Latest News
දක්ෂතම රංගන ශිල්පිනිය වීමට සිහින දකින කාවින්ද්‍යා දුල්ෂානි
Saturday, 12 January 2019 - 15:34 | Views - 302

නවක රංගන ශිල්පිනියන් අතර සිටින දක්ෂ, රුවැති රංගන ශිල්පිනියක ලෙස කාවින්ද්‍යා දුල්ෂානි හැඳින්විය හැකියි. සිද්ධාර්ථ ගෞතම ටෙලි නාට්‍ය සහ තවත් ටෙලි නාට්‍ය කිහිපයක් ඔස්සේ පුංචි තිරයෙන් නිවෙසට ගොඩ වදින ඇය අනාගතයේ දක්ෂතම රංගන ශිල්පිනිය වන්නට පෙරුම් පුරනවා.

කොහොමද කාවින්ද්‍යා...

හොඳින් ඉන්නවා.

මේ දවස්වල හරිම කාර්යබහුලයි වගේ ?

ඔව්. හිරු නාලිකාවේ සිද්ධාර්ථ ගෞතම ටෙලි නාට්‍යය සහ තවත් ටෙලිනාට්‍ය කිහිපයකින්ම රසිකයන් අතරට එන නිසා තමයි මම කාර්යබහුලයි වගේ පේනවා ඇත්තේ. ඉදිරියටත් ටෙලි නාට්‍ය කිහිපයක් එන්න තියෙනවා.

රංගනයට පිවිසුණු ආකාරය ගැනත් කියමු නේද?

2015 එක්තරා රූපවාහිනී නාලිකාවක අවුරුදු කුමරිය තේරීමේ තරගයට ඉදිරිපත් වීමෙන් පසුවයි රංගනයට පිවිසෙන්නේ. මගේ යාළුවෙක්ගේ අක්ක කෙනෙක් තමයි මගේ ඇප්ලිකේෂන් එකක් අවුරුදු කුමරිය තේරීමේ තරගයට ඉදිරිපත් කර තිබුණේ. ඇයට ලොකු විශ්වාසයක් තිබුණා මට ජයග්‍රහණය ලැබෙයි කියා. නමුත් අවසන් දොළොස් දෙනා අතරට එන්නට පමණයි මට අවස්ථාව ලැබුණේ. එහිදී අපි දොළොස් දෙනාවම ස්ක්‍රීන් ටෙස්ට් එකකට ඉදිරිපත් කර එතනින් තේරුණු අයව එම නාලිකාවේම ටෙලි නාට්‍යයක ප්‍රධාන චරිතයකට තෝරා ගන්නවා කීවා. කෙසේ හෝ අපි දොළොස් දෙනාගෙන් මාව තමයි ඒ ටෙලි නාට්‍යයට තේරුණේ.

කෙටි කලකින්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක වීමට හැකිවූයේ පාසල් කාලයේ සිටම රඟ පා තිබෙන නිසාද?

මම පාසල් කාලයේදී කිසිම කලා කටයුත්තකට සම්බන්ධ වු කෙනෙක් නෙමෙයි. දොම්පේ දේවි බාලිකා විද්‍යාලයෙන් අ.පො.ස සා.පෙළ දක්වා හදාරා ඉන් පසුව උසස් පෙළ හැදෑරීමට ගම්පහ සිද්ධාර්ථ විදුහලට ගියා. 2015 වසරෙදි කලා අංශයෙන් උසස් පෙළ හැදෑරුවා. මම නොදැන සිටියාට මට රංගන හැකියාව තිබිලා තියෙනවා. නැත් නම් මේ තරම් දුරක් කලාවේ නියැළෙන්න ලැබෙන්නෙ නෑ.

පවුලේ විස්තර ටිකක් කියමුද?

අම්මයි, තාත්තයි, නංගිලා තුන් දෙනයි. අම්මා නීති උපදේශිකාවක ලෙස කටයුතු කරනවා. තාත්තා ටෙලිකොම් සමාගමේ සේවය කරනවා.

රංගනයට ගෙදරින් ලැබෙන සහයෝගය...

නංගිලා ගොඩක් උදවු කරනවා. ඒ අතරින් ලොකු නංගී ගොඩක්ම සපෝට් කරනවා. අම්මයි, තාත්තයි තමයි ගොඩක් වැඩවලට යද්දි මගෙත් එක්ක තනියට යන්නේ. ඒ අය හැමවෙලේම කියන්නෙ තෝරාබේරාගෙන මට ගැළපෙන චරිත පමණක් භාර ගන්න කියලා. එහෙම නැතුව රඟපාන්න එපා කියල කියන්නෙ නැහැ.

කාවින්ද්‍යා රංගන ශිල්පිනියක වීම ගැන සතුටුයිද?

ඇත්තටම සතුටුයි. මගේ තුළ තිබුණු දක්ෂතාවකින් ප්‍රයෝජනයක් ගැනීමට හැකිවුණා. මේ වන විටත් මම ක්ෙෂ්ත්‍රයේ තරමක් දුර ඇවිත් සිටිනවා. කවදා හෝ හොඳම රංගන ශිල්පිනිය වීමේ බලාපොරොත්තුවෙන් සිටිනවා. එය තමයි මගේ ඉලක්කය. ඒ සඳහා දැන් සිටම ප්‍රවීණයන්ගේ ගරු හරුකම් ලබමින් ඔවුන්ගෙන් ගොඩක් දේවල් මගේ ජීවිතේට ලබා ගන්නවා.

පෙම්වතාගෙන් ලැබෙන සහාය ගැනත් මතක් කරමු...

තවම පෙම්වතෙක් නැහැ. ගැළපෙන හොඳ කෙනෙක් ලැබුණොත් තෝරා ගන්නවා. තවම එහෙම කෙනෙක් ලැබුණේ නෑ.

අනාගත බලාපොරොත්තු...

රංගනයෙන් ඉස්සරහට යන්න වගේම ව්‍යාපාරික පැත්තට යොමු වීමට බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ වගේම ව්‍යාපාර අධ්‍යයනය උපාධිය හදාරනවා. 

Share This Article
Hiru Tv Blog
ගැබිනි මවකට ඒ බව දැන ගැනීම සතුටුදායක ආරංචියක්....
Hiru Tv Blog
සොබා දහම කාන්තාවට සලකා ඇත්තේ අපූරු විදියකටය....
Hiru Tv Blog
Thursday, 14 March 2019 - 8:36
Hiru Tv Blog 883 Views
පවතින කාලගුණ තත්ත්වය නිසා ශරීර උෂ්ණත්වය...
Hiru Tv Blog
Wednesday, 13 March 2019 - 19:40
Hiru Tv Blog 1,083 Views
ඇස් දෙක වාගේ රැක ගන්නම්, කියා සාමාන්‍යයෙන්...
Hiru Tv Blog
Wednesday, 13 March 2019 - 11:30
Hiru Tv Blog 3,849 Views
රෑට නාන්න පුරුදු වෙලා ඉන්න ගොඩක් අය  නොදැණුවත්කම...
Hiru Tv Blog
පසුගිය දිනවල රූපගත කරන්නට නියමිතව තිබු චිත්‍රපටය රූපගත කිරිම් කටයුතු මේ වනවිට...
Hiru Tv Blog
පසුගියදා අති උත්කර්ශවත් ලෙස නිමාවූ ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම...
Hiru Tv Blog
ගීත්මාට රංගනයට එකතු වන්නට අවස්ථාව ලැබුණේ කොහොමද?2018 හිරු අවුරුදු කුමරිය තරගයේ...
Hiru Tv Blog
Friday, 08 February 2019
Hiru Tv Blog 7,240 Views
ලොව පුරා ඇපල් ජංගම දුරකථනවල අලෙවිය අඩු වීම හේතුවෙන්, iPhoneවල මිල අඩු කිරීමේ අදහසක්...
Hiru Tv Blog
ලොව පුරා ඇපල් ජංගම දුරකථනවල අලෙවිය අඩු වීම හේතුවෙන්, iPhoneවල මිල අඩු කිරීමේ අදහසක්...
Hiru Tv Blog
ලෝක ප්‍රකට ගූගල් සමාගම පවත්වාගෙන යන සමාජ මාධ්‍යක් වන ගූගල් ප්ලස් (google+) සේවාව...
Thursday, 28 February 2019
Hiru Tv Blog 16,467 Views
Top