ගුවන්යානා මගින් වළාකුළු සහයට ගෙන කෘත්‍රීම වැසි ඇති කරන්න යයි
Thursday, 24 January 2019 - 11:17 | Views - 2,375
ලංකාවේ ප්‍රථම වරට ක්‍රියාත්මක කිරීමට නියමිත ‘කෘතිම වැසි‘ ව්‍යාපෘතියේ අවබෝධතා ගිවිසුම් විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතර ඊ‍යේ(23) අත්සන් තැබිණි.

නියඟය නිසා ජල විදුලි නිෂ්පාදනයට ඇතිවන බාධා ඉවත් වන අතර නව ව්‍යාපෘතිය හඳුන්වාදීම ලබන මස අග වනවිට ක්‍රියාත්මක කිරීමට අ‍පේක්ෂිතය. ‍මේ සඳහා තායිලන්ත රජයෙන් තාක්ෂණීක ඥානය ලබා ගැනීමට නියමිතය.

වැසි රහිත කාලගුණික තත්ත්වයන් යටතේ ජල විදුලි නිෂ්පාදනයට බලපානු ලබන ගැටලු අවම කිරීම සඳහා කෘතිම වැසි ඇතිකිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

මේ යටතේ වියලි කාලගුණයක් පවතින් අවස්ථාවල දී වළාකුළු උපයෝගී කරගනිමින් කෘතීම වැසි ඇති කිරීමට පියවර ගනු ලැබේ. තායිලන්ත රජයේ තාක්ෂණික ඥාණය උපයෝගී කරගනිමින්, ලංකාවේ ප්‍රථම වරට ක්‍රියාත්මක කිරීම නියමිත මෙම කෘතිම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් ගුවන් යානා සැපයීමට එකගවී තිබේ.

ඒ අනුව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ලංකා විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමඟ අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ රාජ්‍ය අමාත්‍ය චම්පික ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයෙන් ඊ‍යේ (23) පෙරවරුවේ ගුවන් හමුදා මූලස්ථානයේ දී සිදු කෙරිණි. මෙහි දී ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවෙන්, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ ලේකම්, ආචාර්ය බී.එම්.එස්. බටගොඩ මහතා සහ ගුවන් හමුදාව වෙනුවෙන් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ගිවිසුමට අත්සන් තබන ලදී.

මෙහිදි අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,

‘වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින අවස්ථාවල දී ගුවන්යානා දෙකක් මගින් වලාකුළු උපයෝගී කරගනිමින් කෘතීම වැසි ඇති කිරීමට අපි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තුළින් බලාපොරොත්තු වෙනවා. මේ සඳහා අපට තායිලන්ත රජය විසින් තාක්ෂණික ඥාණය ලබාදෙනවා. වියළි කාලවල දී ජල විදුලිය ජනනයට ඇතිවන අපහසුතා මගහරවා ගැනීම සඳහා බලාගාර ආශ්‍රිත ප්‍රදේශයන්ගේ වළාකුළු ඇති කර මෙම කෘත්‍රීම වැසි ඇති කිරීමට පියවර ගන්නවා. ප්‍රථම වතාවට තමයි ලංකාවේ මෙවැනි ක්‍රමයක් ඇති කරන්නේ. ඒ නිසා මේ අද අත්සන් කළේ ඓතිහාසික ගිවිසුමක්. මේ දක්වා ලංකා විදුලිබල මණ්ඩලය වැසි රහිත කාලගුණික තත්ත්වයන් මත ජල විදුලි උත්පාදනය සීමා වීමේ දී, විදුලි ජනනය පුද්ගලික අංශය මගින් සිදුකිරීමට යාමෙන් අධික අලාභයක් ලබා තිබෙනවා.

මේ නව කෘතීම වැසි ක්‍රමය හැකි ඉක්මනින් ක්‍රියාත්මක කිරීමෙන් ලංකා විදුලිබල මණ්ඩලය ලැබූ එම අලාභය අවම කරගැනීමට හැකිවේවි. අපි මෙම ව්‍යාපෘතිය ලබන මස අග වනවිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. අපි මේ සියලු දේ කරන්නේ රටේත් ජනතාවගේ අභීවෘද්ධියට සහ අනවශ්‍ය වියදම් අවම කරගැනීම තුළින් ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහායි’ යැයි පැවැසීය.

මෙහි දී අදහස් දැක්වූ ගුවන් හමුදාපතිවරයා පැවසුවේ, ජලවිදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශයන්ට කෘතිම වැසි ඇති කිරීමේ කාර්යයට ගුවන්යානා ලබාදීම මගින් මෙම නව ව්‍යාපෘතියට අනුග්‍රහය දැක්වීමට ගුවන් හමුදාවට හැකිවන බවත්, ඒ සඳහා ඉදිරියේ දී ගුවන් යානායක් නවීකරණය කරන බවත්, එම ගුවන් යානය මගින් වළාකුළු අතරට රසායනික ද්‍රව්‍යයන් එකතු කිරීමෙන් කෘතීම වැසි ඇති කිරීමට සැලසුම් කර ඇති බවයි. ඉදිරියේ දී මෙම කාර්යය සඳහාම වෙන්කරන ලද ගුවන්යානා ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදීමට අදහස් කරන බවද, තාප බලාගාර වෙනුවට ජලවිදුලිය නිෂ්පාදනය කිරීම සඳහා අද දින මේ අත්සන් කරන ලද ගිවිසුම ඓතිහාසික ගිවිසුමක් බවත්, විදුලි ජනනයට අමතරව නියගය පවතින අවස්ථාවල දී රටේ කෘෂිකර්මාන්තය සඳහාද මෙම ක්‍රමය යොදාගත හැකි බවත් පැවැසීය.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව ඝර්ම කලාපයට අයත් රටකි. මේ ඝර්ම...
Hiru Tv Blog
ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (STIs) සහ HIV සම්ප්‍රේෂණය...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ, පැණි රස කෑම ගැන, ඔබත් පැණිරස...
Hiru Tv Blog
කරවිල කිව්ව ගමන් ඉතින් අපිට මතක් වෙන්නේ...
Hiru Tv Blog
උදේ ඉදලා රෑ වෙනතෙක් මහන්සි වෙලා කවුරු කවුරුත්...
Hiru Tv Blog
බලන්නකෝ මේ පුංචි පවුල අලුත් අවුරුද්ද පිළිගෙන තිබුණ හැටි..  එයාලා ඇත්තටම ගොඩක්...
Hiru Tv Blog
සාරංග - දිනක්ෂි කියන්නේ කොයි කවුරුත් ආදරය කරන කලා ක්ශේත්‍රයේ ඉන්න දක්ෂ යුවලක්.ඉතින්...
Hiru Tv Blog
මේ අපි කාගේත් ජීවිතවලට වසන්තය උදා වුණු වසන්ත කාලේ..මාධවී - කසුන් කැදැල්ලටත් ඒ...
Hiru Tv Blog
මේ වසරේ පළමු සූර්යග්‍රහණය ඊයේ(08) දිස්වුණ අයුරු මේ ආකාරයෙන් සටහන් වෙලා තිබුණා.....
Hiru Tv Blog
"යක්ෂයාගේ වල්ගා තරුව" හෙවත් 12P/පොන්ස්-බෲක්ස් යනුවෙන් හඳුන්වන වල්ගා තරුව වසර 71කට...
Hiru Tv Blog
විශ්වයේ උපත සිදුවූ ආකාරය පිළිබඳව විද්‍යාඥයන් අතර විවිධ වූ මතවාද පවතින බව ඔබ...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Hiru Tv Blog
Friday, 19 January 2024
Hiru Tv Blog 640 Views
Top