විවාහ වෙලා මාස 6 යි- බිරිඳගේ උපන් දිනය වෙනුවෙන් මිතුරන් සමඟ පාටි දමා දියේ ගිලුණු සුදර්ශන
Monday, 11 February 2019 - 16:07 | Views - 4,098
බදුරලිය  මෝල්කාව මාකෙලි ඇල්ලේ  ඊයේ(10) දිනයේදී දිය නෑමට ගොස් අතුරුදන්ව සිටි තරුණයෙකු සිරුර සොයාගෙන තිබෙනවා.

බදුරලිය පොලිසිය පැවසුවේ මේ දිනවල පවතින අධික වර්ෂාව නිසා මාකෙලි දොලේ ජල පහර සැර වැඩි වීම නිසා මෙම තරුණයාගේ මල සිරුර සෙවිමට ඊයේ දින අපොහොසත් වුණු බවයි.

මෙසේ අතුරුදන්ව ඇත්තේ  මොරටුව ප්‍රදේශයේ පදිංචි   වන්නි ආරච්චිගේ උදායි  සුදර්ශන  ෆොන්සේකා නම් තරුණයෙකු   බවත් ඔහු   මොරටුව  නගරසභාවේ සේවකයෙකු බවත්  පොලිසිය පවසනවා.

විවාහ වී හයමසක් වු සුදර්ශන 09 වනදා තම බිරිදයේ උපන්දිනය වෙනුවෙන් නිවසේදි සාදයක් පවත්වා 10න දින   තවත් මිතුරන් තීදෙනෙකු   සමග   පාලින්ත්‍දනුවර මෝල්රිකාව මාකෙලි ඇල්ල නැරඹීම සදහා ත්‍රී රෝද  රථයකින්  පැමිණි තිබෙනවා.

මෙම පුද්ගලයා ඔවුන්  සමඟ  මාකෙළි ඇල්ලට යාම සදහා  ත්‍රී රෝද  රථය රථගාලේ නවතා බැසයාමේදි රථ ගාල භාරව සිටි පුද්ගලයා පවසා ඇත්තේ වැස්ස නිසා ජලය වැඩි බැවින් දියනෑමට නොයන ලෙසයි.

නමුත් එය ගනන් නොගෙන ඇල්ල වෙත ගිය ඔවුන් ඇල්ලේ ඉහලින් ඇති බිසෝවලනම් වූ ස්ථානයේ දිය නාමින් සිටියදී උදායි  සුදර්ශන ගිලී අතුරුදන් වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බදුරලිය පොලිසියට ලැබුණු තොරතුරක් මත අතුරුදහන් වූ පුද්ගලයා සෙවීම සඳහා නාවික හමුදාව කැඳවීමට සහ අවශ්‍ය අනෙකුත්  පියවර ගෙන තිබෙනවා.

මේ දින වල පවතින වර්ෂාවත් සමඟ මාකෙලිය ඇල්ල වඩාත් සක්‍රීය වීමෙන් දිය නෑමේදී විශාල අවදානමක් තියෙන බවත් මීට පෙරද මෙම ස්ථානයේ ජීවිත 40ක් බිලි වී ඇති බවත් ගම්මුන් පවසනවා.

පොලිසිය සිදු කරන ලද පරීක්ෂණ වලදී හෙළි වී ඇත්තේ මෙම පිරිස අතර සිටි අයෙකු දියේ ගසාගෙන යද්දී ඔහුව බේරාගැනීමට උත්සාහ කිරීමේදී  මෙම තරුණයා දියේ ගිලී අතුරුදහන් වී ඇති බවයි.

කෙසේ වුවද මෙම ස්ථානයේ මේ වනවිටත් කිහිපදෙනෙකුටම ජීවිත අහිමි වී ඇතැයි ද,ඒ සෑම කෙනෙකුම මෙම දිය ඇල්ල නැරඹීමට හා එහි දියනෑමට පිට පලාත්වලින් පැමිණ බීමත්ව හැසිරිමෙන් මෙම මරණ සිදුවන බවද පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බදුරලිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Share This Article
Hiru Tv Blog
රූ සපුව ඔප්නංවා ගැනීමට ඔලිව් තෙල් භාවිතය...
Hiru Tv Blog
Saturday, 17 August 2019 - 10:13
Hiru Tv Blog 826 Views
ආයුර්වේද - හෝමියෝපති - යුනානි -  බටහිර වෙදකම...
Hiru Tv Blog
බොහෝවිට මේවා මුහුණේ, කොන්දේ සහ කන් මත ඇති...
Hiru Tv Blog
Friday, 16 August 2019 - 12:17
Hiru Tv Blog 1,487 Views
ලස්සන කියන්නේ තමන්ට තමන්ගේ රුව ගැන ඇතිවන...
Hiru Tv Blog
ඔබ සිතයි ඒක කරන්න පුළුවන්ද කියලා. ඔව්......
Hiru Tv Blog
රුවන්.. මුලින්ම වාසනාව මුණගැහුණේ කොහොමද..?අපි දෙන්නම එකම කැම්පස් එකේ. කොළඹ විශ්වවිද්‍යාලයේ...
Hiru Tv Blog
ප්‍රියංකා චොප්රා, නික් ජෝනාස් කියන්නෙ ඉතාම ජනප්‍රිය අඹු සැමි යුවළක් බව කවුරුත්...
Hiru Tv Blog
ලබන වසරේ මාර්තු 20 වැනිදා ප්‍රදර්ශනය වීමට සූදානම් කර ඇති රෝහිත් ෂෙට්ටිගේ සූර්යවංශි...
Hiru Tv Blog
Saturday, 06 July 2019
Hiru Tv Blog 2,929 Views
1G , 2G, 3G  යන යුග පසු කරමින් වර්තමානයේ අපි ඉන්නේ 4G, 4G LTE  යුගයේ, ඔන්න දැන් 4G LTE  යුගයේත්...
Hiru Tv Blog
පසුගියදා Facebook, Instagram, WhatsApp යන සමාජ මාධ්‍ය ජාලා හදිසියේම කඩාවැටීමකට ලක්වුණා. WhatsApp සහ...
Hiru Tv Blog
Android 4.0.3, IOS 8 හෝ KaiOS 2.5.1 මෙහෙයුම් පද්ධති වලින් ක්‍රියාත්මක වන ජංගම දුරකථන WhatsApp භාවිතය...
Top