ලස්සන වෙන්න දාන Makeup නිසා ලෙඩ නොවෙන්න නම්...
Thursday, 19 July 2018 - 9:59 | Views - 2,418
සාමාන්‍යයෙන් ඉතින් මේකප් කරන්නේ ඔබේ ස්වභාවික ලස්සන තවත් වැඩි කර ගන්නනෙ. ඒ වුනාට ඉතින් ඔබ භාවිත කරන මේකප් භාණ්ඩ වල තත්වය අනුව ඔබ ලස්සන වෙනවාද නැත්නම් තියෙන ලස්සනත් නැති කරගන්නවාද යන එක තීරණය වෙනවා. සාමාන්‍යයෙන් මේකප් කළමනා වලට ඔබ වැඩි මුදලක් ගෙවනවා ඇති. ඒ වුනත් කොයිතරම් මුදලක් ගෙවල ගත්තත් මේ හැම එකකටම කල් ඉකුත්වීමේ දිනයක් තිබෙනවා. ඔබ තෝරාගත් වර්ගය කුමක් වුවත් කල් ඉකුත් වූ පසු එයින් ඔබ බලාපොරොත්තු වෙන ලස්සන නිමවා ලබා ගන්නට බෑ. එයින් ඔබේ මුහුණ අවලස්සන කරනවා වගේම නොයෙකුත් සමේ රෝගද ඇතිවෙන්නට පුළුවන්. ඒ නිසා මේකප් කරනවා වගේම තමයි ඒ මේකප් කළමනාවල කල් ඉකුත්වීමේ දින වකවානු ගැනත් සැලකිලිමත් විය යුතුයි. අද අපි ඔබට කියල දෙන්නට යන්නේ සාමාන්‍යයෙන් ඔබ භාවිත කරන මේකප් උපකරණ වල කල් ඉකුත්වීමේ දින වකවානු සහ කල් ඉකුත් වූ පසු ඒවා හඳුනා ගන්නේ කොහොමද කියලා.

ඕනෙම දෙයක් කල් ඉකුත් වෙලාද නැද්ද කියල දැනගන්න තියන හොඳම ක්‍රමය සහ පහසුම ක්‍රමය තමයි ඉතින් එහි කල් ඉකුත් වීමේ දින වකවානු බලන එක. ඒ වුනාට සමහර වෙලාවට ඔබ කාලයක් භාවිත කරද්දී ඔබේ මේකප් වල ඇසුරුමේ සඳහන් වෙලා තියෙන මේ තොරතුරු මැකිලා යන්නට පුළුවන්. එහෙමත් නැත්නම් ඒ ඇසුරුම අස්ථානගත වෙන්නට පුළුවන්. ඒ වගේ වෙලාවට ප්‍රයෝජනවත් වෙන කරුණු තමයි මේ.
 
ෆවුන්ඩේෂන්

ෆවුන්ඩේෂන් එකේ වර්ණය වෙනස් වෙලා නම් එහි ගන්ධය වෙනස් වෙලා නම් ඒ කියන්නේ ඔබේ ෆවුන්ඩේෂන් එක විසි කිරීමට කාලයයි. ඔබේ ෆවුන්ඩේෂන් එක හැම මොහොතේම වගේ පරිසරයට නිරාවරණය වන එකක් නම් ඒ කියන්නේ ස්ටික් එකක් පව්ඩර් එකක් වගේ නම් එහි ආයු කාලය මාස 6යි. එසේ නැතුව එය පම්ප් කරන ෆවුන්ඩේෂන් එකක් නම් එය අවුරුදු දෙකක් පමණ තබා ගත හැකිය. එයට හේතුව වන්නේ නිරන්තරයෙන් ඔබේ ෆවුන්ඩේෂන් එක පරිසරයට් නිරාවරණ වන විට එහි බැක්ටීරියා ක්‍රියාකාරිත්වය වැඩියි. එවිට එය ඉක්මනින් සවුත්තු වෙන්නට පටන් ගන්නවා. මේ වගේ කල් ඉකුත් වූ ෆවුන්ඩේෂන් එකක් ඔබේ මුහුණේ ආලේප කරොත් ඉතින් මුහුණට වෙන දේ ඔබට හිතාගන්නට පුළුවන් ඇති.
 
නිය ආලේපන

නිය ආලේපන නම් ඔබට කල් ඉකුත් වූ පසුව බොහොමත්ම ලෙහෙසියෙන් හඳුනා ගන්නට පුළුවන්, කල් ඉකුත් වූ නිය ආලේපන ඝන ස්වභාවයක් දරන අතර එය නිරන්තරයෙන් කොටස් වලට කැඩෙනවා. සමහර වෙලාවට එහි වර්ණයද වෙනස් වෙනවා. ඔබේ නිය ආලේපනය මේ වගේ නම් අදම එය භාවිතයෙන් ඉවත් කරන්න. මෙවැනි නිය ආලේපන භාවිත කළහොත් ඔබේ නියපොතු ආසාදනයට ලක් වෙනවා. මොකද නිය ආලේපන වලත් බැක්ටීරියා නිය ආලේපනය හරහා ඔබේ නියපොතු වලට පැමිණ ඒවා නියපොතු සමඟ ප්‍රතික්‍රියා කරන්න පටන් ගන්නවා. මෙය ඉතාමත් වේදනාකාරී සහ අප්‍රියජනක දෙයක්.
 
තොල් ආලේපන

මුලදී හොඳට මෘදුව තිබු තොල් ආලේපන වියලි බවට පත්වෙලානම් කෑලි වලට කැඩෙනවා නම් එහෙමත් නැත්නම් අමුතු ගන්ධයක් දෙනෙනවා නම් මේ ඔබේ තොල් ආලේපනය ඉවත් කිරීමට හොඳම කාලයයි. තොල් ආලේපන බොහෝ විට අපි භාවිත කරන්නේ පින්සලක් හෝ බ්‍රෂ් එකක් නොමැතිවයි. වරින් වර ඔබේ තොල් වල ඇති කෙල ඔබේ තොල් ආලේපනයේ නිරන්තරයෙන් වැදීම නිසා කෙල සහ බැක්ටීරියා අතර ප්‍රතික්‍රියාවන් සිද්ධ වෙන්නට පුළුවන්. මේ නිසා ඔබේ දෙතොල්ද ආසාදනය වෙන්නට පුළුවන්. එම නිසා ඔබේ තොල් ආලේපන කල් ඉකුත් වූ පසුව නම් භාවිත කරන්න එපා. තොල් ආලේපන වල ආයු කාලය අවුරුදු 2ක් පමණයි.
 
අයි ලයිනර්

අයි ලයිනර් භාවිතයේදී නම් බොහොමයක්ම සැලකිලිමත විය යුත්තේ එය කෙලින්ම ඔබේ ඇස සමඟ සම්බන්ධ වන නිසාවෙනි. ඒ වගේම තමයි අයි ලයිනර් එකක් මඟින් විෂබීජ පැතිරීමේ ඉඩකඩ අනෙත් රුපලාවන්‍ය ද්‍රව්‍ය වලට වඩා සම්භාවිතාවයෙන් වැඩියි. සමහර අයි ලයිනර් ඇඳීමට ගන්න පැන්සල් තුඩේ සුදු පැහැති පුස් වර්ගයක් බැදෙනවා. දියරමය අයි ලයිනර් එකේ නම් ගන්ධයෙහි වෙනසක් ඇති වෙනවා. මේ ලක්ෂණ වලින් ඔබට පුළුවන් ඔබේ අයි ලයිනර් එක කල් ඉකුත් වෙලාද නැද්ද කියල දැනගන්න. දියරමය අයි ලයිනර් එකක් නම් උපරිම භාවිත කල හැක්කේ මාස 6ත් 8ත් අතර කාලයකට පමණි. එයට හේතුව වන්නේ අයි ලයිනර් ගැලවීමේදී වරින් වර එය අවට වාතාශ්‍රයත් සමඟ සම්බන්ධ වන නිසයි. එහිදී වාතාශ්‍රයේ ඇති බැක්ටීරියා දියරය තුල වර්ධනය වෙන්නට පටන් ගන්නවා. ඔබ අයි ලයිනර් එක විදියට භාවිත කරන්නේ පැන්සලක් නම් එහි ආයු කාලය මාස 6යි.
 
මස්කාරා

ඔබේ මස්කාරා එක හරියට ආලේප වෙන්නේ නැද්ද? එය වේලිලාද? අමුතු ගන්ධයක් එනවද? එහෙනම් ඔබේ මස්කාරා එක ඉවත් කිරීමට කාලයයි. මස්කාරා එකක් උපරිම ආයු කාලය වන්නේ මාස 6කි. ඉන් පසුව මස්කාරා එක භාවිත කිරීම ඔබේ ඇස් වලට අහිතකරයි. මෙයට හේතුව වන්නේ ආලේප කිරීම සඳහා මස්කාරා එක සැරෙන් සැරේ විවෘත කිරීමේදී ඒ තුල බැක්ටීරියා වර්ධනය වන බැවිනි. එම බැක්ටීරියා ඔබේ ඇහි පිහාටු මත ප්‍රතික්‍රියා කොට ඇහි පිහාටු පමණක් නොවේ ඔබේ ඇස් වලටත් හානි පමුණුවන්න පුළුවන්.

අන්තර්ජාලය ඇසුරිණි 
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව ඝර්ම කලාපයට අයත් රටකි. මේ ඝර්ම...
Hiru Tv Blog
ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (STIs) සහ HIV සම්ප්‍රේෂණය...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ, පැණි රස කෑම ගැන, ඔබත් පැණිරස...
Hiru Tv Blog
කරවිල කිව්ව ගමන් ඉතින් අපිට මතක් වෙන්නේ...
Hiru Tv Blog
උදේ ඉදලා රෑ වෙනතෙක් මහන්සි වෙලා කවුරු කවුරුත්...
Hiru Tv Blog
තරින්දි ප්‍රනාන්දු කියන්නෙ බොහෝම කෙටි කාලයකින් ප්‍රේක්ෂකයින් ට සමීප වුණු...
Hiru Tv Blog
යුරේනි අපි හැමෝම ආදරය කරන ජනප්‍රියම නිළියක්.ඇයට ප්‍රේක්ෂකයන්ගේ ආදරේ අඩුවක්...
Hiru Tv Blog
පාලිත තෙවරප්පෙරුම හැමෝම ආදරය කරපු චරිතයක්.ඒත් අවාසනාවන්ත විදියට විදුලි සැර...
Hiru Tv Blog
පූර්ණ සූර්යග්‍රහණයක මීළඟ අත්දැකීම විඳගැනීමට ශ්‍රී ලංකාවාසීන්ට හැකිවන්නේ...
Hiru Tv Blog
මේ වසරේ පළමු සූර්යග්‍රහණය ඊයේ(08) දිස්වුණ අයුරු මේ ආකාරයෙන් සටහන් වෙලා තිබුණා.....
Hiru Tv Blog
"යක්ෂයාගේ වල්ගා තරුව" හෙවත් 12P/පොන්ස්-බෲක්ස් යනුවෙන් හඳුන්වන වල්ගා තරුව වසර 71කට...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Hiru Tv Blog
Friday, 19 January 2024
Hiru Tv Blog 645 Views
Top