දිස්ත්‍රික්ක 6ක ඇඳිරි නීතිය යළි දැනුම්දෙන තෙක් - හෙට තාවකාලිකව ඇඳිරි නීතිය ඉවත් කෙරෙන ප්‍රදේශවලට 14 දක්වා යළි ඇඳිරි නීතිය
Wednesday, 08 April 2020 - 19:22 | Views - 1,152
කොරෝනා වෛරසය ව්‍යාප්තියේ ඉහළ අවදානමක් සහිත කලාප ලෙසට හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය යළි දැනුම්දෙන තෙක් බලාත්මක වන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
සෙසු සියලු දිස්ත්‍රික්වල හෙට (09) උදෑසන 6 ට ඇඳිරි නීතිය ලිහිල් කෙරෙන අතර එදිනම සවස 4ට යළි පනවනු ලැබෙනවා.
මෙම දිස්ත්‍රික්කවලට එලෙස ක්‍රියාත්මක කෙරෙන ඇඳිරි නීතිය අප්‍රේල් 14 අඟහරුවාදා උදෑසන 6ට ඉවත් කර එදිනම සවස 4ට යළි ක්‍රියාත්මක කෙරෙනවා.
කොරෝනා වෛරස ව්‍යාප්තිය නතර කිරීම වෙනුවෙන් ඇඳිරි නීතිය පැනවීම ඇතුලු ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ ජනතාවගේ යහපත වෙනුවෙන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.
එබැවින් ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් ඇතිවන දුෂ්කරතා අවබෝධයෙන් සහ වගකීමෙන් යුතුව ඉවසා සිටින්නැයි රජය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
එසේම අලුත් අවුරුදු සමය තුළ චාරිත්‍ර වාරිත්‍ර සහ පුද්ගල සබඳතා පවුලේ සාමාජිකයන්ට පමණක් සීමා කරන ලෙසටයි අවධාරණය කෙරෙන්නේ.
අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා.
අත්‍යවශ්‍ය සේවා කාර්යක්ෂමව පවත්වාගෙන යාම වෙනුවෙන් යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරනු ලබනවා.
ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගත හැකිවන පිරිදි නොකඩවා සැපයීමටයි රජය සියලු විධි විධාන සලසා ඇත්තේ.
කවර දිස්ත්‍රික්කයක වුව ද ගොවිතැන් වැඩ කරන සහ කුඩා තේ වතු හා අපනයන භෝග නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත ජනතාවට අදාළ වැඩ කිරීමට අවසර පවතිනවා.
කොළඹ, කළුතර සහ මහනුවර දිස්ත්‍රික්කවල හුදෙකලා ප්‍රදේශ ලෙසට නම්කර ඇති ගම්මාන හුදෙකලා ප්‍රදේශ ලෙසට තවදුරටත් සලකනු ලබනවා.
කිසිවෙකුට හෝ මෙම ගම්මානවලට ඇතුළුවීම හෝ ඉන් පිටවීම නැවත දැනුම්දෙන තෙක් සම්පූර්ණයෙන් තහනම් බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.
Share This Article