Latest News
Hyundai මෝටර් රථ ඉන්ධන කාර්යක්ෂමතාව සඳහා අර්ධ විනිවිද පෙනෙන Panoramic Solar Roofs පද්ධති සමඟ ජනතාව අතරට
Monday, 03 December 2018 - 15:34 | Views - 4,160
Hyundai සමාගම සිය නව මෝටර් රථ නිෂ්පාදනයේ නව  ප්‍රවේශයක් ඇති කිරීමට සැරසෙනවා.
ඒ  2020 වසරේ සිට ඔවුන්ගේ  Electric Vehicles and Gas යන  වාහන මාදිලි දෙකේම කාර්‍යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා අර්ධ විනිවිද පෙනෙන Panoramic Solar Roofs එකතු කිරීමට සූදානමින් සිටින බව ඔවුන් පවසා තිබෙනවා.

එමෙන්ම  Hyundai සහ  Kia වාහන වල කාර්‍යක්ෂමතාව වැඩි කර කප්පාදුව අවමකරගැනීමේ හැකියාවක් මෙමගින් ලැබෙන බව සදහන්.

මේ අතර Panoramic Solar Roofs මඟින් නිපදවන විදුලිය බැටරිය ඍජුව ආරෝපණය කරන අතර අභ්‍යන්තර දහන එන්ජින් (ICE) මතට ලබාදෙයි.
පළමු අදියරේදී හයිබ්රිඩ් වාහනවල සම්මත වහනය මත සිලිකන් සූර්ය කෝෂ නිෂ්පාදනය කරන අතර Hyundai සමාගම තක්සේරු කරන්නේ මෙම පුවරු කාලගුණික තත්ත්වයන් අනුව දිනකට සියයට 30 සිට 60 දක්වා බැටරි චලනය කළ හැකි බවයි.

දෙවන අදියර වනුයේ ICE-powered වාහන සඳහා අර්ධ පාරදෘශ්ය සූර්ය වහල් වහන පද්ධතිය භාවිතා කිරීමයි. මෙම පුවරු මඟින් ප්‍රධාන බැටරිය හෝ පද්ධතියේ කොටසක් ලෙස ඇතුළත් කර ඇති අතිරේක බැටරියක් ස්වභාවිකවම හිරු  ආවරණ ව්‍යුහය තුළට ලබාදෙයි.

මෙම ක්‍රමෝපාය මඟින් ICE වාහන ගෝලීය විමෝචන රෙගුලාසි වලට ගැලපෙන අතර අපනයන අගයන් වැඩිදියුණු කරනු ඇතැයි ඔවුන් විශ්වාස කරනවා.
දැනට අධ්‍යයනය  කරන තෙවන අදියර වන්නේ වාහනයේ ව්‍යුහයට සූර්ය කෝෂ ඒකාබද්ධ කිරීමයි.  එය ස්ථාපනය සිදු කරනු ලබන්නේ වහලය මතයි. මෙම පද්ධතිය පරිසර හිතකාමී වාහන රැසක් හරහා සූර්ය නිෂ්පාදනය වැඩි කර ගැනීමට ඉවහල් වනු ඇත.

Hyundai මෝටර් සමූහයේ විධායක ඉංජිනේරු අංශයේ විධායක ඉංජිනේරු Jeong-Gil Park පැවසන අන්දමට, අනාගතයේ දී, සූර්ය බලශක්ති පද්ධතිය ඇතුලත් විවිධ වර්ගයේ විදුලි ජනක තාක්ෂණය, වාහනවලට සම්බන්ධ වන බවයි.
2019 වසරෙන් පසුව පළමු solar roof පද්ධතිය ආරම්භ කිරීමට අදහස් කරන නමුත් සමාගම විසින් මෙම කාල පරිච්ඡේදය සඳහා සම්පූර්ණ කාලසටහනක් මෙතෙක්  සකස් කර  නොමැති බවත් ඔහු පවසා තිබෙනවා.

Share This Article
Hiru Tv Blog
ගැබිනි මවකට ඒ බව දැන ගැනීම සතුටුදායක ආරංචියක්....
Hiru Tv Blog
සොබා දහම කාන්තාවට සලකා ඇත්තේ අපූරු විදියකටය....
Hiru Tv Blog
Thursday, 14 March 2019 - 8:36
Hiru Tv Blog 883 Views
පවතින කාලගුණ තත්ත්වය නිසා ශරීර උෂ්ණත්වය...
Hiru Tv Blog
Wednesday, 13 March 2019 - 19:40
Hiru Tv Blog 1,083 Views
ඇස් දෙක වාගේ රැක ගන්නම්, කියා සාමාන්‍යයෙන්...
Hiru Tv Blog
Wednesday, 13 March 2019 - 11:30
Hiru Tv Blog 3,849 Views
රෑට නාන්න පුරුදු වෙලා ඉන්න ගොඩක් අය  නොදැණුවත්කම...
Hiru Tv Blog
පසුගිය දිනවල රූපගත කරන්නට නියමිතව තිබු චිත්‍රපටය රූපගත කිරිම් කටයුතු මේ වනවිට...
Hiru Tv Blog
පසුගියදා අති උත්කර්ශවත් ලෙස නිමාවූ ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම...
Hiru Tv Blog
ගීත්මාට රංගනයට එකතු වන්නට අවස්ථාව ලැබුණේ කොහොමද?2018 හිරු අවුරුදු කුමරිය තරගයේ...
Hiru Tv Blog
Friday, 08 February 2019
Hiru Tv Blog 7,240 Views
ලොව පුරා ඇපල් ජංගම දුරකථනවල අලෙවිය අඩු වීම හේතුවෙන්, iPhoneවල මිල අඩු කිරීමේ අදහසක්...
Hiru Tv Blog
ලොව පුරා ඇපල් ජංගම දුරකථනවල අලෙවිය අඩු වීම හේතුවෙන්, iPhoneවල මිල අඩු කිරීමේ අදහසක්...
Hiru Tv Blog
ලෝක ප්‍රකට ගූගල් සමාගම පවත්වාගෙන යන සමාජ මාධ්‍යක් වන ගූගල් ප්ලස් (google+) සේවාව...
Thursday, 28 February 2019
Hiru Tv Blog 16,467 Views
Top