ලොව සුපතල ඔරලෝසු කණු
Saturday, 12 January 2019 - 14:27 | Views - 627

1. බිග් බෙන් (එලිසබත් කුළුණ), ලන්ඩනය

ලන්ඩනයේ වෙස්මිනිස්ටර් මාලිගාවේ පිහිටා ඇති මේ සුප්‍රසිද්ධ ඔරලෝසු කනුව බිග් බෙන් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනවා. 1858 වසරේදී වැඩ නිම වූ මේ ඔරලෝසුව ලෝකයේ සිව් මුහුනැති විශාලතම ඔරලෝසු කුළුණ බවට පත් වෙනවා. ඒ වගේම මේ කුළුණ ලෝකයේ තෙවැනියට උසම ඔරලෝසු කුළුණ බවටත් පත් වෙනවා. ලන්ඩනයේ ජනප්‍රියම සන්ධිස්ථානයක් වන මේ කුළුණ මුළු යුරෝපය තුලම ඉහළ වටිනාකමක් හිමි කරගෙන ඇති ස්මාරක අතර පළමු තැනට නිතරගයෙන්ම පත් වෙනවා.

2. ෆිලඩෙල්ෆියා නගර ශාලාව, ෆිලඩෙල්ෆියා, ඇමරිකා එක්සත් ජනපදය

මේ වරක් ලෝකයේ උසම ගොඩනැගිල්ලට හිමි තැන දිනාගත් ෆිලඩෙල්ෆියා නගර ශාලා ඔරලෝසු කුලුනයි. එහි වැඩ නිම වූ 1901 වසරේ සිට 1908 වසර දක්වා මේ ගොඩනැගිල්ල ඉහළම ස්ථානයේ වැජඹී තිබෙනවා. අදටත් මේ ගොඩනැගිල්ල පෙන්සිල්වේනියාවේ උසම ගොඩනැගිලි අතර 16 වෙනි ස්ථානයේ සිටිනවා. මෙහි උස මීටර 167ක් වේ. සිව් පැත්තෙන්ම ඔරලෝසු 4ක් නිර්මාණය කර ඇති මෙහි ඔරලෝසුවක විෂ්කම්භය මීටර 8 ක් පමණ වෙනවා. කෙතරම් විශාලද කියල ඔයාලටම හිතා ගන්න පුළුවන් නේද?

3. Makkah Royal Clock Tower Hotel, මක්කම, සෞදි අරාබිය

මේ තවත් සුප්‍රසිද්ධ ඔරලෝසු කුළුණක් පමණක් නොවේ. මේ ඔරලෝසු කුළුණ සුපිරි හෝටලක කොටසක්. මක්කම වන්දනාවේ එන ධවතුන්ගේ ප්‍රධානම නවාතැන බවට පත් වන මේ හෝටලයෙහි එක් රැයකට ඩොලර් 5,000ක් පමණ වැය කරන්නට සිදුවෙනවා.

ඒ වගේම මේ සුප්‍රසිද්ධ කුළුණ ගැන සඳහන් කළොත් එය ලෝකයේ උසම ඔරලෝසු කුළුණ වන අතර එය මීටර 601ක උසකින් යුක්ත වෙනවා. ඒ වගේම එහි ඔරලෝසු මුහුණතක් මීටර 43 × 43 ක් පමණ විශාලත්වයකින් යුක්ත වෙනවා.

4. ප්රාග් තාරකා විද්‍යා ඔරලෝසු කුළුණ (The Prague astronomical clock), චෙක් ජනරජය

මෙම තාරකා විද්‍යාත්මක ඔරලෝසු කුළුණ ප්රාග්හි පැරණි නගර චතුරශ්‍රයේ ප්‍රධානතම අංගය බවට පත්වෙනවා. ලොව පුර නන් දෙසින් පැමිණෙන සංචාරකයන් මේ කුළුණ අසල පැයක් පමණ රැඳී සිටිමින් එහි ක්‍රියාකාරිත්ව නැරඹීමට අමතක කරන්නේ නම් නෑ. යුරෝපයේ මධ්‍යතන යුගයට අයත් මේ ඔරලෝසු කුළුණ 1410 වසරේදී ස්ථාපිත කර ඇති බව වාර්තා වෙනවා. මෙය ලෝකයේ පැරණිතම තාරාක විද්‍යාත්මක ඔරලෝසු කුළුණ බවට පත් වෙනවා. ඒ වගේම දැනට ලෝකයේ භාවිතා කරන පැරණිතම ඔරලෝසු කුලුනත් මෙයම තමයි.

5. Rathaus-Glockenspiel, මියුනිච්, ජර්මනිය

මේ සුප්‍රසිද්ධ ඔරලෝසු කුළුණ 1908 වසරේදී ඉදිකර තිබෙනවා. සෑම දිනකම උදෑසන 11ට ගිම්හාන කාලයේදී දහවල් 12 ට සහ සවස 5 ටත් මෙහි කතා මාලා රඟ දක්වනවා. 16 වැනි සියවසේ කතා දෙකක් තමයි මෙයට අන්තර් ගත කර තිබෙන්නේ. ඒ වගේම මේ දර්ශන වාර වලදී ඔරලෝසු කුළුණ ඉදිරිපිට අතුරු සිදුරු නැතිව පිරී යනවා. මේ සඳහා සීනු 43ක්, අඹන ලද මිනිස් රූප 32ක් යොදාගන්නා අතර එක් දර්ශන වාරයක් මිනිත්තු12-15ත් අතර කාලයක් ප්‍රදර්ශනය වෙනවා.



6. Saviour Tower (Spasskaya Tower), මොස්කව්, රුසියාව

මේ කුළුණ රුසියාවේ සුප්‍රසිද්ධ රතු චතුරශ්‍රයේ පිහිටි සාන්ත බැසිල් ආසන දෙව් මැදුර ආසන්නයේ පිහිටා තිබෙනවා. මේ කුළුණ 1491 වසරේදී පලමුවෙන්ව නිර්මාණය කර ඇති අතර 1625 වසරේදී පළමුව භාවිතයට ගෙන තිබෙනවා. මේ කුළුණ හා දේවස්ථානය මොස්කව්හි ප්‍රධානම සංචාරක ස්ථාන බවට පත් වෙනවා.

7. Zytglogge කුළුණ, බර්න්, ස්විට්සර්ලන්තය

මේ සුන්දර මධ්‍යතන යුගයට අයත් කුළුණ 13 වන සියවසේදී පමණ ඉදි කර තිබෙනවා. එතැන් පටන් ආරක්ෂක කුළුණක්, බන්ධනාගාරයක්, හෝරා කුළුණක් ලෙස මෙය භාවිතා කර තිබෙනවා. 15 වන සියවසේ සිට මේ කුළුණ තාරක විද්‍යාත්මක කුළුණක් බවට පත් කර තිබෙනවා. UNESCO ලෝක උරුමයක් ලෙස නම් කර ඇති මේ අපූරු කුළුණ බර්න්හි ප්‍රධානතම සංචාරක ස්ථානයයි.

8. සාමයේ කුළුණ, ඔට්ටවා, කැනඩාව

මේ කුළුණ කැනඩාවේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධානතම අංගයයි. 1916 වසරේදී ගින්නකින් විනාශ වුණු පැරණිවික්ටෝරියා කුළුණ වෙනුවට මෙය ඉදි කර තිබෙනවා. මෙහි උස මීටර 92.2කි. ඒ වගේම මේ පාර්ලිමේන්තු සංකීර්ණයත් ලොව පුරා කාගේත් අවධානයට පාත්‍ර වූ එකක් වෙනවා.

9. Old Joe, බර්මින්හැම් විශ්ව විද්‍යාලය, එක්සත් රාජධානිය

Old Joe යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මේ කුළුණේ සැබෑ නම් ජෝශප් චැම්බර්ලේන් අනුස්මරණ ඔරලෝසු කුළුණ යන්නයි. මීටර 100ක් උස මේ කුළුණ බර්මින්හැම් විශ්ව විද්‍යාලයේ පළමු උපකුලපති වරයා වන ජෝශප් චැම්බර්ලේන් අනුස්මරණය සඳහා ඉදි කර තිබෙනවා. මෙහි වැඩ 1908 වසරේදී අවසන් කර තිබෙනවා.

10. රාජාබායි ඔරලෝසු කුළුණ, මුම්බායි, ඉන්දියාව

මීටර 85 ක් උස මේ කුළුණ මුම්බායි විශ්ව විද්‍යාලය තුළ පිහිටා තිබෙනවා. මෙය ඉංග්‍රීසි ගෘහ නිර්මාණ ශිල්පියෙකු වූ ශ්‍රීමත් ජෝර්ජ් ගිල්බට් ස්කොට් විසින් 1878 වසරේදී නිර්මාණය කර තිබෙනවා.

Share This Article
Hiru Tv Blog
එදා ගරා යකුම් යාගයේ අයිලයක් සෑදීමට යොදා...
Hiru Tv Blog
* වෛද්‍ය උපදේශය වන්නේ දිනකට ජලය ලීටර් 1.5...
Hiru Tv Blog
Friday, 14 June 2019 - 12:42
Hiru Tv Blog 794 Views
ලස්සන කියන්නේ තමන්ට තමන්ගේ රුව ගැන ඇතිවන...
Hiru Tv Blog
Friday, 14 June 2019 - 10:06
Hiru Tv Blog 1,793 Views
‘‘‍ඩොක්ටර් අද උදේ නැගිටපු වෙලාවෙ ඉඳල...
Hiru Tv Blog
Wednesday, 12 June 2019 - 10:18
Hiru Tv Blog 609 Views
 අද ලෝකයට මහත් තර්ජනයක්ව පවතින සංක‍්‍රමණික...
Hiru Tv Blog
පසුගියදා මෙලොව එලිය දුටු බ්‍රිතාන්‍ය රජ පවුලේ අලුත්ම සාමාජිකයා වන හැරී මෙගන්...
Hiru Tv Blog
පසුගියදා එංගලතයේ පැවති  කාටර් කුසලාන පොලෝ තරඟාවලියට රැජිනියන් දෙදෙනෙකු සහභාගී...
Hiru Tv Blog
සුපිරි දමිල සිනමා නළු සුර්යාගේ අලුත්ම දමිල චිත්‍රපටය වූ ‘NGK’ චිත්‍රපටය මේ...
Hiru Tv Blog
ලෝක ප්‍රසිද්ධ ඇවෙන්ජර්ස් චිත්‍රපට මාලාවට සමගාමීව නිෂ්පාදනය කර ඇති Avengers පරිඝනක...
Hiru Tv Blog
5G තාක්ෂණය සංවර්ධනය කිරීම වෙනුවෙන් හුවාවේ සමාගම සහ චීනය අතර අවබෝධතා ගිවිසුමක්...
Hiru Tv Blog
ඇපල් සමාගමේ එදා සිට අද දක්වාම සංගීතය හා බැඳී තිබුණ iTuens නම් එහි එකම සංගීත යෙදවුම...
Top