යූටියුබ් සමාගම සීමා පනවයි
Wednesday, 16 January 2019 - 12:12 | Views - 3,554
යූ ටියුබ් සමාගම තම චැනලයන් ඔස්සේ ප්‍රචාරය කරනු ලබන වීඩියෝවන් සම්බන්ධයෙන් නව සීමාවන් කිහිපයක් පැණවීමට තීරණය කර තිබේ. ඒ භයානක, හානිදායක හෝ වේදනාකාරී සිද්ධීන්ට අදාළ වීඩියෝ දර්ශන එක් කිරීම තහනම් කිරීමටය.
භයානක, හානිදායක හෝ වේදනාකාරී වීඩියෝ දර්ශන මගින් සිදු වී ඇති සහ සිදු විය හැකි අගතීන් සැලකිල්ලට ගනිමිනුයි සමාගම මෙම තීරණයට එළැඹ ඇත්තේ. යු ටියුබ් ආයතනය පවසන්නේ මෙවැනි කිසිදු ආකාරයේ වීඩියෝවකට මින් පසු තම සමාජ ජාල මාධ්‍ය තුළ ඉඩක් නොදෙන බවයි.
බීබීසී ඇසුරෙණි
Share This Article