හංසයන් මරා දැමීමට අවසර ඉල්ලයි
Wednesday, 23 January 2019 - 8:26 | Views - 1,452
ගුවන්යානාවලට අනතුරුදායක තත්ත්වයක් උදා වී ඇති බවට දක්වමින් ස්විස්ටර්ලන්තයේ නිඩ්වෝල්ඩන් ප්රාන්ත රජය හංසයන් මරාදැමීම සඳහා අවසර දී ඇත.
මෙම ප්රාන්තයේ හංස ගහනය වැඩි වී ඇති බවට වාර්තා වී තිබේ.
ප්රාන්තයේ ඇති බුචස් ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් යානාවලට හංස තර්ජනය එල්ල වී ඇති බව ප්රාන්ත බලධාරීහු පවසති.
හංසයකුගේ ආයු කාලය වසර 25 කි. හංසයන්ව මරාදැමීම සඳහා වසර පහකට බලපත්ර දෙන බව ප්රාන්ත රජය කියා සිටියි.
එහෙත් පරිසර සංවිධාන ඊට එරෙහි වී ඇත.
Share This Article