ශ්‍රී ලාංකීය ටෙලිවිෂනයේ වින්දනාධිපති වන හිරු ටී.වී, උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නවමු අත්දැකීමක් ප්‍රෙක්ෂක ජනතාවට තිළිණ කරමින් කරමින් හිරු අවුරුදු කුමරා කුමරිය අභිසෙස් ගැන්වීම ඊයේ (13) අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා.
මෙම වැඩසටහන පැවැත්වුනේ සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු විශේෂ වැඩසටහන තුළිනුයි.
" අවුුරුදු කුමර කුමරියන් රජවන අලුත් අවුරුදු මෞලි මංගල්‍ය හිරු අවුරුදු කුමර කුමරියෝ 2018" පළමු වටයේ තෝරා ගැනීම් සහ දෙවන වටයේ තෝරාගැනීම් පසුගියදා පැවැත්වුනේ බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේදී සහ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්රයේදීයි .
එයට තරඟකරුවන් දසදහසක් පමණ සම්බන්ධ වෙන්න අයදුම්පත් ඒවා තිබුණු අතර ඔවුන් ක්ෂේත්රයේ ප්‍රවීණ විනිසුරු මඩුලු යටතේ විනිශ්චයට ලක් වුනු අතර ඒ අතුරින් තෝරා ගත් තරගකරුවන් සියළුදෙනා ඊයේ (13) පැවැත්වූ අවසන් මහා තරගයට සහභාගි වුණා.
මෙම අවස්ථාව සඳහා ගෞරවනීය විනිශ්චය මණ්ඩලය ලෙස එක් වූයේ ප්‍රවීණ රංගන ශිල්පිනී සබීතා පෙරේරා , ප්‍රවීණ මෝස්තර හා රූපලාවන්‍ය ශිල්පී මයිකල් විජේසූරිය , ප්‍රවීණ රූපලාවන්යවේදිනී රමණී ප්‍රනාන්දු , සහ ප්‍රවීණ රංගනවේදි කමල් අද්දරආරච්චි.
" අවුුරුදු කුමර කුමරියන් රජවන අලුත් අවුරුදු මෞලි මංගල්‍ය හිරු අවුරුදු කුමර කුමරියෝ 2018" සම්පූර්ණ වැඩසටහන පහතින් බලන්න