ණය සහන ලබා ගැනීමට බැංකුව අමතන්න
Wednesday, 01 April 2020 - 9:24 | Views - 2,098
බැංකු වලින් ලබාගෙන ඇති ණය සදහා රජය නිර්දේශ කර ඇති සහන ලබා ගැනීම සදහා තමන් ණය ලබා ගත් බැංකුව දැනුවත් කරන ලෙස ශ්‍රී ලංකා මහබැංකුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

එහි නියෝජ්‍ය අධිපති එච්.ඒ.කරුණාරත්න කියා සිටියේ ඊ-මේල් හෝ තමන් ණය ලබා ගත් බැංකු ශාඛාව අමතා ණය සහන ලබා ගැනීමට කටයුතු කළ හැකි බවයි.

කොරෝනා වෛරසය හමුවේ අපහසුතාවයට පත්ව සිටින ජනතාවට රජය ලබාදී ඇති බැංකු සහන ක්‍රියාත්මක වන්නේ ද යන්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහබැංකුව පසුවිපරමක් ද ආරම්භ කර තිබෙනවා.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ අපහසුතාවට පත්ව සිටින ජනතාවට සහන රැසක් ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගියදා තීරණය කළා.

ඒ අනුව, ආදායම් බදු, වැට් බදු සහ වරිපනම් බදු ගෙවීමට අප්‍රේල් 30 වනදා දක්වා කාලය ලබාදී තිබෙනවා.

ඊට අමතරව රුපියල් 50,000 ට අඩු මාසික ණයපත් හෙවත් ක්‍රෙඩිට් කාඞ් සදහා ද, සහන ගෙවීම් කාලයක් ලබාදීමටයි රජය කටයුතු කළේ.

එමෙන්ම, ත්‍රිරෝද රථ හිමියන්ගේ ලීසිං ණය වාරික අය කර ගැනීම මාස 6 කට අත්හිටුවීම, බැංකු හා මූල්‍ය ආයතන විසින් ලබා දී ඇති රුපියල් ලක්ෂ 10ට අඩු පෞද්ගලික ණය අය කර ගැනීම මාස 3 කට අත්හිටුවීමට ද රජය සියලූම මූල්‍ය ආයතනවලට දැනුම් දී තිබෙනවා.

මීට අමතරව, සංචාරක, ඇගලූම්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සදහා මාස 6 ක සහන කාලයක් ලබාදීමට ද පියවර ගැනුණා.

Share This Article
Hiru Tv Blog
රට වටේම මුහුදක් තිබුණත් අපේ රටේ මත්ස්‍ය...
Hiru Tv Blog
අපේ සිරුරේ නිසි ක්‍රියාකාරීත්වය සඳහා...
Hiru Tv Blog
ඕනෑම ආකාරයක ව්‍යායාම ක්‍රමයක් සෞඛ්‍යයට...
Hiru Tv Blog
Wednesday, 20 May 2020 - 15:27
Hiru Tv Blog 1,193 Views
පහසුවෙන්ම හොඳ ප්‍රෝටීන් සැපයුමක් ලබාගත...
Hiru Tv Blog
අමතකවීම් වළක්වා, බෝ නොවන රෝග නසා වියපත්...
Hiru Tv Blog
ඉතා කෙටි කලක් තුළ තරුණයින්ගේ සිත් පැහැරගත් ඉන්දිය නිළියක වන රශ්මිකා මන්දනා...
Hiru Tv Blog
ජනප්‍රිය ඉන්දීය සිනමා නිළියක් වන රාධිකා අප්තේ ‘කොරෝනා’ වෛයිරසය හේතුවෙන්...
Hiru Tv Blog
පීතෘත්වය ලැබීමෙන් පසු සිය මව නැතිවූ මොහොතේ දැනුනු වේදනාකාරී හැගීම් මතකයට නැඟුණු...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top