Latest News
අතීත සිතුවිලි සහ හැඟීම්වල ප්‍රතිඵලය වර්තමානයයි
Saturday, 12 January 2019 - 12:47 | Views - 359

බොහොමයක් දෙනා ධනවත්වීමට සිහින දකින නමුත් ඔවුන් දකින සිහින සැබෑ කර ගන්නේ කෙසේදැයි නොදනිති. එලෙසම සමහරක් දෙනා එසේ සිහින ලෝකයේ සිටිනවා මිස සැබෑ ලෝකයේ  ඒ වෙනුවෙන් කිසිවක් කිරීමට තැත් කරන්නේවත් නැත. ධනවත්වීම ඉතා දුෂ්කර අපහසු දුක්ඛිත තත්ත්වයක් නොවේ. එලෙසින්ම ධනවත්වීම ඉතා සරල පහසු සුවසේ කළ හැකි දෙයක්ද නොවේ.

සැමදෙනා කරනුයේ “ඔව්. මටත් ධනවත් වෙන්න ඕනේ, ඒත් තාම අමාරුයි.” “මට ධනවත් විය හැකියි, මට එයට කවුරුහරි උදව් කරනවා නම්” ආදී ලෙස නොයෙකුත් මතිමතාන්තරවල විශ්වාසවල එල්බි නොයෙකුත් ආකල්පවල සිරවී කාලය ගෙවීම පමණකි. එසේ නැතිව සැබැවින්ම ඔවුන් ධනවත්වීමට අබමල් රේණුවක්වත් තරම් උත්සාහයක් දරනවාදැයි  සැක සහිතය. ඊයේ කරපුදේම හෙටත් කරමින් ධනවත්වීමට වෙරදරන පිරිස්ද ඒ අතර නැතිවාම නොවේ.

පළමුවෙනි ප්‍රධානතම  ප්‍රශ්නය වන්නේ ඔබට ධනවත්වීමේ සැබෑ අවශ්‍යතාවයක් තිබේද යන්නයි. සිත සන්සුන්ව තබාගෙන අන් අයගෙන් මඳකට ඈත්ව සිටිය හැකි පරිසරයකට වී ඉහත පළමු ප්‍රශ්නය පිළිබඳව ගැඹුරට සිතා බලන්න. ටික වෙලාවක් ගෙන එම කාරණා තමාට අදාළව සිතා බලන්න. අන් කෙනෙකුට අවශ්‍ය කියා නොව  ඔබ ධනවත් වීමට සිතිය යුත්තේ ඔබටම ඒ වෙනුවෙන් අවංක වුවමනාවක්, අවශ්‍යතාවයක්, ආසාවක් තිබෙන නිසා විය යුතුය. මෙසේ මඳක් ගැඹුරට සිතා බලන විටදි ඔබට පෙනී යන ප්‍රධාන කරුණ වනු ඇත්තේ වර්තමානයේ සියල්ලම සල්ලිවලට මිලදීගත හැකි බව විය හැකිය. එය යම් දුරකට සත්‍යයක් විය හැකි නමුදු එය පරම සත්‍යය විය යුතු නොවේ. වර්තමානයේ සෑම දෙයකටම වෙළෙඳමය වටිනාකමක්  තිබුණේ නමුදු ධනවත්වීමට  සිතුව ආධුනිකයා එය එලෙස සිතට ගත යුතු තැන් නැත. එලෙස සියල්ලටම මුදල් අවශ්‍ය යැයි පිළිගන්නා ඕනෑම කෙනෙකු නොදැනුවත්වම ධනවත්වීම කෙරෙන් සඳහටම ස්ථිරවම ඈත්වීමට පටන් ගනී. එයට හේතුව සරලව මතුපිටින් පවා පෙනෙන “කොච්චර තිබුණත්, මදි යැයි” යන සෘණවාදී දිළිඳු අසහනකාරි මානසිකත්වයයි.

හොඳයි, අපි උපකල්පනය කරමු ඉහත සඳහන් කළ පරිදි නිදහසේ සිත සන්සුන්ව ගැඹුරින්  කල්පනා කර බැලූවිට “ඔව් සත්තකින්ම මම ධනවත් විය යුතුයි.” යන සිතිවිල්ල ඔබගේ සිත තුළට පැමිණියා කියා. දැන් ඔබ ඒ ධනවත්විය යුතුයි යන්න ඉතා හොඳින්  වටහා ගත යුතු වේ. මෙන්න මේ අවස්ථාව තමයි බොහොමයක් දෙනා මංමුලා වන අවස්ථාව. පෙරදි සඳහන් කළාක් මෙන් “කොච්චර තිබුණත් මදි යැයි” සිතීම වැනි වූ වැරදි සිතිවිලි ආකල්ප ඔබගේ සිත තුළින් ඉවත් කළ යුතුය. ඔබට ධනවත්වීම සඳහා ඉදිරි ගමන ඉතා ඵලදායි ලෙස යෑමට නම් එය ඉතා වැදගත් වේ.

ධනවත්වීම කරා ඔබ යෑමට සිතුවාද ඔබ එය කුමක්දැයි සැබැවින්ම නොදනි. බහුතරයක් සිතන්නේ ධනවත්වීම යනු විශාල ගෙවල් දොරවල් තිබි හෝ අති නවීන සුඛෝපභෝගී යානවාහන තිබිම කියාය. එසේ නැතිනම් බැංකුවේ උතුරන්න තරම් සල්ලි තිබිම කියාය. එසේ නොවේ නම් ඇති පදමට ඕනෑ දෙයක් මිලදී ගැනීමට, ඕනෑම දෙයක් කිරීමට තිබෙන හැකියාව කියාය. මේ ධනවත්වීමේ අතුරු ප්‍රතිඵල විය හැකි නමුදු මේ කිසිවක් ධනවත්කම වෙනුවෙන් යන මාර්ගයට අදාළ දේ නොවේ. මඳක් සිතන්න. උදාහරණයක් ලෙස ඔබගේ ශරීරය කාය වර්ධනය කර ගැනීමට ඔබට අවශ්‍යයි සිතමු. පිරිමියෙක් නම් Six pack හෝ body building, ගැහැණු අයෙක් නම් enhanced body හෝ Charming Slim Fiugure.. ඔබ එසේ වීමට සිතන්නේ දැන් ඔබ එසේ නොවන නිසා බව ඔබට පැහැදිලිව  අවබෝධ කරගත යුතුයි.  ධනවත්වීම ගැනද එලෙස සංසන්දනාත්මකව සිතූ විට ඔබ දැන් දුප්පත් නිසා ඔබ ධනවත්වීමට සිතනවා, පතනවා, ඒ ගැන අවධානය යොමු කරනවා යන්න ඔබටම හැඟෙනු ඇත.

නමුත් ඔබට වැටහෙනවා නේද ඔබ කාය වර්ධනය ගැන සිතූ විගසින්ම එය එසේ නොවන බව, ධනවත්වීම පිළිබඳ සත්‍යය  එසේමය. කාය වර්ධනයට ඔබ අදාළ පරිදි නිසි පරිදි Gym එකට යෑම, නිසි පරිදි අවශ්‍ය කාලය ගෙන Exercise කිරීම, විටින් විට තමාගේ ශරීරයේ ප්‍රගතිය විමසා අදාළ වෙනස් කිරීම් කිරීම ආදි බොහෝ දේ ඒ වෙනුවෙන් කළ යුතුය. ඒ සඳහා ඔබට ඔබගේ කාලයෙන් වැඩි ප්‍රමාණයක් මිඩංගු කිරීමටද සිදුවේ. මහන්සි නොබලා ශාරීරික අපහසුකම් නොබලා ඒ කාය වර්ධනය වෙනුවෙන් මුළු සිතම යෙදවීමට අත්‍යවශ්‍ය වේ. එය එසේ නම් ධනවත්වීමට සිතන ඔබ ඒ ධනවත්වීම වෙනුවෙන් මෙතරම් දේ කළ යුතුද? ධනවත් වීම එක රැයකින් කිරීමට හෝ ලොතරැයි ජයග්‍රහණයකට භාරදී සිටින බොහොමයක් පිරිසක් ලංකාවේ සිටින බව ඔබටම වටහා ගැනීමට නම් ඒ ගැන ලොතරැයි අලෙවි නියෝජිතයෙක්ගෙන් අසා දැන ගන්න. කෙතරම් මිනිසුන් ප්‍රමාණයක් වාසනාව විශ්වාස කරමින් තමාගේ වටිනා කාලය නැති නාස්ති කර  ගන්නවා දැයි ඔබටම එවිට වැටහී යාවි.

කාය වර්ධනය මෙන් වෙහෙස මහන්සි වී බුද්ධිමත්ව කළ යුතු දෙයකි ධනවත් වීම. මඳකට සිතා බලන්න ඔබ සිත ඇතුළත ඇතිවන සිතුවිලි හා හැඟීම් පිළිබඳව. ඒ සිතුවිලි බහුල ලෙසම ඇත්තේ මොනවා පිළිබඳවද? තමාට මිලදී ගැනීමට සිත තුළ ‍පොරකමින් සිටින බඩු භාණ්ඩ පිළිබඳවද? එසේ නොමැති නම් දැනටමත් වී ඇති ණය කන්දරාවෙන් කවදා කෙලෙස ගොඩ එන්නේද කියාද? ‍පොදුවේ ගත්කළ ඔබ සිත තුළ ඔබගේ මැදිහත්වීමක් නොමැතිව (උඩුසිත නොහොත් ඔබගේ පියවි සිහිය) ඇතිවන සිතුවිලි විනාඩි 5ක් තුළ අධ්‍යනය කර බලන්න. ඒවායින් කෙතරම් ප්‍රමාණයක් දුප්පත් සිතුවිලිද?

ඒවායින් කෙතරම් ප්‍රමාණයක් ධනවත් සිතුවිලිද? බොහෝ දුරට අවංකව සලකා බැලූ විට ඒ සිතුවිලිවලියේ ඉතා වැඩි බහුතරය දුප්පත් සිතුවිලි හෝ ධනවත් නොවන සිතුවිලි බව ඔබටම වැටහී යාවි. ඔබගේ ඉදිරි ජීවිතය යනු සාරාංශ වශයෙන් පැවසුවහොත් වර්තමාන සිතුවිලි හා හැඟීම් වේ. එලෙසම අපගේ වර්තමාන ජීවිතය යනු අපගේ අතීත සිතුවිලි හා හැඟීම්වල අනුසාරයෙන් ගොඩනැගුණු ප්‍රතිඵලයයි. අන්න ඒ නිසාවෙන් වල්පැල සිත නැමැති ගොයමෙහි පැලවීමට ඉඩහැර දී අස්වැන්නක් ලබාගත නොහැකි වන්නේ.

අවසාන වශයෙන් ඔබට ධනවත්වීමට අවශ්‍ය නම්, ඔබ කළ යුත්තේ හිස ගිනිගත් අයෙකු මෙන් ඒ වෙනුවෙන්ම ඇප කැප වී ඒ සඳහා ක්‍රියාත්මක  වීමයි. හිස ගිනිගත් අයෙකු කිසිවිටෙක වෙනත් දෙයක් ගැන සිතීමට හෝ කිරීමට නොයයි. “මම චුට්ටක් Facebook log වෙලා, ඊට පස්සේ හිසේ ගින්න නිවා ගන්නම්” කියා කීමට කිසි ලෙසකත් නොහැකිය. මෙහි උපහාසාත්මක කරුණ සුළුපටු දෙයක් නොවේ. එය අප ජීවිතයේ වර්තමානයේ පැටල වී ඇති නොයෙකුත් අනවශ්‍ය ක්‍රියාකාරකම් වෙනුවෙන් නියම මාර්ගය පෙන්වා දෙයි. ඔබට ධනවත් වීමට අවශ්‍යද?එසේ නම් අන් සියල්ල ඊට දවෛනි විය යුතුය. ඉහත හිස ගිනිගත් අයෙකු මෙන් ක්‍රියාකළ යුතුය යන්නෙහි සැබෑ අර්ථය එයය. ධනවත්වීමට ක්‍රියාත්මක විය යුත්තේ ලබන මාසේ නොවේ, හෙට උදේට නොවේ, ඊළඟ පැයේදි නොවේ, මේ දැන්ය. මේ වගන්තිය කියවා අවසන් වනවාත් සමගය.


- උපුටා ගැනීමකි - 

Share This Article
Hiru Tv Blog
ගැබිනි මවකට ඒ බව දැන ගැනීම සතුටුදායක ආරංචියක්....
Hiru Tv Blog
සොබා දහම කාන්තාවට සලකා ඇත්තේ අපූරු විදියකටය....
Hiru Tv Blog
Thursday, 14 March 2019 - 8:36
Hiru Tv Blog 883 Views
පවතින කාලගුණ තත්ත්වය නිසා ශරීර උෂ්ණත්වය...
Hiru Tv Blog
Wednesday, 13 March 2019 - 19:40
Hiru Tv Blog 1,083 Views
ඇස් දෙක වාගේ රැක ගන්නම්, කියා සාමාන්‍යයෙන්...
Hiru Tv Blog
Wednesday, 13 March 2019 - 11:30
Hiru Tv Blog 3,849 Views
රෑට නාන්න පුරුදු වෙලා ඉන්න ගොඩක් අය  නොදැණුවත්කම...
Hiru Tv Blog
පසුගිය දිනවල රූපගත කරන්නට නියමිතව තිබු චිත්‍රපටය රූපගත කිරිම් කටයුතු මේ වනවිට...
Hiru Tv Blog
පසුගියදා අති උත්කර්ශවත් ලෙස නිමාවූ ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම...
Hiru Tv Blog
ගීත්මාට රංගනයට එකතු වන්නට අවස්ථාව ලැබුණේ කොහොමද?2018 හිරු අවුරුදු කුමරිය තරගයේ...
Hiru Tv Blog
Friday, 08 February 2019
Hiru Tv Blog 7,240 Views
ලොව පුරා ඇපල් ජංගම දුරකථනවල අලෙවිය අඩු වීම හේතුවෙන්, iPhoneවල මිල අඩු කිරීමේ අදහසක්...
Hiru Tv Blog
ලොව පුරා ඇපල් ජංගම දුරකථනවල අලෙවිය අඩු වීම හේතුවෙන්, iPhoneවල මිල අඩු කිරීමේ අදහසක්...
Hiru Tv Blog
ලෝක ප්‍රකට ගූගල් සමාගම පවත්වාගෙන යන සමාජ මාධ්‍යක් වන ගූගල් ප්ලස් (google+) සේවාව...
Thursday, 28 February 2019
Hiru Tv Blog 16,467 Views
Top