වින්ඩෝස් පරිගණක පද්ධතියට අලුත් වෛරසයක්
Wednesday, 30 January 2019 - 12:01 | Views - 3,643
වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ඔස්සේ ව්‍යාප්ත වන නව පරිඝනක වෛරසයක් පිළිබඳව වාර්තා වනවා.
ශ්‍රී ලංකා පරිඝනක හදිසි ප්‍රතිචාර සංසදය අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.
වින්ඩෝස් 7 / 8.1 සහ 10 වැනි මෙහෙයුම් පද්ධතිවලට මෙමගින් බාධා එල්ලවන බවයි එහි තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රවිඳු මීගස්මුල්ල මහතා වැඩිදුරටත් පෙන්වාදෙන්නේ.
නොමිලේ භාගතකර කිරීමේ හැකියාව ඇති පරිඝනක මෘදුකාංග හරහා මෙම වෛරසය පැතිරීම සිදුවනවා.
එමගින් පරිඝනකයේ ගබඩාකර ඇති අත්‍යවශ්‍ය දත්තවලට හානි සිදුවීම අවදානමක් පවතින බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
මේ හේතුවෙන් පරිඝනකයේ ගබඩාකර ඇති අත්‍යවශ්‍ය දත්ත පරිඝනකයෙන් බැහැරව ගබඩ කර තබා ගන්නා ලෙසටයි වෙනත් ශ්‍රී ලංකා පරිඝනක හදිසි ප්‍රතිචාර සංසදය පවසන්නේ.
කෙසේවෙතත් ඔවුන් වැඩිදුරටත් පෙන්වාදෙන්නේ මෙහෙයුම් පද්ධතිය යාවත්කාලීනව තැබීමෙන් මෙම වෛරසයේ බලපෑම එල්ලනොවන බවයි.
Share This Article