ලාංකීය සිනමාවේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් කරළියට එන ගජමෑන් 3D චිත්රපටය මෙන්න
Wednesday, 09 May 2018 - 15:11 | Views - 8,792
ශ්රී ලාංකීය සිනමාවේ ප්රථම වරට එළිදැක්වීමට නියමිත 3D සිනමාපටයේ පූර්ව ප්රචාරක පටය ඊයේ දිනයේදී අන්තර්ජාලයට මුදාහැරුණා. ගජමෑන් නමින් එළිදැක්වෙන මෙම සිනමාපටය ශ්රී ලාංකීය සිනමාලෝලීන්ට ඉදිරිපත් කරන්නේ Studio 101 motion pictures ආයතනයයි. මෙම චිත්රපටය අධ්යක්ෂණය කර ඇත්තේ චානක පෙරේරා වන අතර මෙහි චූටි මල්ලි, පොඩි මල්ලි, සුනිල් පෙරේරා, යුරේනි නොෂිකා, රශි පබෝධා, දසුන් පතිරණ සහ තවත් සුපිරි රංගන ශිල්පීන් හඬ කැවීමෙන් දායකවනු ඇත.
කැමිලක් පෙරේරා විසින් නිර්මාණය කරන ලද ප්රසිද්ධ කාටුන් චරිතයක් වන ගජමෑන්, මෙලෙස 3D සිනමාපටයකට ගොඩනැගීම ලාංකීය සිනමාවේ හැරවුම් ලක්ෂයක් වනු බවට බොහෝදෙනාගේ අදහසයි.
Share This Article