මාස 9ක පැටව් දෙන්නෙකුත් එක්ක කාමරේකට ගුලිවෙලා ගෙවපු දවස් 14 කවදාවත් අමතක වෙන්නෙ නෑ..
Saturday, 28 March 2020 - 8:36 | Views - 1,762
"COVID 19 හෙවත් කොරෝනා වසංගතය අපේ රටේ ව්‍යාප්තවීම පටන් ගැනීමත් එක්ක කටුනායක ගුවන්තොටුපළින් රට තුළට එන බොහෝ පිරිසක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත ගෙනගොස් දින 14ක නිරෝධාන ක්‍රියාවලියකට ලක් කරන්න රජය ඉතා දැඩි තීරණයක් ගත්තා ඔබට මතක ඇති.
 
ඉතින් මේ නිරෝධායන වැඩසටහන සාර්ථකව අවසන් පිරිසක් පහුගිය දින දෙක තුන තුළදී ආපසු ඔවුන්ගේ නිවෙස් බලා පිටත්කර හැරියා.

ඊයේ දිනයේත් මේ වගේම 309 දෙනෙකුගෙන් යුතු පිරිසක් දියතලාව යුධ හමුදා කඳවුරේ දින 14 නිරෝධායන වැඩසටහනෙන් පස්සේ ආපසු තමන්ගේ නිවෙස් බලා ගියා.
 
ඒ අතරේ මේ කඳවුරේ දින 14ක් ගතකල එක් තරුණියක් ගෙදර යන්න පිටත් වෙන්න මොහොතකට කලින් තමන්ගේ ෆේස්බුක් ගිණුමේ බොහොම සංවේදී සටහනක් තියලා තිබුණා.
 
මේ ඒ.. සටහන...
 
දින 14 ක නිරෝධා⁣යනයෙන් පසු,
අද ගෙදර යමි
ජීවිතේට ලැබුනු වෙනස්ම අත්දැකීමක්.
දුෂ්කරතා බොහොමයක් තිබුනත් හැමදේම
ඉවසගෙන මාස 9 ක පැටව් දෙන්නෙකුත්
එක්ක කාමරේකට ගුලිවෙලා
ගෙවපු දවස් 14 කවදාවත්
අමතක වෙන්නෙ නෑ.
 
තුන්වේල කන්න දීලා පුළුවන් උපරිමයෙන් අපේ
අවශ්‍යතා ඉටුකරලා.එන දවසෙ උදේටත් කෑමත්,
මඟදි කන්න දවල් කෑමත් ඔතල දීල අපිව බලාගත්ත
#SLARMY ගොඩක් ස්තුතියි
ඒ වගේම ගුවන් තොටුපලේ ඉඳන් මේ දක්වා ආපු ගමනේදි
ගොඩක් සුන්දර හදවත් තිබුන මිනිසුන් මුන ගැහුනා.
අපි හොදයි කියල හිතපු අය ⁣උදව් නොකරපු
වෙලාවල් වලදි..කවදාවත් දැකල නැති අය අපිට උදව් කලා.
 
තාමත් අපේ ලංකාවෙ
මනුස්සකම ඉතුරැවෙලා තියෙනවා
 
අන්තිමට කියන්නේ කවුරැත් කලබල වෙන්න එපා
අපි ගෙදර එනවට,
 
#කොරියාවෙ_අපේ_අය_ලංකාවට_වෛරස්_ගෙනාවෙ_නෑ
 
නදී සමරසිංහ
දියතලාව.

Share This Article
Hiru Tv Blog
රට වටේම මුහුදක් තිබුණත් අපේ රටේ මත්ස්‍ය...
Hiru Tv Blog
අපේ සිරුරේ නිසි ක්‍රියාකාරීත්වය සඳහා...
Hiru Tv Blog
ඕනෑම ආකාරයක ව්‍යායාම ක්‍රමයක් සෞඛ්‍යයට...
Hiru Tv Blog
Wednesday, 20 May 2020 - 15:27
Hiru Tv Blog 1,197 Views
පහසුවෙන්ම හොඳ ප්‍රෝටීන් සැපයුමක් ලබාගත...
Hiru Tv Blog
අමතකවීම් වළක්වා, බෝ නොවන රෝග නසා වියපත්...
Hiru Tv Blog
ඉතා කෙටි කලක් තුළ තරුණයින්ගේ සිත් පැහැරගත් ඉන්දිය නිළියක වන රශ්මිකා මන්දනා...
Hiru Tv Blog
ජනප්‍රිය ඉන්දීය සිනමා නිළියක් වන රාධිකා අප්තේ ‘කොරෝනා’ වෛයිරසය හේතුවෙන්...
Hiru Tv Blog
පීතෘත්වය ලැබීමෙන් පසු සිය මව නැතිවූ මොහොතේ දැනුනු වේදනාකාරී හැගීම් මතකයට නැඟුණු...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top