සුරූපි නවක නිළියක් වන ඩිෂා පටානි රඟපෑ MS Dhoni: The Untold Story චිත්‍රපටය නිසා පසුගිය දිනවල බොලිවුඩය කැළඹූවා.
තවමත් ප්‍රධාන තලයේ චිත්‍රපට දෙකක පමණක් රඟපා ඇති නමුත් ඇය අතිශය ආකර්ෂණයට ලක්වූ නිළියක බවට පත්ව තිබෙන්නේ ඇගේ සරාගී ඡායාරූප නිසායි.
කෙසේ වෙතත් ඇය පසුපස එළවමින් ඇයට අසාමාන්‍ය ලෙස ළංවන්නට උත්සාහ දරන තරුණයෙකු පිළිබඳවත් විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.
එම තරුණයා ඇය යන හැමතැනකම පසුපසින් එන බවත් ඇයට බොහෝ සෙයින් ලංවීමට උත්සහ කරන බවත් පැවසෙනවා.
මේ අතර ඊයේ නවදිල්ලියේ ඇය නැවතී සිටි හෝටලයකට ඇතුලු වන්න උත්සාහ දරද්දී ආරක්ෂක අංශ ඔහුව නවතා ප්‍රශ්න කිරීමේදී ඔහු කලබලයක් ඇති කර තිබෙනවා.
එවිට ඔහු පවසා ඇත්තේ තමාට ඩිෂා කෙසේ හෝ හමුවන්නට අවශ්‍ය බවයි.
මෙම පුද්ගලයාගේ උමතු හැසිරීම ගැන ඩිෂා විසින් පවසා තිබෙන අතර පසුව ඔහු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවයි වාර්තාවුණේ.
ඇයගේ ඡායාරූප කිහිපයක් පහතින්