ඩුබායි රටින් කොරෝනා අරන් ඇවිත් ගම පුරා ඇවිද්ද ගැමියා නිසා අටලුගමට සීල් තබයි
Saturday, 28 March 2020 - 13:19 | Views - 2,553
ඩුබායි රටේ දින 2 ක් ගත කර පසුගිය 19 වෙනිදා මෙරටට පැමිණි පුද්ගලයෙකු දින 6 ක කාලයක් තිස්සේ කළුතර බණ්ඩාරගම අටුලුගම ප්‍රදේශයේ සැරි සරා පුද්ගලයන් රැසක් ඇසුරු කර තිබූ අතර ඔහු ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව දැන් හඳුනාගෙන ඇති බව සදහන්.

වෛරසය පැතිරයාම වළැක්වීමේ අරමුණින් අටුළුගම ග්‍රාමය ඊයේ (2) පස්වරුවේ සිට සීල්තබා සම්පුර්ණයෙන් වසා තැබීමට ආරක්ෂක අංශ පියවර ගෙන තබෙනවා.

වෛරසය ආසාදිත යැයි තහවුරු වූ පුද්ගලයාගේ පියා සහ සහෝදරියද එම රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් අද (28) පෙරවරුවේ 1990 සුවසැරිය ගිලන් රථයෙන් කලුතර නාගොඩ මහ රෝහල හරහා පිටත් කල බව බණ්ඩාරගම සෞ‍බ‍්‍ය වෛද‍්‍ය කාර්යාලය මේ අතර ප්‍රකාශ කර තිබෙනවා.

මෙම ගමේ සිට ඩුබායි ගිය ඔහු ගැමියන් අතර ප්‍රකට අයෙකු බවත් නිරන්තරයෙන් එක්වී කතා කරන්නෙකු බවත් හඳුනාගෙන තිබෙනවා. ඔහුට එතෙරදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර ඔහු ඒ බව නොදැන ගමේ නිවෙස් බොහොමයකට ගොස් ආගිය කතා කථාකරමින් සිට ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවත් සදහන්.

ඒ අනුව අටළුගම නිවාස 26 ට අයත් පුද්ගලයන් 200 දෙනකු පමණ සම්පුර්ණයෙන්ම ස්වයං නිරෝධායනයකට ලක්කර තිබෙනවා. කිසිවකුට ගමෙන් පිටවීමට හෝ ගමට ඇතුලූ වීමට හෝ අවසර නොදෙන බව ආරක්ෂක අංශ කියයි.

පොලිස් විශේෂ කාර්යය බලකාය සහ යුද හමුදාවේ නිලධාරීන් යොදවා සීල් තැබූ ගමේඇඳීරිනීතිය දැඩිව ක්‍රියාත්මක කර ඇති බවද පොලිසිය සදහන් කරයි.
Share This Article
Hiru Tv Blog
රට වටේම මුහුදක් තිබුණත් අපේ රටේ මත්ස්‍ය...
Hiru Tv Blog
අපේ සිරුරේ නිසි ක්‍රියාකාරීත්වය සඳහා...
Hiru Tv Blog
ඕනෑම ආකාරයක ව්‍යායාම ක්‍රමයක් සෞඛ්‍යයට...
Hiru Tv Blog
Wednesday, 20 May 2020 - 15:27
Hiru Tv Blog 1,190 Views
පහසුවෙන්ම හොඳ ප්‍රෝටීන් සැපයුමක් ලබාගත...
Hiru Tv Blog
අමතකවීම් වළක්වා, බෝ නොවන රෝග නසා වියපත්...
Hiru Tv Blog
ඉතා කෙටි කලක් තුළ තරුණයින්ගේ සිත් පැහැරගත් ඉන්දිය නිළියක වන රශ්මිකා මන්දනා...
Hiru Tv Blog
ජනප්‍රිය ඉන්දීය සිනමා නිළියක් වන රාධිකා අප්තේ ‘කොරෝනා’ වෛයිරසය හේතුවෙන්...
Hiru Tv Blog
පීතෘත්වය ලැබීමෙන් පසු සිය මව නැතිවූ මොහොතේ දැනුනු වේදනාකාරී හැගීම් මතකයට නැඟුණු...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top