සෞදි තරුණිය මාධ්‍යවේදීන් හමුවට
Thursday, 17 January 2019 - 8:34 | Views - 2,357
තායිලන්තයේ බැංකොක් අගනුවර ගුවන්තොටුපොළේ කොටුවී, පසුව කැනඩා රජයේ මැදිහත් වීමෙන් කැනඩාවේ ටොරොන්ටෝ බලා පැමිණි රහාෆ් මොහොමද් නමැති 18 හැවිරිදි තරුණිය දෙස් විදෙස් මාධ්‍ය හමුවේ පෙනී සිටියාය.
රහාෆ් මොහොමද් මාධ්‍ය හමුවේ පෙනී සිටියේ කැනඩා විදේශ කටයුතු අමත්‍යාංශයේ නිලධාරීන් කිහිප දෙනකු ද සමඟය. ‘මට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. මම ලොකු අවදානමක් ගත්තා.’ යැයි රහාෆ් මාධ්‍ය හමුවේ විස්තර අනාවරණය කළාය.
තමා තම පවුලේ සාමාජිකයන් අතරේ අපා දුක් විඳි බවත්, ඔවුන් තමා වහලියක ලෙස සලකා කටයුතු කළ බවත් රහාෆ් මාධ්‍ය හමුවේ පැවැසුවාය.
Share This Article