ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්ත වැසියන්ට හිමාල කඳුවැටිය පියවි ඇසින් සජීවීව දැක ගැනීමේ අවස්ථාව ලැබි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
ඒ, ඉන්දියාවේ සියලු කර්මාන්ත ශාලා අක්‍රියව පැවැතීම හේතුවෙන්.
කොවිඩ් 19 වෛරසය ඉන්දියාව පුරා පැතිරීමත් සමග ඉන්දිය රජය රට පූර්ණ වශයෙන් Lockdown කිරීමටයි තීරණය කළේ.
ඒ හේතුවෙන්, වාහන ගමනාගමනය ද සම්පූර්ණයෙන් අත්හිටුවා ඇති අතර පරිසරයට එකතු වන අහිතකර වායු අවම වී තිබෙනවා.
ඉන්දියාවේ කාර්මිකකරණය වී ඇති බොහෝ නගර විශාල ලෙස වායු දූෂණයට ලක්ව ඇති අතර දහවල් පවා ඝන මීදුම් පටලයක් දැක ගත් හැකිව තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත් මේ වනවිට වායු දූෂණය අවම වීම හේතුවෙන් එම මීදුම් පටලය අතුරුදන්ව ඇති බව සදහන්.
වායු දූෂණය අවමවීම හේතුවෙන්, මේ වනවිට පන්ජාබයට කිලෝමීටර් 200 කට වඩා වැඩි දුරකින් පිහිටි හිමාල කඳුවැටිය පන්ජාබ් ජනතාවට සිය නිවසේ සිට පියවි ඇසින් දැක ගැනීමට හැකිව තිබෙනවා.
ඇතැම් පන්ජාබ් වැසියන් පවසන්නේ මෙම අතිශය සුන්දර දර්ශනය දැක ගැනීමට හැකිවූයේ සිය ජීවිතේ පළමුවරට බවයි.
පන්ජාබ් වැසියන් එම අසිරිමත් දර්ශනය ඡායාරූප ගත කරමින් එම ඡායාරූප සමාජ මාධ්‍ය හරහා මේ වනවිට ලොවපුරා ව්‍යාප්ත කරමින් සිටින බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.