Smart phone එක ඔබව විනාශය කරා ගෙන යන්නේ මෙහෙමයි
Tuesday, 08 January 2019 - 8:52 | Views - 1,183
“ඔබට ඇති ඉතාම වටිනා දෙය කුමක්ද?” යමෙකු එසේ ඔබෙන් ඇසුවහොත් ඔබ දෙන පිළිතුර කුමක්ද? “මාගේ ගෙදර”, “මාගේ වාහනය” එහෙම නැතිනම් “මාගේ රැකියාව” යනාදි  වශයෙන් ඔබ විවිධ පිළිතුරු දෙනු ඇත. සමහර විට ඔබට ඊට වඩා වටිනා දේවල්, පුද්ගලයන් හෝ තිබිය හැකිය. නමුත් අපට සැබෑ ලෙසම ඇති ඉතාම වටිනා දෙය කාලයයි. ඔබට ජීවත්වීමට ඇති කාලයයි. තරුණ වයසේ සමහරු තමන්ට රිසි සේ කාලය ඇතැයි සිතීම නිසා නිකරුණේ තමන්ගේ වටිනා කාලය නැති නාස්ති කර ගනිති.

මෙලොව මතෛක් පහළ වූ ශ්‍රේෂ්ඨතම පුද්ගලයන් හටද තිබුණේ දිනකට පැය 24කි. මෙතෙක් ලොව බිහිවූ මිලියනපතිවරුන්ටද  ඇත්තේ දිනකට පැය 24කි. ඔලිම්පික් රන් පදක්කම්ලාභින්ටද, ඔස්කා සම්මානයෙන් පිදුම් ලද්දන්ටද ඇත්තේ ඔබට මට මෙන්ම  දිනකට පැය 24කි. දැන් ඔබට වැටහේවි එසේනම් ඒ පැය 24 අන් අය නොයෙකුත් ලෙස ප්‍රයෝජනවත්, වඩා අර්ථවත් අන්දමින් භාවිත කරද්දි ඔබ ඒ පැය 24 නිකරුණේ නැති නාස්ති කරන බව.

එලෙස ඔබගේ වටිනා කාලය නිකරුණේ නාස්ති කරමින් ඔබ ඉහළ පෙළේ කාලකණ්ණියෙක් හෙවත් කාලය කා දමන්නෙක් වීම සඳහා මඟ පාදා දෙන නවතම උපාංගය වන්නේ ඔබ කවුරුත් ආදරයෙන් රැක බලා ගන්නා නිරතුරුව ඔබ  සමග සිටිනා ඔබේම  Smart phone එකයි. Smart phone  එකක් භාවිත කර ලබාගත හැකි ලාභ ප්‍රයෝජන ගැන මඳක් සිතා බලන්න. ඔබට ඒ ලාභ ප්‍රයෝජන ගොඩට එකතු කළ හැකි දේ දහස් ගණනක් විය හැක. සැබැවින්ම එය ලක්ෂ ගණනක් වුවද විය හැක. දැනට mobilephone වල ප්‍රධානතම operating systems දෙකෙහි ඒ මත තනා ඇති mobile apps ගණන ගැන ඔබ ඇත්තටම දැනුවත්ද? IOS සඳහා මිලියන දෙකක් (2,000,000) එනම් ලක්ෂ 20 ක් සහ Android සඳහා මිලියන 2.3ක් (2,300,000) එනම් ලක්ෂ 23ක් මේ වන විට නිර්මාණය කර ඇති බව ඔබ දන්නවාද? මේ mobile apps වලින් ඉහළතම ඉල්ලුම් ඇති gaming apps හෝ Social media apps මගින් ඔබට රිසිසේ තමාගේ වටිනා කාලය නැති නාස්ති කරලීමට ඉඩ අවස්ථාව සලසා දෙයි.

candy crush, Real candy crush, Real racing 3 වැනි mobile gaming apps වෙනුවෙන් දිනකට ඒ සඳහා සාමාන්‍ය කෙනෙක් ගත කරන කාලය අවම වශයෙන් පැය 2ක් 3ක් අතර ප්‍රමාණයක් වන බව මෑතකදි කරන ලද පරීක්ෂණවලින් සොයාගෙන ඇත. මිනිස් මොළයේ ඇතිවන හෝර්මෝනයක් වන  dopamine යම් දෙයකට ඇබ්බැහිවීමට අපව යොමු කරයි. ඒ මනෝ විද්‍යා රහස පදනම් කරගනිමින් ඉතා සූක්ෂම ලෙස මිනිසුන් ඇබ්බැහි කරලවීමට මේ mobile apps  නිර්මාණය කරමින් පවතියි. නොයෙකුත් ආකාරයේ ප්‍රධාන දීමනා, තෑගි, මුදල්, අමතර දේ වැනි දේවල් මේ mobile apps භාවිත කරන අයට ලබාදීම සූක්ෂම ලෙස කරලීම නිසා මිනිසුන් නිරතුරුව එම  mobile apps වලට ඇබ්බැහි වී ඒවා නිතර නිතර පාවිච්චියට පෙළඹේ. Goming mobile apps වලට නොදවෛනි ලෙස නිර්මාණය වන facebook, Instagram, twitter, whatsapp වැනි Social media apps මගින්ද ඔබව තව තවත් ඔබේ smart phone එකට මානසිකව බැඳීමක් ඇති කෙරේ.

කලකට පෙර deskstop computer වෙනුවට Laptop computer  වෙළෙඳපළට ආ විට එහි ඉතා හොඳ ගුණාත්මක වාසිදායක දේ මිනිසුන්ට තිබුණි. ප්‍රධානතම වාසිය වූයේ Laptop Computer අවශ්‍ය  තැනකට පහසුවෙන් ගෙනයෑමට හැකි වීම සහ එය mobile desktop version එකක් වීමය. නමුත් Laptop Computer එකට ආදේශයක් ලෙස නිර්මාණය වූ smart phone  නම් මිනිසුන්ට කරන විනාශය සහ ව්‍යසනය හා සසඳන විට එහි ඇත්තේ සැබෑ ගුණාත්මක වාසි අතලොස්සක් පමණක් බව කිව යුතුය.

smart phone එක දැන් වන TV එක, Radio එක, CD Player, DVD Player, walkman එක Calculatoras, camera, video recorder, camcorder, fax, machine” car  navigator Calender, Organiser, task scheduler Alarm ඔරලෝසුව, අත් ඔරලෝසුව, torch එක ආදී දේ අභාවයට යවා අවසානය. දැන් දැන් මේ Social media app මගින් වන්නේ ඉතිරි වී තිබූ මානුෂිය ගුණධර්ම, මිනිස්කම, යහළු මිතුරුකම ආදී සමාජීය ගුණ ධර්ම ආදිය අභාවයට යැවීමය.

Facebook හි යමෙකුට සිටින මිතුරන් ගණන 500ක් වේ. නමුත් ඔහුගේ දුකට සැපට ආශ්‍රය කළ හැකි සැබෑ හිතවතෙක් සැබෑ ලෝකයේදී සොයා ගැනීම පවා අපහසුය. අප මේ ගත කරන smart phone යුගය මනුෂ්‍ය ඉතිහාසයේ තිබූ ඉතාම ආඥානතම යුගය බවට ඉතිහාසගත වීම ඉදිරියේදී සිදු වනු ඒකාන්තය. ඒ අද වයස 20, 30, 40 වන ඔබ තව අවුරුදු 20-30 කට පසුව (එනම් 2040 - 2050 දී කාලය කාල දැමූ කාලකණ්ණින් ලෙස වැටහී යන්නේ ඔබගේ අතේ ඇති smart phone සමග වයසට ගොස් ඇති වීටය.

දවසේ හැම විනාඩියකට දෙකකට සැරයක් කලිසමට හෝ බෑගයට අත දමා ඔබ smart phone එක දෙස බලනුයේ දැනටමත් ඔබ smart phone එකට වහ වැටී සිටින නිසාය. වෙරිමතට පුරුදු වූ බේබද්දන්ටද වී ඇත්තේ එයමය. වෙනස එය ශාරීරික අවශ්‍යතාවයකි. නමුත් මෙය ඊට වඩා දැඩි ලෙස මුල් බැසගත් මානසික අවශ්‍යතාවයකි. ටයි, කෝට්, දමා, වෘත්තිය තත්ත්වය පෙන්වමින් හොඳම මිල අධිකම smart phone එක අතේ තබාගෙන ඔබ සමාජයට පෙනෙන්නට රඟන රැඟුම අවසානයේදී ඔබටත් අන් අයවත් නොමඟ යවන්නක් බව දැන්වත් තේරුම් ගන්න. රටක් ලෙස අප තවමත් ප්‍රමාද නැත. දියුණු රටවල මිනිසුන් මේ smart phone භාවිතය  නිසා අකාලයේ ඇති කරගෙන තිබෙන මානසික බිඳවැටීම්, සියදිවි හානිකර ගැනීම්. ජීවිත බිඳවැටීම්, විවාහ දෙදරීම් ආදිය smart phone නිසා මානසික උමතුන් වී අපට ගත හැකි හොඳම උදාහරණයන්ය. අන් කවර සීමාමායිම්වලට වඩා මේ smart phone භාවිතය මගින් ඉදිරියේදී  මිනිස් සංහතියට වන මූසල කාලකණ්්ණි නස්පැත්තියක තරමයි.

අනුෂ්ක ද සොයිසා
Share This Article
Hiru Tv Blog
එදා ගරා යකුම් යාගයේ අයිලයක් සෑදීමට යොදා...
Hiru Tv Blog
* වෛද්‍ය උපදේශය වන්නේ දිනකට ජලය ලීටර් 1.5...
Hiru Tv Blog
Friday, 14 June 2019 - 12:42
Hiru Tv Blog 796 Views
ලස්සන කියන්නේ තමන්ට තමන්ගේ රුව ගැන ඇතිවන...
Hiru Tv Blog
Friday, 14 June 2019 - 10:06
Hiru Tv Blog 1,797 Views
‘‘‍ඩොක්ටර් අද උදේ නැගිටපු වෙලාවෙ ඉඳල...
Hiru Tv Blog
Wednesday, 12 June 2019 - 10:18
Hiru Tv Blog 609 Views
 අද ලෝකයට මහත් තර්ජනයක්ව පවතින සංක‍්‍රමණික...
Hiru Tv Blog
පසුගියදා මෙලොව එලිය දුටු බ්‍රිතාන්‍ය රජ පවුලේ අලුත්ම සාමාජිකයා වන හැරී මෙගන්...
Hiru Tv Blog
පසුගියදා එංගලතයේ පැවති  කාටර් කුසලාන පොලෝ තරඟාවලියට රැජිනියන් දෙදෙනෙකු සහභාගී...
Hiru Tv Blog
සුපිරි දමිල සිනමා නළු සුර්යාගේ අලුත්ම දමිල චිත්‍රපටය වූ ‘NGK’ චිත්‍රපටය මේ...
Hiru Tv Blog
ලෝක ප්‍රසිද්ධ ඇවෙන්ජර්ස් චිත්‍රපට මාලාවට සමගාමීව නිෂ්පාදනය කර ඇති Avengers පරිඝනක...
Hiru Tv Blog
5G තාක්ෂණය සංවර්ධනය කිරීම වෙනුවෙන් හුවාවේ සමාගම සහ චීනය අතර අවබෝධතා ගිවිසුමක්...
Hiru Tv Blog
ඇපල් සමාගමේ එදා සිට අද දක්වාම සංගීතය හා බැඳී තිබුණ iTuens නම් එහි එකම සංගීත යෙදවුම...
Top