ලාවා වලින් ගල් වුණ මළවුන්ගේ නගරය
Tuesday, 22 January 2019 - 15:09 | Views - 3,198
මළවුන්ගේ නගරය’ යනුවෙන් ප්රචලිතව ඇත්තේ ඉපැරණි රෝමානු නගරයක් වූ පොම්පෙයි නගරයයි.
මෙය නූතන ඉතාලියේ නේපල්ස් නගරයට නුදුරින් පිහිටා තිබූ කුඩා නගරයකි. ලතින් භාෂාවට අනුව පොම්පෙයි යනු අංක පහ සංකේතවත් කරන්නකි. කෙසේවෙතත් විශාරදයන් පවසා සිටිනුයේ පොම්පෙයි නගරය කුඩා ගම්මාන පහකින් නිර්මිත ව පැවති බවකි.
මෙය මළවුන්ගේ නගරය බවට පත් වනුයේ ක්රි.ව 79 දී ඒ අසළ පිහිටි විසූවියස් ගිනිකන්ද විදාරණය වීම සමඟිනි. විසූවියස් ගිනිකන්ද පොම්පෙයි නගරය වෙතින් කිලෝ මීටර් 8ක් නුදුරින් පිහිටා ඇත.
මෙය සියවස් ගණනාවක් මුළුල්ලේ මළ යමහලක් ආකාරයෙන් පැවතීම හේතුවෙන් මිනිසුන් විසූවියස් සමීපයේ වාසය කර ඇත.
එමෙන්ම ගිනිකන්ද සමීපයේ පස සශී්රක වීම හා විවිධ වගාවන් පැවතීම පොම්පෙයි නගරය වෙත මිනිසුන් ගේ පැමිණීම වේගවත් කරලීය. ජන ප්රවාද වලට අනුව විසූවියස් විදාරණයට ප්රථමයෙන් මෙම නගරය භූමිකම්පාවකින් විනාශ මුඛයට ගොස් ඇත. නමුදු විවිධ ජනපදිකයින් මෙම නගරය නාවත සිය වාසස්ථානය කර ඇත.
මෙම ගිනිකන්දෙන් විදාරණය වූ ලාවා තට්ටු වල ඝනත්වය කෙතෙක් ද යතොත් එය අඩි 13 ත් 20ත් තරම් ඝනකමින් යුතු විය. විසූවියස් ගිනිකන්ද විදාරණය වීම අනපේක්ෂිතව සිදු වීම පොම්පේ නගරයේ එකළ ජීවත් වූ ජනතාව ගේ අවාසනාව විය.
වේගයෙන් ගලා ආ ලාවා තට්ටු සමඟින් බේර ගත නොහැකි වූ පුද්ගලයන් 3000කට ආසන්න ප්රමාණයක් එකම දිනක ගින්දර වන් ලාවා තුළ සැඟව ගියේ ඛේදනීය ලෙස ය. මෙම නගරය නැවත සොයා ගන ලැබූවේ 6 හා 7 වෙන සියවස් හි දී ය.
පොම්පෙයි හෙවත් මළවුන්ගේ නගරය මේ වන විට යුනෙස්කෝව මඟින් 1997 දී ලෝක උරුමයක් ලෙස නම් කළ අතර මෙම නගරය වාර්ෂිකව නැරඹීමට පමණක් මිලියන 2.5ක ජනතාවක් ඉතාලිය වෙත පැමිණෙයි.
Share This Article