වූහාන් නගරයේ කොටසක් මාස දෙකකට පසු අද යළි විවෘත කරයි
Saturday, 28 March 2020 - 17:18 | Views - 568
කොරෝනා වෛරසයේ වසංගත තත්ත්වයත් සමග වසා දැමුණු චීනයේ - වූහාන් නගරයේ කොටසක් අද යළි විවෘත කර තිබෙනවා.
වෛරසය බිහිවූ බවට සැලකෙන වූහාන් නගරයේ කොටසක් යළි විවෘත කරනු ලැබුවේ මාස 2 කට පසුවයි.
ඒ අනුව, ජනතාවට වූහාන් නගරයට ඇතුළු වීමට ඉඩ ලබාදෙන අතර යළි පිටවීමට අවසර හිමි වන්නේ නැහැ.
චීනයේ - හුබෙයි පළාතේ වූහාන් නගරයේ කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 50,000කට වැඩි පිරිසක් වාර්තා වූ අතර, එම ප්රදේශයේ පමණක් 3000ක පමණ පිරිසක් ජිවිතක්ෂයට පත්වුණා.
Share This Article