බිත්තර ශීතකරණයේ තැබීම හොඳද ?
Friday, 08 February 2019 - 10:55 | Views - 1,014
ලොව පුරා බොහෝ දෙනෙක් බිත්තර තමාගේ ආහාරවේලට එකතු කරගන්න දැඩි කැමැත්තක් දක්වනවා. බිත්තර ඉතාමත් පෝෂ්‍යදායි මෙන්ම ප්‍රනීත ආහාරයක්. ඒ විතරක්ම නෙමෙයි වෙනත් ආහාරයකට වඩා ඉක්මනින් පිළියෙල කර ගත හැකි නිසා කාර්යබහුල කවුරුත් බිත්තර වැඩි වශයෙන් මිලදී ගන්නවා. නමුත් බිත්තර වැඩි වශයෙන් ආහාරයට එකතු කර ගත්ත ද ඒවා අසුරා තැබීමේ නිසි පිළිවෙල ගැන බොහෝ අයට දැනුමක් ඇත්තේ නෑ.

බිත්තර අසුරා තබන ස්ථානය පිළිබඳ අපි එතරම් අවධානය යොමු නොකළත් ඒවා නිසිතැන නිසි තත්ත්ව යටතේ ඇසුරුම් නොකළොත් ඇතැම්විට සෞඛ්‍යමය අතින් හානිදායක වීමේ හැකියාවක් ද පවතිනවා. උතුරු ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, ජපානය ආදී රටවල් බොහෝදුරට බිත්තර ඇසුරා තැබීම සඳහා ශීතකරණ භාවිතා කරනු ලබනවා. නමුත් ඇතැම් රටවල් සාමාන්‍ය කාමර උෂ්ණත්වය යටතේ බිත්තර අසුරා තබා ගනු ලබනවා.

අපි හැමදෙනාම දන්නා පරිදි බිත්තර ආහාරයට එකතු කර ගැනීමේදි ප්‍රධාන තර්ජන ඇතිවන්නේ සැල්මොනෙල්ලා නැමැති බැක්ටීරියාවෙන්. යම් ලෙසකින් සැල්මොනෙල්ලා බැක්ටිරියාව බිත්තර කටුව අවට තැන්පත් වී තිබුණොත් ශීතකරණය නොවූ පරිසරයකට වඩා ශීතකරණයට ලක් වූ පරිසරයක් තුළ හොඳින් වර්ධනය වන බව ඇතැම් වෛද්‍ය පර්යේෂකයන් විසින් මත පළ කර තිබේ. නමුත් ඇමරිකානු රටවල මතය වී ඇත්තේ සැපයුම්කරුවාගේ සිට වෙළඳපල දක්වා බිත්තර ප්‍රවාහනය වන අතරතුර සැල්මොනෙල්ලා බැක්ටීරියාවට විරුද්ධව සිදුවන පිරිසුදු කරන ක්‍රියාවලි හරහා ඒවා බිත්තර තුළින් ඉවත්වන බවයි. යුරෝපීයන් බිත්තර ලබා ගැනීමේදී සැල්මොනෙල්ලා බැක්ටීරියාවට එරෙහිව සිදුකරන කුකුලන් එන්නත් කිරිමේ වැඩ පිළිවෙල නිසා එසේ බිය වීම අනවශ්‍ය බවත් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් ඔබ ආහාරයට ගන්නා බිත්තර මිලදි ගන්නා ස්ථාන අනුව ඒවා ගබඩා කර තබන ස්ථාන තීරණය කිරීමේ වගකීම ඔබ සතු කාර්යයක්. ඒ වගේම බොහෝදුරට වෙළඳපලෙන් මිලදී ගන්නා බිත්තර ශීතරණයේ අසුරා නැවත සාමාන්‍ය කාමර උෂ්ණත්වය යටතේ තිබෙන්නට හැරීමෙන් ද බැක්ටීරියා ගනනය තවදුරටත් වැඩිවන බව ඔවුන්ගේ අදහසයි. කොහොම වුණත්, බිත්තර දවසක් අසුරා නැවුම් බිත්තර ආහාරයට ගන්නවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ.

ඒ වගේම බිත්තර ශීතකරණය තුල ඇසිරීමේදී භාජන තුල දමා අසුරා තැබීම සුදුසුයි. බොහෝ දෙනා ශීතකරණයේ දොරෙහි බිත්තර ගබඩා කරනවා. එය සුදුසු ක්‍රමය නෙමෙයි.

Share This Article
Hiru Tv Blog
යෝගාසන සම්බන්ධයෙන් සමහර පුද්ගලයන් සිතන්නේ...
Hiru Tv Blog
ඇස් වටා කළු පැහැවීම සහ ඇස් වටා සම රැලි වැටීම...
Hiru Tv Blog
රැකියා ස්ථානයේ දී කවුරුන් හෝ පැවසූ දෙයක්...
Hiru Tv Blog
දිනකට තක්‌කාලි දෙකකට වඩා අනුභව කරන වැඩිහිටි...
Hiru Tv Blog
මෙසේ පිටතට නොපෙනෙන උදරය හා අභ්‍යන්තර...
Hiru Tv Blog
ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නිළි නයනතාරා හා ඉන්දීය නළු විග්නේෂ් ශිවන් අතර ඇති...
Hiru Tv Blog
මිචෙල් දිල්හාරා කියන්නේ නිරන්තරයෙන්ම රංගනයෙන් දකින්න ලැබෙන චරිතයක්. ඒ වගේම...
Hiru Tv Blog
මගේ තාත්තා වැඩ කළේ මිල්ටරි හමුදාවේ. 1955 දී මගේ තාත්තාට හුරුළුවැව ව්‍යාපාරය යටතේ...
Hiru Tv Blog
Saturday, 06 July 2019
Hiru Tv Blog 6,294 Views
1G , 2G, 3G  යන යුග පසු කරමින් වර්තමානයේ අපි ඉන්නේ 4G, 4G LTE  යුගයේ, ඔන්න දැන් 4G LTE  යුගයේත්...
Hiru Tv Blog
පසුගියදා Facebook, Instagram, WhatsApp යන සමාජ මාධ්‍ය ජාලා හදිසියේම කඩාවැටීමකට ලක්වුණා. WhatsApp සහ...
Hiru Tv Blog
Android 4.0.3, IOS 8 හෝ KaiOS 2.5.1 මෙහෙයුම් පද්ධති වලින් ක්‍රියාත්මක වන ජංගම දුරකථන WhatsApp භාවිතය...
Top