තරුණ රුව රැක දෙන සෘෂි නාඩි ඖෂධ
Monday, 27 August 2018 - 9:14 | Views - 3,034
දැන් කාලේ ගෑනු ළමයි පැන්ඩා සතුන් වගේ යෑයි සමහරු පවසති. එසේ පැන්ඩා සතුන්ට සමාන කරන්නේ බොහෝ තරුණියන්ගේ මුහුණු ඉතා පැහැපත් වුවත් අත් පා අඳුරු පැහැයක් පැවතීම නිසා ය.
වර්තමානයේ බොහෝ දෙනා සිතන්නේ රූප සොභාවය යනු මුහුණේ පැහැපත් බව පමණක් කියා ය. එනිසා බොහෝ තරුණ තරුණියෝ රුව අලංකාරය සඳහා විවිධ ආලේප වර්ග මුහුණේ ගල්වති.
වෛද්‍යතුමනි රූප සොභාව රැකගන්නේ කෙසේද?
අද බොහෝ තරුණ තරුණියන් රූප සොභාව කියා සිතා හිසකෙස්, මුහුණ ගැන පමණක් දැඩි උනන්දුවක් දැක්වූවාට මීට වසර දහස් ගණනකට පෙර මහා සෘෂිවරයන් වහන්සේලා කාන්තාවන්ගේ සහ පිරිමින්ගේ මුළු ශරීරයේම රූප සොභාව රැක ගන්නා අයුරු පිළිබඳව සඳහන් කර තිබෙනවා.
විශේෂයෙන් වයස අවුරුදු 12 ත් 45 ත් අතර වියේ පසුවන අය තම රුව රැක ගැනීම කළ යුත්තේ කෙසේ දැයි සෘෂි නාඩි වාක්‍ය මගින් ප්‍රකාශ කර තිබෙනවා.
zස්ත්‍රී පුරුෂ රූප සෝභා භාගා ආයු වර්ණ චර්ම රෝග පීඩා සහේතුං සහේතුං සුඛ භාගා හේතුංZ ලෙසින් සඳහන් කර ඇත්තේ රුව රැකගන්නා අයුරු පැහැදිලි කිරීමටයි.
රූපය යනු මුහුණ, හිසකෙස් පමණක් නොව හිස සිට දෙපතුළ දක්වා වූ ශරීරයම බව සෘෂිවරුන් වහන්සේලා සඳහන් කරනවා. එහිදී හිසකෙස්, දත්, නියපොතු, රෝම කූප සම ආදී සියල්ලම ඇතුළත් වෙනවා.
එහිදී මුළු ශරීරයම පැහැපත්ව අන් අයට ප්‍රිය උපදවන ලෙස පවත්වා ගෙන යැම රූප සොභාව ලෙස පවසා තිබෙනවා. එසේ නැතිව තමාට උරුම නැති පැහැයක් ඇති කර ගැනීමට විවිධ ආලේප වර්ග ගැල්වීම හෝ සැත්කම් සිදු කිරීම රූප සොභාව රැක ගැනීම නොවන බව අවබෝධ කර ගත යුතුයි.
මෙලෙස තමාට උපතින් උරුම රූපය පැහැපත්ව අන් අයට ප්‍රිය උපදවන ලෙස පවත්වා ගෙන යැම සඳහා බාහිර ආලේප වර්ග මෙන්ම රුව වඩන පෝෂ්‍යදායී ආහාර වර්ග ද ගත යුතුයි. එහිදී හිස සිට දෙපතුළ දක්වා වූ මුළු ශරීරයේම පැහැපත් බව සඳහා ගත හැකි පෝෂණ ගුණය ඇති සලාදයක් මෙසේය.
ඉදුනු අලිගැට පේර ගෙඩි 02 ක්, ඉදුනු කුඩා ගස්ලබු ගෙඩි 02 ක්, ඉදුනු අඹ ගෙඩි 02 ක්, කෝමාරිකා මද තේ හැඳි 04 ක්, ඉදුන ලාවුලු ගෙඩි 02 ක්, ඉදුනු ලොකු නේත්‍රපලම් ගෙඩි 02 ක්, ඉදුනු කහ පැහැති කාමරංකා ගෙඩි 04 ක්, දෙළුම් ඇට තේ හැඳි 04 ක්, ඉදුනු දූරියන් මදුළු 04 ක්, කුඩා අනෝදා ගෙඩියක් ගෙන කුඩා කැබලිවලට කපා මිශ්‍ර කරගන්න.
ඉන් පසු ඊට මී පැණි තේ හැඳි 06 ක්, ඔලිව් තෙල් තේ හැඳි 06 ක්, අමුක්කරා පිටි තේ හැඳි 06 ක්, කඩල පිටි තේ හැඳි 06 ක්, සහ සුවÄල් සහල් පිටි තේ හැඳි 06 ක් ගෙන ඒවාද සලාදයට දමා හොඳින් මිශ්‍ර කර ගන්න. මෙම සලාදය සතියකට දින කිහිපයක් ආහාරයට ගැනීමෙන් හිසකෙස් අකලට සුදුවීම, ගැලවී යැම, සම රැළි වැටීම, අව පැහැ ගැන්වීම, දත්මුල් දියවීම, නියපොතු දිරායැම ආදිය වළක්වා ගෙන ඒවායේ නිරෝගී වර්ධනයක් ඇතිකර ගත හැකිය.
එසේම බාහිරින් සිරුරේ ගැල්වීම සඳහා බිත්තර සුදු මද තේ හැඳි 03 ක්, පිපිඤ්ඤා යුෂ තේ හැඳි 03 ක්, පිරිසිදු මී පැණි තේ හැඳි 03 ක්, කස්තුරි කහකුඩු තේ හැඳි 03 ක්, කෝමාරිකා යුෂ තේ හැඳි 03 ක්, ඔලිව් තෙල් තේ හැඳි 03 ක්, දෙහි යුෂ තේ හැඳි 03 ක්, කඩල පිටි තේ හැඳි 03 ක්, ගෙන මිශ්‍රකර ආලේපයක් සාදාගත හැකියි.
එම ආලේපය උදැසන 6.30 ත් 7.30 ත් අතර මුළු සිරුර පුරා ගල්වා පැයක් පමණ සිට පිරිසිදු ඇල් ජලයෙන් සබන් භාවිතා නොකර සෝදා පිරිසිදු කරගන්න.
මෙම සලාදය සහ ආලේපය භාවිතා කිරීමේදී වෛද්‍ය උපදෙස් මත සිදු කළ යුතුයි. එසේ නොවුන හොත් දියවැඩියාව, ගැස්ට්‍රයිටිස් අධි රුධිර පීඩනය, අසාත්මික රෝග ඇති අයට යම් අහිතකර බලපෑම් ඇති විය හැකියි.
Share This Article