යාපනය හැර උතුරු පළාතේ සෙසු දිස්ත්‍රික්කවලට සහ පුත්තලමට - ඇඳිරි නීතිය පැය 08 කට ඉවත් කෙරේ
Friday, 27 March 2020 - 8:28 | Views - 914
පුත්තලම, වව්නියාව, මන්නාරම, කිලිනොච්චි සහ මුලතිව් යන දිස්ත්‍රික්කවලට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන හයට තාවකාලිකව ඉවත් කරනු ලැබුවා.

එය පස්වරු 02 ට යළි පැනවෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. එම ප්‍රදේශවල ජනතාවට අත්‍යවශ්‍ය සේවාවන් ඉටුකර ගැනීම සඳහා පහසු වන සේ මෙලෙස ඇඳිරි නීතිය ඉවත් කෙරුණද රජය ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් අනුව කටයුතු කරන ලෙසයි.

මෙම දිස්ත්‍රික්ක හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක සියල්ලටම ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගත් කොළඹ, ගම්පහ, කළුතර සහ යාපනය යන දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය නැවත දැනුම්දෙනතුරු දීර්ඝ කිරීමටයි මීට පෙර පියවර ගත්තේ.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූවද,  ඕනෑම දිස්ත්‍රික්කයක ගොවිතැන් කටයුතු සහ කුඩා තේ වතු මෙන්ම අපනයන භෝග නිෂ්පාදන කටයුතුවල යෙදෙන ජනතාවට ඒ සඳහා අවසර හිමිවනවා.

සහල් ඇතුලූ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මෙන්ම එළවළු ප්‍රවාහනයටද තවදුරටත් ඉඩ සැළසෙන බවයි රජය නිවේදනය කළේ.
Share This Article
Hiru Tv Blog
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ...
Hiru Tv Blog
නිවැරදි දෑත් සේදීම සහ මුඛ ආවරණ පැළදීම කෙරෝනා...
Hiru Tv Blog
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයේ...
Hiru Tv Blog
නම් කරන ලද රටවල් ගණනාවකින් පැමිණෙන ශ්‍රී...
Hiru Tv Blog
"සුදුලූණු කනව නම්, ඉගුරු තම්බල බොනව නම්...
Hiru Tv Blog
Covid 19 මේ වෙද්දී ලෝකයක්ම කණපිට හරවලා. ලෝකයේ දන්න කියන හැම අහුමුල්ලකම රිංගගත්ත මේ...
Hiru Tv Blog
මේ වන විට ලෝකය වෙළා ගනිමින් සිටින කොරෝනා වෛරසය හා සටන් වදින වෛද්‍යවරුන් සහ අනෙකුත්...
Hiru Tv Blog
පොදු ස්ථානවලින් හැකි තරම් ඉවත්ව සිටින ලෙස හින්දි සිනමාවේ දැවැන්තයෙකු මෙන්ම...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Hiru Tv Blog
පසුගියදා පැවැති RightsCon නමැති ඩිජිටල් යුගයේ මානව හිමිකම් පිළිබඳ වූ සමුළුවේදී කතාබහට...
Top