ජස්ටින් බීබර් පසුගිය දවසක රාත්‍රියේ බටහිර හොලිවුඩ් ප්‍රදේශයෙන් මෝටර් රථය පදවාගෙන යද්දී ඔහුගේ රථය තවත් රථයක ගැටුණා. මෙයින් ඔහුගේ මර්සඩීස් බෙන්ස් රථයේ පසුපස කොටසට අලාභ හානි සිදුවූ බවයි හොලිවුඩ් මාධ්‍ය පවසන්නේ. අනතුර සිදුවූ හැටියට නම් වරද ඇත්තේ බීබර් අතේ නම් නොවෙයි. පිටුපසින් ධාවනය වූ රේන්ජ් රෝවර් රථයේ රියැදුරා තමයි වරද කර ඇත්තේ.
බීබර්ගේ රථයේ ඇති නවීන අංගෝපාංගයන් හේතුවෙන් අනතුර එසැණින් ම එම ප්‍රදේශයේ නීතිය ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරියා වෙත වාර්තා වී තිබුණා. ඒ අනුව පොලිස් නිලධාරීන් අනතුර සිදුවූ ස්ථානයට පැමිණෙන විට බීබර් සහ අනෙක් රථයේ රියැදුරු අතර කතා බහක් ඇතිවී තිබූ බවයි පැවසෙන්නේ. ඒ මොහොතේ බීබර්, තම රථය පදවාගෙන ගොස් ඇත්තේ තනිවමයි.