ජනතාවට දුන් ණය සහන ලැබුණේ දැයි, මහබැංකුව සොයයි
Tuesday, 31 March 2020 - 13:20 | Views - 2,776
කොරෝනා වෛරසය හමුවේ අපහසුතාවට පත්ව සිටින ජනතාවට රජය විසින් ලබාදී ඇති බැංකු සහන ක්‍රියාත්මක වන්නේ ද යන්න පිළිබදව ශ්‍රී ලංකා මහබැංකුව පසු විපරමක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව මහබැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙරට සියළුම වාණිජ බැංකු මගින් අදාළ පහසුකම් ලබාදෙන්නේදැයි පසු විපරමක් මේ වන විටත් ආරම්භ කර ඇති බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

වෛරසය හමුවේ අපහසුතාවට පත්ව සිටින ජනතාවට සහන රැසක් ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මීට පෙර කටයුතු කර තිබුණා.

ඒ අනුව ත්‍රිරෝද රථ හිමියන්ගේ ලීසිං ණය වාරික අය කර ගැනීම මාස 6කට අත්හිටුවීම, බැංකු හා මූල්‍ය ආයතන විසින් ලබාදී ඇති රුපියල් ලක්ෂ 10ට අඩු පෞද්ගලික ණය අය කර ගැනීම මාස 3කට අත්හිටුවන ලෙසටයි රජය සියළුම මූල්‍ය ආයතනවලට දැනුම් දුන්නේ.

මීට අමතරව සංචාරක, ඇඟලූම්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා මාස 6ක සහන කාලයක් ක්‍රියාත්මක කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම, රුපියල් 50,000ට අඩු මාසික ණයපත් හෙවත් කෙඩි‍්‍රට් කාඞ් සඳහා ද ගෙවීමට සහන කාලයක් ලබාදීමටයි රජය කටයුතු කර තිබුණේ.

කෙසේ වෙතත්, රජය විසින් ජනතාවට ලබාදී ඇති මෙම මූල්‍ය සහන අදාළ බැංකු මගින් ක්‍රියාත්මක වන්නේ ද පිළිබදව අප සොයා බැලීමක් කළා.

රාජ්‍ය බැංකු වන මහජන බැංකුව සහ ලංකා බැංකුව ඇතුළු අනෙකුත් බැංකු මෙම සහන ජනතාවට ලබාදීම සම්බන්ධයෙන් මේ වන විටත් කටයුතු කර අවසන්.

රජයේ බැංකුවලට අමතරව පෞද්ගලික අංශයේ බැංකු ද මේ වන විටත් රජය විසින් ලබාදී ඇති ණය සහන සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට කටයුතු කර තිබෙනවා.

Share This Article
Hiru Tv Blog
බඩ ඉදිරියට නෙරා ඒම විශේෂයෙන්ම පිරිමි ඔයාලට...
Hiru Tv Blog
ශ්‍රී ලංකාව ඝර්ම කලාපයට අයත් රටකි. මේ ඝර්ම...
Hiru Tv Blog
ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (STIs) සහ HIV සම්ප්‍රේෂණය...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ, පැණි රස කෑම ගැන, ඔබත් පැණිරස...
Hiru Tv Blog
කරවිල කිව්ව ගමන් ඉතින් අපිට මතක් වෙන්නේ...
Hiru Tv Blog
තරින්දි ප්‍රනාන්දු කියන්නෙ බොහෝම කෙටි කාලයකින් ප්‍රේක්ෂකයින් ට සමීප වුණු...
Hiru Tv Blog
යුරේනි අපි හැමෝම ආදරය කරන ජනප්‍රියම නිළියක්.ඇයට ප්‍රේක්ෂකයන්ගේ ආදරේ අඩුවක්...
Hiru Tv Blog
පාලිත තෙවරප්පෙරුම හැමෝම ආදරය කරපු චරිතයක්.ඒත් අවාසනාවන්ත විදියට විදුලි සැර...
Hiru Tv Blog
පූර්ණ සූර්යග්‍රහණයක මීළඟ අත්දැකීම විඳගැනීමට ශ්‍රී ලංකාවාසීන්ට හැකිවන්නේ...
Hiru Tv Blog
මේ වසරේ පළමු සූර්යග්‍රහණය ඊයේ(08) දිස්වුණ අයුරු මේ ආකාරයෙන් සටහන් වෙලා තිබුණා.....
Hiru Tv Blog
"යක්ෂයාගේ වල්ගා තරුව" හෙවත් 12P/පොන්ස්-බෲක්ස් යනුවෙන් හඳුන්වන වල්ගා තරුව වසර 71කට...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Hiru Tv Blog
Friday, 19 January 2024
Hiru Tv Blog 648 Views
Top