කොරෝනා නිසා රටම Lockdown - ආයේ ක්‍රිකට් ගැහිලි බෑ - බිරිඳගේ අඩත්තේට්ටම්වලට ලක් වූ සුපිරි ක්‍රීඩකයාට වෙච්ච දේ මෙන්න
Friday, 27 March 2020 - 11:15 | Views - 2,763
කොරෝනා හේතුවෙන් ලොව පුරා ඇතිවෙලා තියෙන තත්ත්වය ගැන අපි ඔබට අමුතුවෙන් කියන්න ඕනි නැහැ. මේ ව්‍යවසනයෙන් පස්සෙ ලෝකේ සුපිරි, ජනප්‍රිය චරිතවලටත් ගෙවල්වලට කොටු වෙන්න සිද්ධ වුණා.
විශේෂයෙන්ම ඔබ දන්නා හඳුනන සුපිරි ක්‍රීඩකයනුත් මේ අතර ඉන්නවා. කොරෝනා ඔවුන්ට තදබල පහරක් එල්ල කර ඇති බව රහසක් නෙවෙයි.
මේ වෙනකොට මුළු ඉන්දියාවම Lockdown. ක්‍රීඩකයින්ට තියා සාමාන්‍ය මිනිහෙකුටවත් එළියට බහින්න විදිහක් නැහැ.
ඒ වගේ තත්ත්වයක් තුළ ක්‍රීඩකයින් සිය නිවසේ ගෙවෙන කාලය කා දමන්න අපූරු දේ සිදු කරනවා.
ඔන්න ඊයේ පෙරේදා දවසක ශිකර් ධවාන් (Shikhar Dhawan) කියන ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයාගේ අපූරු වීඩියෝවක් එළියට ඇවිල්ලා.
මේක ඇත්තටම ටිකක් හාස්‍යජනක වීඩියෝ එකක්. සමාජ මාධ්‍ය උණුසුම් කරපු මේ වීඩියෝවේ සුපිරි ක්‍රීඩකයා රෙදි පිළි හෝදන හැටි ඔබටත් බලන්න පුළුවන්.
Share This Article