යාන්තම් බත් උයන හැටි නම් ඉගැන්නුවා
Wednesday, 23 January 2019 - 11:52 | Views - 4,364
රොෂාන් පිලපිටිය කියන්නේ කවුරුත් ආදරේ කරන ජනප්රිය නළුවෙක්. ඔහුගේ ආදරණීය බිරිඳ තමයි රිද්මා කියන්නේ. මේ ඇයත් සමඟ පුවත්පතක් කළ සාකච්ඡාවකි.
රිද්මා දැන් කාර්යබහුල නිළියක්ලු නේද?
නිර්මාණ කිහිපයකම වැඩකරනවා. ඒත් ගොඩාක් කාර්යබහුල නැහැ. මොකද ලැබෙන හැම නිර්මාණයක්ම භාරගන්නේ නැහැ.
ඒත් රොෂානුයි රිද්මයි නිතරම ඉන්නේ ගෙදරින් පිටනේද?
අපේ ගෙදර අත්උදව්වට මෙහෙකරුවෝ නැහැ. ඒ හින්දා රොෂාන්ට දුර පළාත්වල ෂූටින් වැටුණම මාව තනියම ගෙදර දාලා යන්නේ නැහැ. මාවත් එක් කරගෙන යනවා. ඒ හින්දා තමයි ගොඩාක් වෙලාවට අපි ගෙදරින් පිට ඉන්නේ.
දෙන්නාම ගෙදර ඉන්න දවසට කොහොමද දවස ගෙවන්නේ?
ගේදොර ලස්සනට තියාගන්න මම හරිම ආසයි. මල් වවලා වත්ත ලස්සනට තියාගන්නත් ආසයි. ඒ කටයුතුයි, උයන පිහන කටයුතුයි කරන්න ගියාම දවසම ගෙවිලා යනවා තේරෙන්නේ නැහැ.
රොෂාන්ට උයන්න පුරුදු කළානම් රිද්මට ගේ දොර වැඩ අඩුවෙනවානේ?
යාන්තම් බත් උයන හැටි නම් ඉගැන්නුවා. තවම මාළුපිනි උයන හැටිනම් උගන්වන්න බැරි වුණා.
කතාබහ අතරට ආයෙම රොෂාන් එකතුවෙලා මෙහෙම කිව්වා
රිද්මට රසට උයන්න පුළුවන්. කිරිකොස් මාළු, කොහිල දලු, පොළොස් ඇඹුල් වගේ ගමේ කෑම තමයි එයා වැඩිපුර හදන්නේ.
මේ ප්රශ්නය අහන්නේ රොෂාන්ගෙනුයි රිද්මගෙනුයි දෙන්නාගෙන්ම. විවාහක යුවළකගේ ඊළඟ හීනය තමයි මව්පිය පදවි ලබන එක. ඔබ දෙන්නාත් ඒ හීනය දකිනවාද?
අපි දෙන්නාගේම පවුල්වල අයත් ඔය ගැන අහනවා. මේ වැඩ රාජකාරි එක්ක අපි ටිකක් කාර්ය බහුලයි. ඒ කාර්ය බහුලකමින් ටිකක් මිදුනම ඔය ගැන හිතනවා.
ආරියවංශ කුලතිලක
Share This Article