Latest News
ඇපල් iPhone දුරකථනය වෙනස් වූ හැටි
Wednesday, 06 February 2019 - 14:23 | Views - 6,710
ලොව පුරා ඇපල් ජංගම දුරකථනවල අලෙවිය අඩු වීම හේතුවෙන්, iPhoneවල මිල අඩු කිරීමේ අදහසක් ඇති බව එම ආයතනයේ ප්‍රධානියා වන ටිම් කුක් ඇඟවීමක් සිදු කර ඇතැයි විදෙස් වාර්තා පවසයි.

ඊට හේතුව වී ඇත්තේ, ඇපල් ජංගම දුරකථනවල 'හෑන්ඩ් සෙට්' උපාංගවල අලෙවිය 15%කින් පහත වැටී තිබීමයි.

ඇපල් සමාගම සිය ප්‍රථම iPhone ජංගම දුරකතනය එළිදැක්වූයේ 2007 වසරේ ජුනි මස ඇමරිකා එක්සත් ජනපදයේදීය.

වේගවත් 3G තාක්‍ෂණය වෙනුවට 2G සම්බන්ධතාව යොදා ගැනීමට ඇපල් සමාගම ගත් තීරණයත් සමග, මෙම ප්‍රථම දුරකතනය ප්‍රසිද්ධියට පත් වූයේ iPhone 2G ලෙසය.

පසුගිය වසරේ දී ඇපල් සමාගම iPhone XR, iPhone XS සහ XS Max නම් තවත් ස්මාර්ට් ජංගම දුරකතන තුනක් වෙළෙඳපොළට හඳුන්වා දුන්නේය.

මේ අතරින් මිලෙන් අඩුම දුරකතනය ඇමරිකානු ඩොලර් 980ක් වන අතර, මිලෙන් අධිකම දුරකතනය ඩොලර් 1897ක් ලෙස මිල කර තිබේ.

නමුත් මේ අධික මිල ගණන් නුදුරේදීම වෙනස් වන බව ඇපල් සමාගමේ ප්‍රධානියා වන ටිම් කුක් සඳහන් කළ ද, එය කෙදිනක කෙසේ සිදුවේ දැයි තවමත් හෙළි කර නොමැත.
Share This Article
Hiru Tv Blog
අද බොහෝ නිවෙස් වටා ඇති ගෙමිදුල් කොන්ක්‍රීට්...
Hiru Tv Blog
පලතුරු කිව්වම මුලින්ම අපගේ මතකයට එන පලතුරක්...
Hiru Tv Blog
අවුරුදු සමයේ ආහාර රස ගැන්වීම සඳහා කෘත්‍රිම...
Hiru Tv Blog
අපේ සිරුරට සීනි එතරම් හිතකර නැති බව දැන්...
Hiru Tv Blog
බොහෝ හිත්වල අලුත් බලාපොරොත්තු මල් පූදින...
Hiru Tv Blog
මුහුණු‍පොත සමහරුන්ට යහපතක් කරනවා වගේම මුහුණු‍පොත නිසා සමහරුන්ට විවිධාකාර...
Hiru Tv Blog
ජනප්‍රිය නිරූපිකාවක් මෙන්ම රංගන ශිල්පිණියක් වන ෂෙරිල් රොමෙන් ඩෙකර් පසුගියදා...
Hiru Tv Blog
මුලින්ම කියමුකෝ... මේ දවස්වල මොනවද කරන්නේ කියලා?මේ දවස්වල එහෙම විශේෂ කිසිම කටයුත්තක්...
Hiru Tv Blog
Friday, 08 February 2019
Hiru Tv Blog 11,203 Views
ලොව පුරා ඇපල් ජංගම දුරකථනවල අලෙවිය අඩු වීම හේතුවෙන්, iPhoneවල මිල අඩු කිරීමේ අදහසක්...
Hiru Tv Blog
ලොව පුරා ඇපල් ජංගම දුරකථනවල අලෙවිය අඩු වීම හේතුවෙන්, iPhoneවල මිල අඩු කිරීමේ අදහසක්...
Hiru Tv Blog
ලෝක ප්‍රකට ගූගල් සමාගම පවත්වාගෙන යන සමාජ මාධ්‍යක් වන ගූගල් ප්ලස් (google+) සේවාව...
Top