Latest News
‘රට ගිය අම්මා අපි දෙන්නා අමතක කළා‘-මිහි මත තනි වූ අයියයි නංගියි කියන සංවේදී කතාව
Thursday, 24 January 2019 - 11:35 | Views - 1,592
අලුත් අවුරුද්දක් උදා වුණා. ඉස්කෝලේ නිවාඩුව ඉවර වුණා. ආයෙත් ඉස්කෝල පටන්ගත්තා. ළමයි අලුත් ඇඳුම් ඇඳගෙන අම්ම තාත්තට වැඳලා අලුත් පොත්පත් බෑග් කරේ එල්ලාගෙන හරිම සතුටින් ඉස්කෝලේ ගියා.  ඒත්, පස්සර බිබිලේගම මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන චාමිකර සම්පත් මධුවන්ත දිසානායක හා ඔහුගේ නංගි අලුත් අවුරුද්දෙත් ඉස්කෝලේ ගියේ හරිම දුකින්. එයාලට වැඳල යන්න ආශිර්වාද ලබන්න තාත්තා හෝ අම්මා හිටියේ නැහැ.   

16 හැවිරිදි මේ අයියා ඉගෙන ගන්නේ 12 වන ශ්‍රේණියේ. නංගි ඉගෙන ගන්නේ 6 වන ශ්‍රේණියේ.  
මේ අයිය නගෝ කියන කතාව ඉතාම සංවේදී එකක්.  

“අපේ තාත්තා කුලී වැඩකරලා අපිව හදා වඩාගත්තා. ඔහොම ඉන්න කොට තමයි තාත්තා අසනීප වුණේ. ලෙඩේ හොයාගන්න කල් ගියා.  

ඒක පිළිකාවක්.  

තාත්තා ඔත්පළ වුණා. මුලදි අම්මා ණය සල්ලි අරන් තාත්තාට බේත් ගන්නත් ඉස්පිරිතාලෙට යන්නත් වියදම් කළා.  

අපි හොඳටම ණය වුණා. ඊට පස්සේ අම්මා තීරණය කළා පිටරට යන්න. අම්ම අපි ගැන හිතලා ගෘහසේවිකා රැකියාවට රට ගියා.  

එතැන් සිට තාත්තා බලාගත්තේ මම. නංගී බලාගත්තෙත් මම. කෑම හැදුවෙත් මම. ගෙදර වැඩ ඔක්කොම කරන ගමන් පාඩම් කටයුතුත් කළා. සාමාන්‍ය පෙළත් පාස් වුණා.  
රට ගිය අම්මා මුලදී කතාකරල දුක් සැප ඇහුවත්, කාලයක් යනකොට කතා කිරීම නතර වුණා.  

අපි අන්ත අසරණ වුණා. තාත්තට හොඳටම අමාරු වුණා. බදුල්ල මහ රෝහලට අරන් ගියාට පස්සේ තාත්තා මියගියා. මගේ අත්දෙක උඩ තාත්තා මිය යනකොට මම තාත්තා බදාගෙන පැය ගණනක් ඇඬුවා.  

ඊට පස්සේ ගමේ අයයි නෑයොයි එකතුවෙලා මිනිය ගෙදරට ගෙනාවා. අම්මාට දැනුම්දීමට උත්සාහ කළත් අම්මා මගහරින බව අපට තේරුණා. අම්මා තාත්තාගේ මරණයටවත් ආවේ නැහැ. ආයේ අම්මා අපි බලන්න එන එකක් නැහැ. අපේ ගෙදර කටුමැටි ගැසූ ඉතා පුංචි එකක්. කඩාවැටෙන්න ආසන්නව තිබුණා. තාත්තාගේ මරණයෙන් පස්සේ නංගිටයි මටයි ගෙදර ඉන්න බය හිතුණා. ඊට පස්සේ ආච්චි ඇවිත් අපි දෙන්නා මහගෙදරට එක්කරගෙන ගියා.  

නමුත් හත් දවසේ දානෙන් පස්සේ අපිට ඇතිවුණ ප්‍රශ්න නිසා මම මහගෙදරින් ඇවිත් පුංචි අම්මාට කිව්වම පුංචි එයාගේ ගෙදර මාව නතර කරගත්තා.  

තුන්මාසේ දානය මට කිව්වෙත් නැහැ. තුන්මාසේ දානෙන් පස්සේ නංගිටත් කරදරයි කියලා එයත් පුංචි අම්මලාගේ ගෙදරටම ආවා. දැන් අපි ඉන්නේ ඒ ගෙදර. මේ ගෙදරත් කටුමැටි ගැසූ පැල්පතක්. හොඳටම අබලන්.  

වහල දිරලා ගේ ඇතුළ තෙමෙනවා. පොත පතත් තෙමෙනවා. පාඩම් කරන්නත් බැහැ. විදුහල්පතිතුමාත්, ගුරු මහත්ම මහත්මීනුත් පුළුවන් විදියට උදව් කරනවා. හැබැයි අපි හරිම අසරණයි.   

මේ ගෙදර පුංචි තාත්තාගේ ඔළුවේ ගෙඩියක් ඔපරේෂන් කළාට පස්සේ එයාත් එක්තැන්ව රෝගියෙකු වෙලා ​ඉන්නේ. පුංචි අම්මාත් ලෙඩින්, සමහර වෙලාවට කුලී වැඩට යනවා. හරිම අමාරුවෙන් අපි බලාගන්නවා” යැයි ද චාමිකර පැවසුවේ අප දෑසට කඳුළු නංවමිනි.   

අපි ඒ පැල්පතට ගියෙමු. සැබැවින්ම එය කොයි මොහොතේ කඩාවැටේදැයි කිව නොහැකි තරම් අබලන්ය.  

මේ දරුවන්ට පොතපත පාඩම් කිරීමට බැරි තරමට වැසි ජලය අබලන් වහලෙන් බිමට පනී. සමහර අවස්ථාවන්හි බඩගින්නේ පවා සිටීමට ඔවුන්ට සිදුව ඇති බව පුංචි අම්මා කීවේ සුසුම් හෙලමිනි.   

එහෙත් මේ දරු දෙදෙනා කෙසේ හෝ රැකබලාගන්නා බව ඇය පැවසුවේ වැදූ අම්මාට නොතිබූ දරු සෙනෙහස තමාට ඇති බව පසක් කරමිනි.  

Share This Article
Hiru Tv Blog
අද සමාජයේ! කුඩා, තරුණ, මහලු බොහෝ පිරිසක්‌...
Hiru Tv Blog
අපේ අතීත මුතුන්මිත්තන් නිරෝගී ජීවිත ගතකළ...
Hiru Tv Blog
හැම කාන්තාවක්ම තමන්ගේ කොණ්ඩය ලස්සනට නිරෝගී...
Hiru Tv Blog
වයසට වඩා අඩු වයස් පෙනුමක් ලැබෙනවට කාන්තාවන්...
Hiru Tv Blog
උද්භිද විද්‍යාත්මක නාමයෙන් Abelmoschus moschatus ...
Hiru Tv Blog
ජනප්‍රිය ගායක තීක්ෂණ අනුරාධ ඊයේ දිනයේ සිය අලුත් නිවසේ පදිංචියට ගියා. එම ඡායාරූප...
Hiru Tv Blog
රංගන ශිල්පීන් දෙපළක් වන ගයාන් වික්‍රමතිලක සහ චතුරිකා පීරීස් පිළිබඳව පසුගිය...
Hiru Tv Blog
අනුරාධා රංගනයට එන්නේ අහම්බයකින් නේද?මම මේ ක්ෂේත්‍රයට එන්නේ අහම්බයකින්. මම වෙළෙඳ...
Hiru Tv Blog
Friday, 08 February 2019
Hiru Tv Blog 1,648 Views
Hiru Tv Blog
ලෝක ප්‍රකට ගූගල් සමාගම පවත්වාගෙන යන සමාජ මාධ්‍යක් වන ගූගල් ප්ලස් (google+) සේවාව...
Hiru Tv Blog
වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ඔස්සේ ව්‍යාප්ත වන නව පරිඝනක වෛරසයක් පිළිබඳව වාර්තා...
Hiru Tv Blog
කොටස් දෙකකින් දිග හැරීමෙන් බැබ්ලට් පරිගණයක් බවට පරිවර්තනය කර ගත හැකි ස්මාර්ට්...
Top