අධ්‍යාපන විද්‍යාපීඨවලට වසර තුනකින් සිසුන් බඳවා ගෙන නැතැයි වාර්තාවේ.අධ්‍යාපන විද්‍යාපීඨ වලට වසරකට සිසුන් 3500ක් පමණ ගුරු පුහුණුව සඳහා බඳවා ගන්නා අතර එමගින් වාර්ෂිකව ඇතිවන ගුරු හිඟයට විසඳුම් ලබා දෙන බවද ගුරු සංගම් සඳහන් කරයි.
අවසන් වරට විද්‍යාපීඨවලට සිසුන් බඳවාගෙන ඇත්තේ 2015 වසරේ වන අතර ඉන්පසුව 2016 , 2017 සහ 2018 වසර සඳහා බඳවා ගැනීම් සිදුකර නැත.
රටපුරා අධ්‍යාපන විද්‍යාපීඨ 19ක් තිබෙන අතර වාර්ෂිකව ගුරු පුහුණුව සඳහා ඒවාට සිසුන් බඳවා ගැනීම සිදුකෙරේ.