි බලපාන ප‍්‍රධානම සාධකය මා විසින් පැළකර තිබෙන මල් පැළවලට සාත්තු කිරීම.

ඒ ගැනත් පොඞ්ඩක් කියමු?

ඕකිඞ්, ඇන්තුරියම්, ඇතුළු ලස්සන ලස්සන මල් වර්ග ගොඩක් මම හිටවලා තියෙනවා. උදෑසන අවදි වුණ ගමන්ම මගේ පළමුවැනි රාජකාරිය පැළවලට වතුර දාලා සාත්තු  කරන එක. ගසක් අතු රිකිලි දාලා වැඩෙනකොට, හිටවපු ගහක පොහොට්ටුවක් මලක් එනවා දකිනකොට හිතට දැනෙන සතුට ඇත්තටම විස්තර කරන්න බැරි තරම්.

 ඔබගේ රූපලාවන්‍ය කටයුතුවලට සැලෝන් එකකට යනවාද?

බොහෝ දුරට නැහැ. මම මොඞ්ලින් කරන කෙනෙක් විදිහට  ඕනෑම උත්සව අවස්ථාවකට ගැලපෙන විදියට ඇඳ පැළඳ ගන්න මම දන්නවා.

 ඔබේ ඇඳුම් නිර්මාණය කරන්නේ කවුද?

මම අඳින සෑම ඇඳුමක්ම නිර්මාණය කර ගන්නේ මමයි. කාලයෙන් කාලයට වෙනස්වන විලාසිතා ලෝකයේ ජනපි‍්‍රයම විලාසිතා, වගේම මගේ වයසට, මගේ ශරීරයේ හැඩයට, රටට, සංස්කෘතියට ගැලපෙන විලාසිතා තෝරාගෙන ඒවා මම නිර්මාණය කර ගන්නවා. මාව අනුකරණය කරන පිරිසක් සිටින නිසා නිවැරදිම දේ  සමාජ ගත  කිරීමට මා සෑම වෙලාවෙම උත්සාහ ගන්නවා.  මම කවදාවත් කැමති නැහැ මම කරපු නිර්මාණයක් කැතයි, ගැලපෙන්නේ නැහැ කියලා අහන්න. ඒ නිසා මම ඒ ගැන සැලකිලිමත්.

 ලෝකයේ ඔබ වඩාත් ලස්සන කාන්තාවක් ලෙසට දැක තිබෙන්නේ කාවද?

ලෝක ප‍්‍රකට ගායිකාවක් ලෙස මෙන්ම රංගන ශිල්පිනියක් ලෙස ප‍්‍රසිද්ධ ෙජිනිෆ ලෝපෙස්ට මම හරිම කැමතියි. ඉන්දියාවේ සුප‍්‍රකට නිළි කාජ්ල්ගේ මුහුණටත් මම හරිම කැමතියි.

 ඔබට ඇඟට ලස්සනම පාට කුමක්ද?

ම්.... නිල් පාට මගේ ඇඟට ගොඩක් ලස්සනයි.

ඇඟට වඩාත්ම ගැලපෙන ඇඳුම?

ඔසරිය ලස්සනයි කියලා හැමෝම කියනවා.

 ලැබුණු ලස්සන රැක ගන්න කාන්තාවක් ලෙසට ඔබ මොකද කරන්නේ?

 ශරීරය මේන්ටෙන් කරන එකනම් අනිවාර්යයෙන්ම කරනවා. ඊට අමතරව එදිනෙදා නිවසේ කටයුතු, මගේ කටයුතු සියල්ල මා අතින්ම කර ගන්න  උත්සාහ කරනවා. මම ගෙවෙන හැම විනාඩියක්ම සතුටින් සැහැල්ලූවෙන් ඉන්න උත්සාහ කරනවා.  බුම්මං ඉන්නනම් මම පොඞ්ඩක්වත් කැමැති නැහැ.

 අනිත් දේ තමයි මම අඬන්න හරිම බයයි. ඇඬුවාම හම කළුවෙලා ඇකිලිල යනවා. ඔලූවත් රිදෙන්න ගන්නවා. ඒ නිසා මොන දේ ආවත් ඉවසීමෙන් ඉන්න මම පුරුදු වෙලා ඉන්නවා. ප‍්‍රශ්න එනවා යනවා ඒක ජීවිතයේ ස්වභාවයි. එය තේරුම් ගන්න පුළුවන් නම් සතුටින් ඉන්න එක අභියෝගයක් නොවේ.

වර්තමානයේ බොහෝ යුවතියන් හම සුදුවීමට එන්නත් කරණයට පවා යොමුවී තිබෙනවා. එවැනි කෘත‍්‍රිම දේවලින් ලස්සනවීමට ගන්නා උත්සාහයට ඔබ එකඟද?

මමත් ආසයි සුදු වෙන්න නම්. ඒත් අත්හදා බැලීම් කරන්න නම් හරිම බයයි. මීට අවුරුදු කිහිපයකට කලින් කිව්වා ඇඟ කෙට්ටු වෙන්න ගම්මිරිස්, සුදුලූණු, ගොරකා ඔක්කොම අඹරලා තලපයක් හදලා පාන්දර කන්න කියලා හවසට තැඹිලි බොන්න කිව්වා. මේ දේ ටික දවසක් කරනකොට මගේ මුළු හමම යන්න ගත්තා මාස දෙකක් විතර මම ගෙදරින්වත් එළියට බැස්සෙ නැහැ. අම්මේ එදා මෙදාතුර ලස්සන වෙන්න. හැඩවෙන්න කියලා කරන අත්හදා බැලීම් නම් කරන්න ගියේ නැහැ.....(සිනාසෙමින්)

ලස්සන කෙනෙකුට ලැබෙන්නේ වාසනාවකටද?

ඔව්. දෙවියෝ දුන්න වාසනාව  ‘ලස්සන’ කියලයි මම විශ්වාස කරන්නේ. මට ලැබී තිබෙන පි‍්‍රයමනාප පෙනුම නිසයි අද මා රංගන ශිල්පිනියක් ලෙසින් පේ‍්‍රක්‍ෂක ආදරය නොඅඩුව ලබන්නේ.

ලස්සන කියා ඔබ දකින්නේ කුමක්ද?

ලස්සන කියා මා දකින්නේ කෙනෙකුගේ මුහුණෙ ලස්සනම පමණක් නොවේ. කෙනෙකුගේ හදවතයි. මුහුණට වඩා ලස්සන වෙන්න  ඕනේ. බොහෝ මුහුණෙන් ලස්සන අයගේ හදවත එතරම් ලස්සන නැති බව ආශ‍්‍රය කරනකොට පේනවා. මගේ පෞද්ගලික අදහස නම් අපි දන්නා, නොදන්නා කෙනෙකුට පාන සිනාව පවා අව්‍යාජ විය යුතුයි කියා මූණට ඉලාස්ටික් හිනාවක් දාලා, යනකම් ඉඳලා මූණවල් අකුල ගන්නවාට මම කැමති නැහැ.

හිත ලස්සනට තියා ගන්න  ඕනේ කියා ඔබ විශ්වාස කරනවාද?

ඔව්. මම බෞද්ධයෙකු ලෙසට බෞද්ධ දර්ශනයට අනුව ජීවත් වෙමින් මනසේ ඒකාග‍්‍රතාවය තබා ගන්න නිතරම උත්සාහ කරනවා. හිත ලස්සන නම් ගතත් අපි නොදැනුවත්වම ලස්සන වෙන බවයි මගේ අදහසනම්.

 

අසුන්තා එදිරිසූරිය
Image may contain: 1 person, smiling, standing

Image may contain: 2 people, people smiling, people standing

Share This Article
Hiru Tv Blog
එදා ගරා යකුම් යාගයේ අයිලයක් සෑදීමට යොදා...
Hiru Tv Blog
* වෛද්‍ය උපදේශය වන්නේ දිනකට ජලය ලීටර් 1.5...
Hiru Tv Blog
Friday, 14 June 2019 - 12:42
Hiru Tv Blog 797 Views
ලස්සන කියන්නේ තමන්ට තමන්ගේ රුව ගැන ඇතිවන...
Hiru Tv Blog
Friday, 14 June 2019 - 10:06
Hiru Tv Blog 1,797 Views
‘‘‍ඩොක්ටර් අද උදේ නැගිටපු වෙලාවෙ ඉඳල...
Hiru Tv Blog
Wednesday, 12 June 2019 - 10:18
Hiru Tv Blog 609 Views
 අද ලෝකයට මහත් තර්ජනයක්ව පවතින සංක‍්‍රමණික...
Hiru Tv Blog
පසුගියදා මෙලොව එලිය දුටු බ්‍රිතාන්‍ය රජ පවුලේ අලුත්ම සාමාජිකයා වන හැරී මෙගන්...
Hiru Tv Blog
පසුගියදා එංගලතයේ පැවති  කාටර් කුසලාන පොලෝ තරඟාවලියට රැජිනියන් දෙදෙනෙකු සහභාගී...
Hiru Tv Blog
සුපිරි දමිල සිනමා නළු සුර්යාගේ අලුත්ම දමිල චිත්‍රපටය වූ ‘NGK’ චිත්‍රපටය මේ...
Hiru Tv Blog
ලෝක ප්‍රසිද්ධ ඇවෙන්ජර්ස් චිත්‍රපට මාලාවට සමගාමීව නිෂ්පාදනය කර ඇති Avengers පරිඝනක...
Hiru Tv Blog
5G තාක්ෂණය සංවර්ධනය කිරීම වෙනුවෙන් හුවාවේ සමාගම සහ චීනය අතර අවබෝධතා ගිවිසුමක්...
Hiru Tv Blog
ඇපල් සමාගමේ එදා සිට අද දක්වාම සංගීතය හා බැඳී තිබුණ iTuens නම් එහි එකම සංගීත යෙදවුම...
Top